සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ඔක්තෝ. 15
“ඔයා හිතන විදිහට, මේ ලෝකය වඩාත් යහපත්, සන්තෝෂවත් තැනක් බවට පත් කරන්න මොනවද කරන්න ඕනෙ? [ප්රතිචාරයට ඉඩහරින්න.] දේවල් හොඳ අතට ගෙන එන්න මිනිසුන් විවිධ ආණ්ඩු ක්රම අත්හදා බලා තියෙනවා. මේ කාරණය දෙවි දකින විදිහ ගැන කල්පනා කරල බලන්න. [යෙරෙමියා 10:23 කියවන්න.] ඉදිරියේදී සන්තෝෂයෙන් පිරි ලෝකයක් ඇති වෙන්නේ කොහොමද කියල ‘සතුටින් පිරි ලොවකට මඟ’ කියන මේ ලිපියේ පෙන්වා දෙනවා.”
පිබිදෙව්! නොවැ. 8
“ඉස්සර වගේ නෙමෙයි, අද මිනිස්සු හුඟාක් ගැටලු ප්රශ්නවලින් පීඩා විඳිනවා. ඔයාට ඒ අදහසට එකඟ වෙන්න පුළුවන්ද? [ප්රතිචාරයට ඉඩහරින්න.] බයිබලය මේ ගැන කල්තියා කියල තිබුණා. [2 තිමෝති 3:1 කියවන්න.] තවදුරටත් ජීවිතයට මුහුණ දෙන්න බැහැයි කියල හිතන හුඟදෙනෙක් ජීවිතය ගැන කලකිරිලා බලාපොරොත්තු නැති කරගන්නවා. බලාපොරොත්තු කඩ වුණ තත්වයන්ට මුහුණ දෙන්නේ කොහොමද කියලත් ජීවිතය කියන්නේ වටිනා දෙයක් කියලත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
මුරටැඹ නොවැ. 1
මෑතක සිදු වූ කනගාටුදායක ප්රවෘත්තියක් ගැන පැවසීමෙන් පසු මෙසේ අසන්න. “ඇයි මිනිස්සු මේ තරම් නපුරු දේවල් කරන්නේ? හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියල අපි හැම කෙනෙක්ම දන්නවා. ඒ වුණත්, මිනිස්සු නපුරු දේවල් කරනවා. ඔයා හිතන විදිහට මේකට හේතුව මොකක්ද? [ප්රතිචාරයට ඉඩහැරීමෙන් පසු, එළිදරව් 12:9 කියවන්න.] අපේ හෘදය සාක්ෂිය රැකගත්තොත් අපිට පුළුවන් නරක දේවලින් ආරක්ෂා වෙන්න. කොහොමද ඒක කරන්නේ කියල මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! නොවැ. 8
“අපි ජීවත් වෙන්නේ සාහසිකකම් බහුලව සිදු වෙන කාලයකයි. ඔයත් මේකට එකඟ වෙයි කියල මම හිතනවා. [ප්රතිචාරයෙන් පසු, 2 තිමෝති 3:3 කියවන්න.] බොහෝ අවස්ථාවලදී ‘කෲර’ ක්රියා පවුල්වලත් සිදු වෙනවා. ‘බැට කන කාන්තාවන්ට උපකාර’ කියන මේ ලිපියේ බලාපොරොත්තුවක් ඇති කරවන පණිවිඩයක් අපිට දෙනවා. මෙහි තියෙන තොරතුරු ප්රයෝජනවත් වෙන අය ඔයා දන්නවා ඇති. ඒ අයත් එක්ක මේ තොරතුරු බෙදාගන්න ඔයා කැමති වෙයි කියල මම හිතනවා.”