සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ඔක්. 1
කවරයේ තිබෙන ප්රශ්නය කියවන්න. ඉන් පසු මෙසේ අසන්න. “අපි ඉන්නේ අන්තිම කාලයේ කියලා දන්නේ කොහොමද? මේක දැනගන්න පුළුවන් යම් ලකුණුවලින්.” [පිළිතුරට ඉඩ දෙන්න. ඉන් පසු මතෙව් 24:3 කියවන්න.] මේ මුරටැඹ සඟරාවේ පෙන්වලා තියෙනවා මූලික ලකුණු පහක්. අපි මේවා හඳුනාගන්න එක හරිම වැදගත්. මෙන්න කියවන්න.” 6වන පිටුවේ කොටුව පෙන්වන්න.
පිබිදෙව්! ඔක්. 8
“මත්පැන්වලින් කෙනෙකුට ප්‍රශ්න වැලක් ඇති වෙනවා. මේ සඟරාවේ පෙන්වනවා මත්පැන්වලින් කෙනෙකුගේ සිරුරට වෙන හානිය ගැන. [7වන පිටුවේ පින්තූරය පෙන්වන්න.] මත්පැන්වලින් නිදහස් වෙන සැටිත්, මත්පැන්වලට ඇබ්බැහි වූ කෙනෙකුට අනිත් අයට උදව් කළ හැකි විදහත් මේ සඟරාවේ පෙන්වා තිබෙනවා.”
මුරටැඹ ඔක්. 15
“හුඟ දෙනෙක් හිතන්නේ ජීවිතය සාර්ථක කරගන්න තිබෙන හොඳම විදිහ අධ්‍යාපනය කියලා. වඩාත් හොඳ පුද්ගලයෙකු වෙලා ජීවිතයේ ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න හැකි අන්දමේ අධ්‍යාපනයක් ගැන ඔබ දන්නවාද? [පිළිතුරට ඉඩ හරින්න. ඉන්පසු රෝම 12:2 කියවන්න.] ලබා ගන්න පුළුවන් හොඳම අධ්‍යාපනය ගැන මේ සඟරාවේ පෙන්වලා තියෙනවා.”
පිබිදෙව්! ඔක්. 8
“හුඟ දෙනෙකුට ජීවත් වෙන්න හරි හැටි ගෙයක් දොරක් නැහැ. හැම කෙනෙකුට ජීවත් වෙන්න ගෙයක් ලැබෙන කාලයක් එයි කියලා ඔබ හිතනවාද? [පිළිතුරට ඉඩ හරින්න.] මේ පිබිදෙව්! සඟරාවේ නිවාස ප්රශ්නය ගැන අලුත් තොරතුරු කතා කරලා තියෙනවා. දෙවි දෙන මේ පොරොන්දුව ගැන අපට විශ්වාස කරන්න පුළුවන් ඇයි කියලාත් මේකෙ පෙන්වනවා.” යෙසායා 65:21, 22 කියවන්න.