සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! සැප්.
“බොහෝදෙනෙක් හිතනවා මිනිසුන්ව දෙවි කෙනෙක් මැව්වා කියලා. තවත් අය කියනවා අපි පරිණාමය වුණා කියලා. ඔබ මොනවද මේ ගැන හිතන්නේ? [පිළිතුරට ඉඩ හරින්න.] බලන්න මේ ගැන බයිබලයේ පවසන දේ. [යෝබ් 12:7, 8 කියවන්න.] ඔබට මොකද හිතෙන්නේ? ස්වභාව ධර්මය තුළ අපි දකින ප්‍රඥාව හා නිර්මාණය තුළින් අපට ඉගෙනගත හැකි දේ ගෙන මේ විශේෂ පිබිදෙව්! සඟරාවේ විශේෂ කලාපයේ විස්තර කරනවා.”
මුරටැඹ ඔක්. 1
“ජීව විද්‍යාඥයන් උත්සාහ කරනවා රෝගකාරක සම්පූර්ණයෙන්ම ලෝකයෙන් ඉවත් කරලා අපේ ආයු කාලය දිගු කරන්න. ඔබ හිතනවාද කවදා හරි අපට සදහටම ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා? [පිළිතුරට ඉඩ හරින්න.] සදහටම ජීවත් වෙන්න අපිට ආශාවක් තිබෙනවා, එහෙම නේද? ඒකට හේතුව දන්නවාද? [දේශනාකාරයා 3:11 කියවන්න.] දෙවි මිනිසාව මැව්වේ සදාකල් ජීවත් වීමට ආශාව ඇතුවයි. ඒ ගැන මේ සඟරාවෙන් කියවා බලන්න.”
පිබිදෙව්! ඔක්.
“රූපවාහිනිය අපේ ජීවිතයට හුඟක් බලපෑම් කරන බව ඔබත් පිළිගන්නවා ඇති. එහෙම නේද? [පිළිතුරට ඉඩ හරින්න.] ඒ නිසාම අපි බලන දේ තෝරගන්නත් අවශ්‍යයි. මේ බලන්න බයිබලයේ මේ ගැන කියන දේ. [හිතෝපදේශ 13:20 කියවන්න.] මේ සඟරාවේ ඉතා වටිනා ලිපියක් තියෙනවා රූපවාහිනියේ බලපෑම ගැන. තෝරා බේරා ගෙන බලන හැටිත් මෙහි විස්තර කරනවා.”
මුරටැඹ ඔක්. 15
“දෙවි ඉන්නේ ස්වර්ගයේ. ඒ නිසාම දෙවි ගැන දැනගන්න අපට බැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔබටත් එහෙම හැඟෙනවාද? [පිළිතුරට ඉඩ හරින්න. ඉන්පසු යොහන් 17:3 කියවන්න.] දෙවි ගැන දැනුම ලබන අන්දම අපිට මේ සඟරාවේ පෙන්වලා තියෙනවා.”