සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ මැයි 1
“අපේ හිතවතෙක් මැරුණහම අපි ඒගොල්ලන්ව ආපහු දකින්න ආසයි නේද? ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] නැවත නැඟිටීම පිළිබඳව බයිබලයේ දීලා තියෙන පොරොන්දුව නිසා හුඟදෙනෙක්ට සැනසීමක් ලැබිලා තියෙනවා. [යොහන් 5:28, 29 කියවන්න.] නැවත නැඟිටීම සිදු වන්නේ කවදාද ඒවගේම එම ප්‍රස්තාව ලැබෙන්නේ කාටද කියලා මේ සඟරාවේ පෙන්වලා තියෙනවා.”
පිබිදෙව්! මැයි 8
“හුඟක් දෙමාපියන් තම දරුවන්ට නරඹන්න සුදුසු දේ ගැනත් නුසුදුසු දේ ගැනත් හොයලා බලනවා. පවුලේ අයට බලන්න සුදුසු මොන චිත්රපටද කියලා දැනගන්න එක අමාරු බව ඔබට හැඟිලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු එෆීස 4:17 කියවන්න.] විනෝද වෙන්න සුදුසු දේවල් තෝරගන්න දරුවන්ට උපකාර කරන්න දෙමාපියන්ට පුළුවන් විදිහ ගැන මේ සඟරාවේ තියෙනවා.”
මුරටැඹ මැයි 15
“දිලිඳුකමින් තොර ලෝකයක් දැකගන්න අපිට කවදා හරි පුළුවන් වෙයි කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දෙවි මේ වගේ පොරොන්දුවක් දීලා තියෙනවා. [යෙසායා 65:21 කියවන්න.] මේ පොරොන්දුව ඉටු වෙන ආකාරය ගැන මේ මුරටැඹ කලාපයේ සඳහන් කරලා තියෙනවා.” පොරොන්දු වූ මෙම වෙනස සිදු වන්නේ කවදාද යන ප්රශ්නය සලකා බැලීම සඳහා නැවත බැලීමක් කිරීමට සැලසුම් යොදන්න.
පිබිදෙව්! මැයි 8
“යේසුස් ක්‍රිස්තුස් ගැන මුළු ලෝකෙම ඉන්න අයගෙන් වැඩිදෙනෙක් දැනගෙන හිටියත් ඔහු ඇත්තටම කවුද කියලා ගොඩක් අය කල්පනා කරනවා. යේසුස්ගේ ප්‍රේරිතයන් පවා ඒ ගැන කල්පනා කළ බව ඔබ දැනගෙන හිටියාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු මාක් 4:41 කියවන්න.] යේසුස් ඇත්තෙන්ම කවරෙක්ද යන්න ගැන බයිබලයේ පවසන දේ මේ සඟරාවේ පැහැදිලි කරනවා.”