සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ඔක්. 1
“‘දෙවි සියලු බලැති කෙනෙක් නම්, දුක් විඳින අය වෙනුවෙන් මැදිහත් වෙලා ඔවුන්ගේ දුක් නිමා කරන්නේ නැත්තේ ඇයි කියලා’ ඔබ කවදා හරි අහලා තියෙනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] ඉතාම ඉක්මනින් ඔහු සියලු ගැටලු නිමාවට පත් කරනවා. [යෙසායා 65:17 කියවන්න.] මේ අතරතුර, අප දුක් විඳින විට දෙවි නිකම්ම ඒ දිහා බලා ඉන්නවා නෙමේ. මේ සඟරාවේ ඒ ගැන පැහැදිලිව පෙන්වනවා.”
පිබිදෙව්! ඔක්. 8
“සතුන්ට තියෙන සන්නිවේදන හැකියාව ගැන අපට පුදුම හිතෙනවා. ඒත් ඔබ දැනගෙන හිටියාද සන්නිවේදනය සම්බන්ධයෙන් මිනිසා එක්තරා අන්දමකින් සුවිශේෂයි කියලා? [ප්රතිචාරයට ඉඩහරින්න. ඊළඟට ගීතාවලිය 65:2 කියවන්න.] සතුන් වගේ නෙමේ, අපිට දෙවි සමඟ අදහස් හුවමාරු කරගන්න ආශාවක් තිබෙනවා. මිනිස්සු එක්කත් ඒ වගේම දෙවි එක්කත් හොඳින් අදහස් හුවමාරු කරගන්නේ කොහොමද කියලා මේ සඟරාවේ සාකච්ඡා කරලා තියෙනවා.”
මුරටැඹ ඔක්. 15
“අප ගන්නා හුඟාක් තීරණ අපගේ ජීවිතවලට ගොඩාක් බලපානවා. අනුවණ තීරණ ගන්නේ නැතුව ඉන්න අපිට මොන වගේ දේවල්ද උපකාර වෙන්නේ? [ප්රතිචාරයට ඉඩ හරින්න. අනතුරුව හිතෝපදේශ 3:6 කියවන්න.] නැණවත් තීරණ ගන්න උපකාරවත් වන බයිබලයේ සඳහන් උපදෙස් 5ක් මේ මුරටැඹ කලාපයේ පෙන්නලා තියෙනවා. ඒ වගේම ඒවා අපට උදව් වෙන හැටිත් මෙහි පෙන්නලා තියෙනවා.”
පිබිදෙව්! ඔක්. 8
“බොහෝදෙනෙක් විකල්ප ජීවන රටාවක් කියන දේ දැන් පිළිගන්නට පටන් අරන්. සමහරවිට ඔබත් දන්නවා ඇති මේ කියන දෙයින් ඔවුන් අඟවන්නේ පිරිමි දෙන්නෙක් අතර හෝ ගැහැනු දෙන්නෙක් අතර පවත්වන ලිංගික සම්බන්ධතාවන් බව. යහපත් සදාචාර හැසිරීම ගැන හොඳ මඟ පෙන්වීමක් ලබාගන්නට පුළුවන් කොහෙන්ද කියලා ඔයා කල්පනා කරලා තියෙනවාද? අපට හොඳම මඟ පෙන්වීම දෙන්නට පුළුවන්, අපව මැව්ව, අපව නිර්මාණය කළ සහ අපට ජීවිතය ලබා දුන්න තැනැත්තාටයි. උත්පත්ති 1:27, 28 තියෙන බයිබල් පදවල මෙහෙමයි කියලා තියෙන්නේ. [පද කියවන්න.] විකල්ප ජීවන රටාවක් කියන එක දෙවි අනුමත කරනවාද කියන කාරණය ගැන දී ඇති ඥානවන්ත උපදෙස් ඔයා අගය කරාවි කියලා මට විශ්වාසයි.