සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ඔක්. 1
“අද අපි දකින යුද්ධ, අපරාධ හා ත්රස්තවාදී ක්රියා ඇතුළු හැම ගැටලුවක්ම කවදා හරි දවසක නැති වෙයිද කියා හුඟදෙනෙක් කල්පනා කරනවා. ඔබ මේ ගැන හිතන්නේ මොකක්ද? [ප්රතිචාරයට ඉඩහරින්න.] සැනසිල්ල ගෙන දෙන පොරොන්දුවක් බයිබලයේ සඳහන් වෙනවා. [ගීතාවලිය 37:10, 11 කියවන්න.] අද තියෙන නපුරු දේවල් හා ඒවායින් ඇති කරන වේදනා දෙවි තවමත් නැති කර දමා නැත්තේ ඇයි කියා මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! ඔක්. 8
“මේ කාලයේ තනි මාපිය පවුල් වේගයෙන් වැඩි වෙන බවක් පේන්න තියෙනවා. අපේ මැවුම්කරු මේ අයට දයානුකම්පාව පෙන්වනවා කියා බයිබලය පෙන්වා දෙනවා. [ගීතාවලිය 146:9 කියවන්න.] තනි මාපියන්ට තමන්ගේ දරුවන්ව සාර්ථකව ඇති දැඩි කරන්න උපකාරවත් වන බයිබල් ප්රතිපත්ති මේ පිබිදෙව්! සඟරාවේ පැහැදිලි කරනවා.”
මුරටැඹ ඔක්. 15
“අද ලෝකයේ සිදු වෙන හුඟාක් නපුරු දේවලට හේතුව දරුවන්ට හරි වෙනත් අයට හරි ඔබ පැහැදිලි කර දෙන්නේ කොහොමද? [ප්රතිචාරයට ඉඩහරින්න.] ‘නපුර පිටුපස සිටින්නේ කවුද?’ කියන ප්රශ්නයට බයිබලය උත්තර සපයනවා. [1 යොහන් 5:19 කියවන්න.] මේ නපුරු තැනැත්තා කවුද, ඔහුට විරුද්ධ වෙන්න අපිට පුළුවන් කොහොමද කියලා ඔබට තේරුම්ගන්න මේ මුරටැඹ සඟරාව උපකාරවත් වෙනවා.”
පිබිදෙව්! ඔක්. 8
“හුඟදෙනෙක් ක්රීඩා නැරඹීමෙන් හෝ ඒවාට සහභාගි වීමෙන් සතුටක් ලබනවා. ඒ වුණත් ‘ත්රාසය සොයා යන’ සමහර අය ඒ අයගේ ජීවිතවලට තර්ජනයක් ඇති කරන ක්රීඩාවල හවුල් වෙනවා ඔබ දැක තිබෙනවාද? යේසුස්ගේ ජීවිතයේ එක්තරා අවස්ථාවකදී සිදු වුණ දෙයින් මේ කාරණය ගැන හොඳ මඟ පෙන්වීමක් ලබාගන්න පුළුවන්. [මතෙව් 4:5-7 කියවන්න.] ක්රීඩා හා විනෝදාස්වාදයන් සම්බන්ධයෙන් සමබර අදහසක් මේ පිබිදෙව්! සඟරාවේ ඉදිරිපත් කරනවා.”