ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w03 5/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආවේශ වූ පිරිමි ළමයාව සුව කරයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් කපර්ණවුමේදී බලවත් ක්‍රියා කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • භූතයෙක් ආවේශ වුණු පිරිමි දරුවෙක්ව යේසුස් සුව කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w03 5/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රිස්තියානියෙකුට කටහඬවල් ඇසේ නම් ඉන් අදහස් වන්නේ ඔහු භූත බලපෑමට හසු වී ඇති බවද?

නැත. භූතයන් ඒ ආකාරයෙන් බලපෑම් කරන බව වාර්තා වී ඇතත්, කටහඬවල් ඇසීම හෝ අද්භූත, ව්‍යාකූල හැඟීම් ඇතිවීම වෛද්‍යමය ප්‍රතිකාර ලැබිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බව පරීක්ෂණවලින් සොයාගෙන තිබේ.

පෙනෙනාකාරයට පළමුවන සියවසේදී පවා වටහාගෙන තිබූ කාරණයක් වන්නේ, සමහර අවස්ථාවලදී භූතයන්ගේ පහර දීමත් ශාරීරික සෞඛ්‍ය ගැටලු මගින් ඇති කරන බලපෑමත් එක සමාන බවය. යේසුස් විසින් සුව කරනු ලැබූ යෞවනයෙකු පිළිබඳව මතෙව් 17:14-18හි අපට කියවා බැලිය හැක. එම යෞවනයා දරුණු මීමැස්මොර රෝග ලක්ෂණයන් පිළිබිඹු කර තිබුණත්, ඇත්තෙන්ම ඔහුට එම වේදනාව ඇති කළේ භූතයෙකි. කෙසේවුවද, ඊට කලින් වතාවක, සුවය ලැබීම සඳහා යේසුස් වෙතට රෝගීන් ගෙනා විට, ඒ අතර ‘යක්ෂාවේශ වූවෝ හා මීමැස්මොර රෝගීහු’ යන දෙගොල්ලෝම සිටියෝය. (මතෙව් 4:24) මින් පැහැදිලි වන්නේ, ඇතැම් මීමැස්මොර රෝගීන්ට භූත බලපෑමක් නොතිබූ බව හඳුනාගෙන සිටි බවය. ඔවුන්ගේ ගැටලුව ශාරීරික එකක් විය.

බොහෝවිට වෛද්‍ය ප්‍රතිකාරවලින් සුව කළ හැකි භින්නෝන්මාදයෙන් පෙළෙන සමහරෙකුට කටහඬවල් ඇසෙන බවත් භූත බලපෑමක් මෙන් පෙනිය හැකි වෙනත් රෝග ලක්ෂණ අද්දකින බවත් වාර්තා වී ඇත.a වෙනත් ශාරීරික තත්වයන්ද මානසික ව්‍යාකූලත්වයක් ඇති කළ හැකි අතර ඒවා භූත බලපෑම් කියා සමහරෙකු වරදවා වටහාගත හැක. මෙබැවින්, කටහඬවල් ඇසෙන බව හෝ වෙනත් ව්‍යාකූල හැඟීම් ඇති වන බව පවසන කෙනෙකු එය භූත හිරිහැරයක්ද කියා සොයා බැලීමට උත්සුක විය හැකි වුවත්, ඔහු අද්දකින දෙය පිටුපස යම් ශාරීරික හේතුවක් තිබේදැයි සෝදිසි කර බැලීමටද අනිවාර්යයෙන්ම ඔහුව දිරිගැන්විය යුතුය.

[පාදසටහන]

a මුරටැඹ සඟරාව සමඟම පළ වන පිබිදෙව්! සඟරාවේ 1987, 7-1 කාණ්ඩයේ “මානසික අසනීප පිළිබඳ අභිරහස පැත්තකට දැමීම” නමැති ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න