“මම ස්ථිරව සිටිනවා! මම ස්ථිරව සිටිනවා! මම ස්ථිරව සිටිනවා!”
1 ඉහත වදන් පැවසුවේ නාට්සි සමූලඝාතනයෙන් දිවි ගළවා ගත් විශ්වාසවන්ත ක්‍රිස්තියානියෙකු විසිනුයි. වධ හිංසා හමුවෙහි තමන්ගේ විශ්වාසයන් රැකගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් දහස්ගණනක් ගත් අධිෂ්ඨානය එම වදන් ඇසෙන විට සිහිපත් වෙනවා. ඔවුන්ගෙන් සමහරදෙනෙකු අදත් ජීවත් වෙනවා. (එපී. 6:11, 13) ඔවුන්ගේ ධෛර්යය සම්පන්නබව හා ස්ථිරව සිටීමේ ජයග්‍රහණය පිළිබඳ ඇඟ කිලිපොලා යන කතාව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නාට්සි හිංසා හමුවෙහි ස්ථිරව නමැති වීඩියෝ පටයෙන් නැරඹිය හැකියි. මෙය නරඹා තමන්ට ඇති වූ හැඟීම් අන් අය සමඟ බෙදාගන්න කියා සභාවේ සියලුදෙනාවම දිරිමත් කරන්න කැමතියි.
2 වීඩියෝ පටය ඇසුරෙන් සකස් කර තිබෙන මතු දැක්වෙන ප්‍රශ්න මගින් ඔබ දුටු දේවල් ගැන ඔබේ සිතුවිලි පුබුදුවාලිය හැකියි. (1) යෙහෝවාගේ සාක්ෂිකරුවන් නාට්සිවරුන්ට එරෙහිව නිර්භීත ස්ථාවරයක සිටීමට හේතු වූ දේවල් මොනවාද? (2අ) ආචාර කිරීමක් සම්බන්ධයෙන් පැවති එකිනෙකට පටහැනි මත මොනවාද? එයට හේතුව කුමක්ද? (2ආ) මේ තත්වය සාක්ෂිකාර පවුල්වලට බලපෑවේ කෙසේද? (3) ගාල් කඳවුරුවලට සාක්ෂිකරුවන් කී දෙනෙකුව යැව්වාද? කඳවුරුවලදී ඔවුන්ව වෙන් කොට හඳුනාගත්තේ කෙසේද? ගෙස්ටාපෝ පොලිස් නිලධාරීන් ඔවුන්ට සැලකුවේ කෙසේද? (4) නිදහස ලබාගැනීම සඳහා අපේ සහෝදරයන් කරන්න අකැමැති වුණේ කුමක්ද? (5අ) යෙහෝවාගේ සාක්ෂිකරුවන් හිට්ලර්ගේ කෲර පාලනයට එරෙහිව නිර්භීතව කතා කළේ කෙසේද? කවදාද? (5ආ) හිට්ලර් එයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (6) යෙහෝවාගේ සෙනඟ අතර තිබූ සහයෝගිශීලීභාවය ඔවුන්ට මෙන්ම අන් අයටත් ආත්මිකව හා ශාරීරිකව ආරක්ෂාවක් වූයේ කෙසේද? (7) ගාල් කඳවුරක රචනා කළ රාජ්‍යය ගීතිකාව කුමක්ද? (8) ඔබට කුමන දෙයකට මුහුණ දීමට සිදු වුවත් යෙහෝවා කෙරෙහි ඇති ඔබේ පක්ෂපාතකම රැකගැනීමට ඔබ තුළ පෙලඹීමක් ඇති කරන්නේ විශ්වාසවන්ත පුරුෂයන්, ස්ත්‍රීන් හා යෞවනයන්ගේ කිනම් ආදර්ශද? (1999 වාර්ෂික පොතේ, පිටු 144-7 දක්වා බලන්න.) (9) මේ වීඩියෝ පටය නැරඹීමෙන් පසු, යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වශයෙන් ලෝකයේ කොටසක් නොවීම සම්බන්ධයෙන් ඔබට හැඟෙන්නේ කොහොමද?
3 අසාධාරණකම්වලට, තුල්‍ය පීඩනයට මෙන්ම හෘදය සාක්ෂිය හා සම්බන්ධ ප්‍රශ්නවලට මුහුණ දීමේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් එඩිතර ලෙස ප්‍රතිපත්ති රැකගත් ආකාරය පෙන්වන හිංසා හමුවෙහි ස්ථිරව නමැති වීඩියෝ පටය සාක්ෂිකරුවන් නොවන යෞවනයන්ට පවා ප්‍රයෝජනවත් විය හැකියි. ඔබ පහළ ශ්‍රේණියක හෝ ඉහළ ශ්‍රේණියක ඉගෙනගන්න ශිෂ්‍යයෙකු නම්, මේ වීඩියෝ පටයේ තොරතුරු පන්තියේ භාවිත කිරීම සඳහා ගුරුවරුන්ට ලබා දෙන්න ඔබට පුළුවන්. මෙම වීඩියෝ පටය ඔබ ඔබේ ගුරුවරුන්ට ලබා දීමේදී, එය වළ දැමූ ඉතිහාසයේ එතරම් ප්‍රසිද්ධ නොවූ සිදුවීම් මාලාවක් ලෙස හෝ නැත්නම් වැදගත් ආදර්ශ පාඩමක් ඉගෙනගත හැකි වාර්තා වැඩසටහනක් ලෙස හෝ විස්තර කළ හැකියි.
4 හරි දෙය කරමින් ස්ථිරව සිටීමෙන් දෙවිව සතුටු කිරීමට දෙවිගේ ඉගැන්වීම් අපට අවශ්‍ය ආත්මික ශක්තිය ලබා දෙන ආකාරය පෙන්වා දීමට මෙම වීඩියෝ පටය කදිම මෙවලමකි. (1 කොරි. 16:13) සත්‍යය සෙවීමට උනන්දුවක් දක්වන සෑම කෙනෙකුටම මෙය පෙන්වීමට උත්සාහ කරන්න.