සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ සැප්. 15
“හැම ආගමකම වගේ සත්‍යයට ඇලුම් කරන අය ඉන්නවා. ඒ වුණත්, පොදුවේ බලද්දී, ආගම්වලින් මිනිසුන් අතර භේද ඇති කරවන බව පේනවා. අවංක මිනිසුන් අතර එකමුතුකම ඇති කරන්න නම්, මොනවද කරන්න ඕනෙ? [සවන් දෙන්නාගේ ප්‍රතිචාරයෙන් පසු, ශෙපනියා 3:9 කියවන්න.] සැබෑ දෙවි පිළිබඳ දැනුම මගින් ලොව පුරා ඉන්න මිනිසුන්ව එක්සත් කරල තියෙන්නේ කොහොමද කියල මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! ඔක්තෝ. 8
“ආහාර හිඟයක් ඇති වෙන එකක් නැහැ කියල අපෙන් වැඩිදෙනෙක් හිතන්න පුළුවන්. ඒත්, නවීන විද්‍යාවෙන් අපේ බත් පතට තර්ජනයක් එල්ල වෙයි කියලා හිතන්න පුළුවන් ලකුණු පහළ වෙමින් තියෙනවා. මේ ලකුණුවලින් සමහරක් ගැනත් ආහාර ප්‍රශ්නයට ඉදිරියේදී සැබෑ විසඳුමක් ලැබෙන බවට බයිබලයේ සඳහන් ස්ථිර බලාපොරොත්තුව ගැනත් මේ සඟරාවේ සඳහන් වෙනවා.”
මුරටැඹ ඔක්තෝ. 1
“ඉස්සර වගේ නෙමෙයි, අද ඉන්න හුඟදෙනෙක් තුළ දෙවි කෙනෙක් කෙරෙහි ඇදහිල්ලක් නැහැ. ඔයත් මේකට එකඟ වෙයි කියල මම හිතනවා. මේකට හේතුව මොකක්ද? [සවන් දෙන්නාගේ ප්‍රතිචාරයෙන් පසු, හෙබ්‍රෙව් 11:1 කියවන්න.] සැබෑ ඇදහිල්ල කියන්නේ මොකක්ද? අපිට ඇදහිල්ල තියෙනවාද නැද්ද කියල දැනගන්න පුළුවන් කොහොමද කියල මේ සඟරාවේ සාකච්ඡා කරනවා.”
පිබිදෙව්! ඔක්තෝ. 8
“සමහරවිට ඔයා අහල ඇති හැලොවීන් කියන ජනප්‍රිය උත්සවය ගැන. හුඟාක් ළමයි ඒක ප්‍රීතියෙන් සමරනවා. මේ උත්සවයේ සුල මුල ගැන දැනගන්න ඔයාට මීට කලින් අවස්ථාවක් ලැබිලා තියෙනවාද? [සවන් දෙන්නාගේ ප්‍රතිචාරයට ඉඩහරින්න.] විශේෂයෙන්ම දරුවන් ගැන සැලකිලිමත් වන දෙමාපියෙක් හැටියට මේ උත්සවය ගැන තොරතුරු දැනගන්න ඔයා කැමති වේවි.”