සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ඔක්. 1
“අපි හැමෝම අපරාධ, සැහැසියාව සහ යුද්ධ අවසන් වෙනවා දකින්න ආසයි. ඔබ හිතනවාද අපට මෙහි සඳහන් දේ ඉටු වෙන ආකාරය දැකගන්න පුළුවන් වෙයි කියලා. [ගීතාවලිය 37:11 කියවන්න. පිළිතුරු දීමට ඉඩ දෙන්න.] මෙම පොරොන්දුව මනුෂ්‍යවර්ගයා සඳහා දෙවිට තිබුණ මුල් අරමුණට සම්බන්ධ වෙලා තියෙන විදිහත්, අපිටත් ඒකෙ පංගුකාරයන් වෙන්න පුළුවන් විදිහ ගැනත් මේ සඟරාවේ පෙන්වා තිබෙනවා.”
පිබිදෙව්! ඔක්. 08
“හැම වසරකම අවිවාහක දැරියන් මිලියනගණනක් ගැබ්ගන්න ආකාරය දැකීම දුකක් නෙමෙයිද? [පිළිතුරු දීමට ඉඩ දෙන්න] මේ සඟරාවේ පෙන්නුම් කරනවා ඒවගේ දැරියන්ට මව් පදවියේ අභියෝගවලට මුහුණ දීමේදී ගත හැකි ක්‍රියාමාර්ග ගැන. ඒ විතරක් නෙමෙයි දෙමාපියන්ට තම දරුවන්ව ඒවගේ තත්වයකින් වළක්වාගන්න පුළුවන් ආකාරයත් පෙන්නුම් කරනවා.” 2 තිමෝති 3:15, කියවන්න.
මුරටැඹ ඔක්. 15
“සමහර මිනිසුන් හිතන්නේ සල්ලි හුඟාක් තිබුණොත් තමයි ජීවිතය තෘප්තිමත් වන්නේ කියලා. ඔබ හිතන හැටියට ඒ කතාවේ ඇත්තක් තියෙනවාද? [පිළිතුරු දීමට ඉඩ දෙන්න.] ධන සම්භාරයකට හිමිකම් කියූ මිනිසෙක් කිව්වේ මොනවාද කියලා බලන්න. [දේශනාකාරයා 5:10, කියවන්න.] මිල මුදල් වස්තුවට වඩා වටින්නේ සාරධර්ම. ඒ ගැන මේ සඟරාවේ පෙන්වා තිබෙනවා.”
පිබිදෙව්! ඔක්. 08
“වෙරි වෙනකම් බොන තරුණ අයගේ ගණන අද දවසින් දවස වැඩිවීම ප්‍රශ්නයක් කියලා ඔබ දන්නවාද? මේකෙන් තරුණයන්ට නරක ඵල විපාක අද්දකින්න වෙනවා කියලා ඔබ සිතන්නේ නැද්ද? [පිළිතුරු දීමට ඉඩ දෙන්න. ඉන්පසු හිතෝපදේශ 20:1 කියවන්න.] මත්පැන්වලට ඇබ්බැහි වීමෙන් තරුණයන්ට නොයෙකුත් අනතුරුවලට මුහුණ දෙන්න සිදු වෙනවා. මෙම ලිපියේ මත්පැන් අනිසි ලෙස පානය කිරීමෙන් වැළකී සිටින ආකාරය ගැන කදිම තොරතුරු පෙන්වා දෙනවා.”