සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජූනි 1
“සහනාධාර සඳහා ලැබෙන පරිත්‍යාග අයථා ලෙස භාවිත කිරීම ගැන සමහර වාර්තාවලින් දැනගන්න ලැබෙනවා. මේ හේතුව නිසා සහන සේවා සපයන සංවිධානවලට මුදල් දෙන එක ඥානවන්ත දෙයක්ද කියලා සමහරු සිතනවා. ඒ වුණත් උපකාර අවශ්‍ය කරන අය හුඟදෙනෙක් සිටිනවා. ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු හෙබ්‍රෙව් 13:16 කියවන්න.] දෙවි සතුටු වෙන්නේ මොන ආකාරයේ පරිත්යාගවලටද කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! ජූනි 8
“අතීතයේදී ජීවත් වුණ අය වගේ අද ඉන්න අය සදාචාර ප්‍රමිති හා යහපත් පුරුදු අගය කරන්නේ නැති බව පේනවා. ඇත්තටම මේ වගේ දෙයක් අද සිදු වෙනවා කියලා ඔබත් දැක තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ කරලා තියෙන මේ පුරෝකථනය උනන්දුව ඇති කරවන එකක්. [2 තිමෝති 3:1-5 කියවන්න.] මිනිසුන්ගේ සාරධර්ම වෙනස් වීමට හේතුව ගැනත් අනාගතයේදී සිදු වන දේවල් ගැනත් මේ පිබිදෙව්! කලාපයේ සාකච්ඡාවට ලක් කරලා තියෙනවා.”
මුරටැඹ ජූනි 15
“ඉතිහාසයේ විසූ ශ්‍රේෂ්ඨතම මිනිසා යේසුස් කියා සමහර අය සිතනවා. තවත් අය ඔහු ජීවත් වූ බව සැක කරනවා. අපි ඔහු පිළිබඳ සිතන දේ ඇත්තටම වැදගත් කියා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයෙන් පසු ක්‍රියා 4:12 කියවන්න.] ඇත්තටම යේසුස් මේ පොළොවේ ජීවත් වුණ බවට තියෙන සාක්ෂිය මොකක්ද? මේ ප්රශ්නය ගැන මේ සඟරාවේ සාකච්ඡා කරනවා.”
පිබිදෙව්! ජූනි 8
“මේ කාලයේ අපේ සෞඛ්‍යයට තර්ජනයක් ඇති කරන බොහෝ දේවලින් එකක් තමයි, කෘමීන්ගෙන් වැලඳෙන රෝග. මේ රෝග වළක්වාගන්න පුළුවන් ක්‍රම තියෙනවා කියලා ඔබ දැන සිටියාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ ක්‍රම ගැන මේ සඟරාවේ සාකච්ඡා කරනවා. ඒ වගේම තවදුරටත් ලෙඩ රෝග සෑදෙන්නේ නැති කාලයක් ගැන බයිබලයේ සඳහන් පොරොන්දුව ගැනත් මේ සඟරාවේ සාකච්ඡා කරනවා.” යෙසායා 33:24 කියවා අවසන් කරන්න.