සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ මැයි 1
“බරපතළ ලෙස අසනීප වෙලා ඉන්න කෙනෙක් ගැන හරි ශාරීරික ආබාධයකින් පීඩා විඳින කෙනෙක් ගැන හරි ඔයා දන්නවාද? මේ වගේ අයට දිරිගැන්වීම අවශ්‍යයි. ඔයත් මේකට එකඟ වෙනවාට සැකයක් නැහැ. ඒත් ප්රශ්නය වෙන්නේ ඒ වගේ අයව දිරිමත් කරන්න අපට පවසන්න පුළුවන් මොනවාද කියන එකයි. මේ වගේ අයට බලාපොරොත්තුව ඇති කරන දෙයක් බයිබලයේ සඳහන් වෙනවා. [යෙසායා 35:5, 6 කියවන්න.] මේ අනාවැකිය සැබෑවක් වෙන එක ගැන අපට ස්ථිර වෙන්න පුළුවන් ඇයි කියා මේ මුරටැඹ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! මැයි 8
“වෙන කවරදාටත් වඩා පසුගිය අවුරුද්දේදී ලෝකයේ සාමයට සෑහෙන තර්ජන එල්ල වුණා. ලෝක සාමය අත් කරගන්න මිනිස් ආණ්ඩුවලට පුළුවන් කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයෙන් පසු යෙසායා 2:4 කියවන්න.] වැඩි කල් නොගොස් ලෝක සාමය ස්ථිර වශයෙන්ම ඇති වෙනවා කියන එක අපට විශ්වාස කරන්න පුළුවන්. ඒකට හේතුව ගැන මේ පිබිදෙව්! සඟරාවේ පැහැදිලි කරනවා.”
මුරටැඹ මැයි 15
“අපිට දෙවිව හොඳින් දැන හඳුනාගන්න පුළුවන් කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරය ඉඩහරින්න.] අපි ඒ තරම් දන්නේ නැති කෙනෙක් ගැන අපිට විශ්වාස කරන්න අමාරුයි. ඔයත් මේකට එකඟ වෙනවා ඇති. ඇත්තටම බයිබලය අපිව උනන්දු කරනවා දෙවිව සොයන්න කියලා. [ක්‍රියා 17:27 කියවන්න.] දෙවිව වඩාත් හොඳින් හඳුනාගන්න අපිට පුළුවන් කොහොමද කියලා මේ ලිපිවල පැහැදිලි කරනවා.”
පිබිදෙව්! මැයි 8
“අද හුඟාක් දෙනෙක් තමන් අයිති ආගමෙන් ඉවත් වෙලා, තමන් කැමති විදිහට දෙවිට නමස්කාර කරන්න නැඹුරුවාවක් දක්වනවා. ඔයා මොකක්ද මේ ගැන හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අපි දෙවිට නමස්කාර කරන ආකාරය දෙවි සලකන්නේ වැදගත් දෙයක් හැටියටයි කියලා බයිබලයේ සඳහන් වෙනවා. [යොහන් 4:24 කියවන්න.] අපේ අධ්‍යාත්මික අවශ්‍යතා අපට තෘප්තිමත් කරගන්න පුළුවන් හොඳම විදිහ ගැන මේ පිබිදෙව්! සඟරාවේ කතා කරනවා.”