සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ මැයි 1
“සමහර ප්‍රශ්න තියෙනවා, මිනිසුන්ට උත්තර සොයාගන්න බැරි. උදාහරණයක් හැටියට මේ ප්රශ්නය සලකා බලන්න. [යෝබ් 21:7 කියවන්න.] ඔබට කවදා හරි දෙවියන්ගෙන් අහන්න ඕනේ කියලා යම් ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.]මේ ලෝකයේ හැම තැනකම පාහේ ජීවත් වෙන මිනිසුන්ට ජීවිතයේ වැදගත්ම ප්‍රශ්න තුනකට සෑහීම ගෙන දෙන උත්තර සොයාගන්න පුළුවන් ආකාරය ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! මැයි 8
“අපගෙන් හුඟදෙනෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙන අයව අඳුරනවා ඇති. මේ රෝගය ගැන අවශ්‍ය තරම් තොරතුරු ඔබ දන්නවාද? [සඟරාවේ කවරය පෙන්වා, ප්‍රතිචාරයට ඉඩහරින්න.] දියවැඩියා රෝගය ඇතිවීමට බලපාන හේතු හා එයට තිබෙන ප්‍රතිකාර මේ සඟරාවේ විමසුමට ලක් කරනවා. ඒ විතරක් නෙමෙයි, සියලුම රෝගවලට තිබෙන කල් පවතින සුවයක් ගැන බයිබලයේ සඳහන් පොරොන්දුව ගැනත් මේ සඟරාවේ සාකච්ඡා කරනවා. ” යෙසායා 33:24 කියවා අවසන් කරන්න.
මුරටැඹ මැයි 15
“අපිට අපරාධ ගැන හැමදාම ප්රවෘත්ති වාර්තාවලින් අහන්න ලැබෙනවා. මීට කලින් මේ වගේ තත්වයන් තිබුණා කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ ගැන බයිබලයේ කියන දෙය සලකා බලන්න. [මතෙව් 24:37 කියවන්න.] නෝවාගේ කාලයේ මොන තරම් දුෂ්ට තත්වයක් තිබුණාද කියනවා නම් දෙවි නෝවා සහ ඔහුගේ පවුලේ අය හැර අනිත් සියලුදෙනාවම නැති කර දැම්මා. එදා සිදු වුණ දේවල් අද කාලයේ ඉන්න අපිට බලපාන ආකාරය ගැන මේ මුරටැඹ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! මැයි 8
“දේවල් වේගයෙන් කරන අද වගේ ලෝකයක ජීවත් වෙන දරුවන්ගේ වැඩීමත් වේගයෙන් සිදු වෙනවාද කියලා හුඟදෙනෙක් කල්පනා කරනවා. මේ ගැන ඔබත් හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. අනතුරුව දේශනාකාරයා 3:1, 4 කියවන්න.] ළමා විය කියන්නේ වැඩිහිටියන් උසුලන බර දරන කාලයක් නෙමෙයි. දරුවන්ගේ ළමා විය රැකගැනීමට දෙමාපියන්ට හැකි අයුරු ගැන මේ පිබිදෙව්! කලාපයේ සාකච්ඡා කරනවා.”