සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! සැප්.
“අපි හැම කෙනෙක්ම කැමතියි හොඳ සෞඛ්‍යයකින් හැමදාම ජීවත් වෙන්න තියෙනවා නම්. ඔයා හිතනවද හැමවිටම ශුභවාදී ආකල්පයක් ඇතුව සිටීම අපේ සෞඛ්‍යයට බලපානවා කියලා? [ප්‍රතිචාරයට ඉඩහැර, හිතෝපදේශ 17:22 කියවන්න.] හැමවිටම එවැනි ආකල්පයක් ඇතුව ඉන්න එක කොයි තරම් වටිනවාද කියලා මේ ලිපියේ පැහැදිලි කරනවා.” මෙහි 26වන පිටුවේ ලිපිය පෙන්වන්න.
මුරටැඹ ඔක්. 1
“‘ඒ තීරණය නොගෙන ඉන්නයි තිබුණේ’ කියලා ඔයාට කවදා හරි හිතිලා තියෙනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අපි ගත්තු සමහර තීරණ ගැන පස්සෙ එහෙම හිතෙන්නෙ ඇයි කියලා මෙතන පැහැදිලි කරනවා. [යෙරෙමියා 10:23 කියවන්න.] අපිට හරි තීරණ ගැනීමට උපකාර කරන බයිබලයේ සඳහන් ප්‍රායෝගික යෝජනා කිහිපයක් මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! ඔක්.
“අද අපගේ දරුවන් ජීවත් වෙන්නේ ඉස්සරට වඩා භයානක කාලයක කියලා ඔයා හිතන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අපි ජීවත් වෙන්නේ මෙතන විස්තර කරනවා හා සමාන කාලයක නෙවෙයිද කියල බලන්න. [2 තිමෝති 3:1-5 කියවන්න.] ළමා අතවරවලින් අපේ දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
මුරටැඹ ඔක්. 15
“අනාගතේ මොනවා වෙයිද දන්නේ නැහැ, ඒ නිසා හෙටක් ගැන හිතන්න කලින් අද ගැන හිතමු කියලා මිනිස්සු කියනවා ඔයා අහලා ඇති. ඒ ගැන ඔයා මොකක්ද හිතන්නෙ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යේසුස් ඒ ගැන මේ වගේ වටිනා අදහසක් දුන්නා. [මතෙව් 6:34 කියවන්න.] අනාගතය ගැන අනවශ්‍ය විදිහට කනස්සලු නොවී එය හොඳින් සැලසුම් කිරීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”