ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/00 8 පි.
  • කොහොම හරි ආපසු යන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කොහොම හරි ආපසු යන්න!
  • 2000 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • නැවත බැලීම් බයිබල් පාඩම්වලට මඟ පාදයි
    2003 අපගේ රාජ්‍ය සේවාව
  • “නිසි නැඹුරුවාවක්” ඇති අයට උපකාර කරන්න
    2003 අපගේ රාජ්‍ය සේවාව
  • සේවයේ දක්ෂ වීමට තොරතුරු වාර්තා කරගන්න
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • ප්‍රමාද නොකර නැවත බැලීම් කරන්න
    2009 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2000 අපගේ රාජ්‍ය සේවාව
km 4/00 8 පි.

කොහොම හරි ආපසු යන්න!

1 “හොඳ නැවත බැලීමක් හම්බ වුණා. කොහොම හරි ආපහු යන්න ඕනෙ.” කවදාහරි දවසක මේ වගේ දෙයක් ඔබේ මුවින් පිට වී තිබෙනවාද? ඒත්, පසුව උනන්දුව දැක්වූ පුද්ගලයා ඉන්න තැන පවා ඔබට අමතක වී තිබෙනවාද? මේ වගේ අමතක වීම් ඔබට සිදු වී තිබෙනවා නම්, ඒවා වළක්වාගන්න පුළුවන් ක්‍රමයක් වන්නේ අදාළ විස්තර සටහන් කරගැනීමයි.

2 හැම විස්තරයක්ම ලියාගන්න: උනන්දුව දක්වන කෙනෙකු සමඟ ඔබ සාකච්ඡා කළ දේවල් අමතක වෙන්න කලින්, නැවත හමුවීමේදී ප්‍රයෝජනවත් වන හැම විස්තරයක්ම ලියාගන්න. පුද්ගලයාගේ නම හා ඔහුව හඳුනාගත හැකි ආකාරය සටහන් කරගන්න. ඔහුගේ ලිපිනය මතක තබාගන්න උත්සාහ කරනවා වෙනුවට එය ලියාගන්න. හරියට ලියාගත්තාද කියා නැවත බලන්න. ඔබ ඔහු හෝ ඇය සමඟ කතා කළ කාරණය, කියවන ලද බයිබල් පද හා එම පුද්ගලයාට දුන් පොත් පත් ගැන විස්තර ලියාගන්න.

3 ඊළඟ හමුවීමේදී ඔබ උත්තර දෙන බවට පොරොන්දු වෙමින් යම් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා නම්, එයද සටහන් කරගන්න. උනන්දුව දක්වන පුද්ගලයා ගැන, ඔහුගේ පවුලේ අය ගැන හෝ ආගම ගැන හෝ ඔබට යමක් දැනගන්න ලැබුණා නම්, ඒ දේවල්ද ලියාගන්න. ඊළඟ වතාවේදී ඔබ මේ දේවල් සඳහන් කළොත්, එයින් පෙනී යන්නේ ඔබ එම පුද්ගලයා ගැන සැලකිල්ලක් දක්වන බවයි. අවසාන වශයෙන්, පුද්ගලයාව මුලින්ම හමු වූ දිනය හා වේලාවද ඔබ ආපසු එන බවට පොරොන්දු වූ දවස හා වේලාවද ලියාගන්න. අදාළ තොරතුරු නිවැරදිව ලියාගැනීමෙන් අමතක වීම වළක්වා ගත හැකි අතර, ඔබ ආපසු එන බවට දුන් පොරොන්දුවද ඉටු කළ හැකියි.—1 තිමෝ. 1:12.

4 අදාළ හැම විස්තරයක්ම සටහන් කරගැනීමෙන් පසු, ඒ වාර්තාව ඕනෑම වේලාවක පහසුවෙන් සොයාගන්න පුළුවන් වෙන විදිහට, දේශනා සේවයේ යද්දී රැගෙන යන ඔබේ බෑග් එකේ බයිබලය සහ පොත් පත් සමඟ තබාගන්න. නිවෙස්වල නැති අය ගැන විස්තර සටහන් කරගන්න ගෙයින් ගෙට වාර්තාත්, නැවත බැලීම් ගැන විස්තර ලියාගන්න ගෙයින් ගෙට වාර්තාත් වෙන වෙනම තබාගන්න. උනන්දුව දක්වන අය ගැන නිවැරදි විස්තර සටහන් කරගැනීම හොඳ දෙයක්. ඒත් වැදගත්ම දෙය වන්නේ, අමතක නොකර ඒ අයව නැවත හමුවීමයි!

5 පුද්ගලයා ගැන සිතන්න: දේවසේවය සඳහා සූදානම් වන විට ඔබේ නැවත බැලීම්වල සටහන් නැවත බලන්න. එක් එක් පුද්ගලයා ගැන සිතන්න. නැවත හමු වෙන්න යන විට, සාකච්ඡාව ආරම්භ කළ හැකි හොඳම විදිහ ගැන කල්පනා කරන්න. නිවාස බයිබල් පාඩමක් පටන්ගැනීමට පුද්ගලයාගේ උනන්දුව වඩවන්න පුළුවන් ආකාරය ගැනද සිතන්න. මේ විදිහට දේවල් සැලසුම් කිරීමෙන් ඔබට ඵලදායක දේවසේවකයෙකු විය හැකියි. ඔබ මෙයින් මහත් සතුටක්ද අද්දකින්න යනවා.—හිතෝ. 21:5අ.

6 එහෙමනම්, ඊළඟ වතාවේදී උනන්දුව දක්වන කෙනෙක් හමු වූ විට, ඒ තැනැත්තා ගැන විස්තර මතක තබාගන්න පුළුවන් කියා සිතන්නේ නැතිව එය ලියාගන්න. නැවත යන්න කලින් ලියාගත් විස්තර බලන්න. පුද්ගලයා ගැන සිතන්න. කොහොම හරි ආපසු යන්න!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න