රුධිරයෙන් වැළකී සිටීම සඳහා අපට උපකාර කරන සැපයුම්
මුද්‍රිත දිනයක් නොමැති හෝ මුද්‍රිත දිනය වශයෙන් 3/99 සඳහන් පූර්ව වෛද්‍ය නියෝගය/මුදවාහැරීම නමැති කාඩ්පතක් හෝ හැඳුනුම්පතක් කලින් සම්පූර්ණ කර තිබෙන බව්තීස්ම ලත් ප්‍රචාරකයන් මේ අවුරුද්ද සඳහා අලුත් එකක් පිරවිය යුතු නැත. අලුතින් බව්තීස්ම වූ අයටත්, ඔවුන්ගේ දරුවන්ටත්, ඉහත කාඩ්පත්වල වෙනස්කම් කළ යුතු අයටත් දෙසැම්බර් 29න් පටන්ගන්නා සේවා රැස්වීමේදී කාඩ්පත් ලබා දීම සඳහා ප්‍රමාණවත් සැපයුමක් සභාවේ තබාගැනීමට ලේකම් කටයුතු කළ යුතුයි. මේ කාඩ්පත් සභාවට එවනු ලබන්නේ නැත. සභාවේ ප්‍රමාණවත් කාඩ්පත් නොමැති නම් ළඟපාත සභාවලින් ඒවා ලබාගත හැකිද කියා ලේකම්ට සොයා බැලීමට පුළුවනි. නැත්නම් සභාවේ ඊළඟ පොත් පත් ඉල්ලුම් සමඟ වැඩිපුර කාඩ්පත් ඇණවුම් කළ හැකියි.
කාඩ්පත් පිරවිය යුත්තේ නිවසේදී වුවත් ඒවාට අත්සන් තබන්නේ නිවසේදී නොවේ. කාඩ්පත්වලට අත්සන් තැබීම, දිනය දැමීම කළ යුත්තේ ඊළඟ පොත් පාඩමේදීය. අවශ්‍ය නම් පොත් පාඩම් අවේක්ෂකගේ උපකාරය ලබාගත හැකියි. සාක්ෂිකරුවන් වශයෙන් මේ කාඩ්පත්වලට අත්සන් කරන අය, එසේ කළ යුත්තේ එහි නම සඳහන් තැනැත්තා තමන් ඉදිරිපිට එයට අත්සන් කිරීමෙන් පසුවයි.
ප්‍රචාරකයන් සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ස්ථාවර ඇටෝනි බලය (DPA) නමැති පෝරමයේ අලුත් පිටපතක් පිරවීම අවශ්‍ය නැත. එහෙත් (1) දැනට තිබෙන පෝරමයේ දිනය 1/2001 කලින් නම් හෝ (2) තමන්ගේ වත්මන් අභිමතයන් එයින් ප්‍රකාශ නොවේ නම් හෝ (3) වෙනත් රටක පදිංචියට ගොස් තිබේ නම් හෝ අලුත් එකක් පිරවිය යුතුයි. ලේකම් අවශ්‍ය තරම් DPA පෝරම හා පූර්ව නියෝග මඟ පෙන්වීම් නමැති විස්තර පත්‍රිකා සභාවේ තබාගත යුතුයි.
බව්තීස්ම නොලත් ප්‍රචාරකයන්ට හැකියි වෛද්‍ය නියෝගය/මුදාහැරීම නමැති කාඩ්පත, හැඳුනුම්පත හා සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ස්ථාවර ඇටෝනි බලය නමැති පෝරමයේ තිබෙන වචන මාලාවට සමාන වචන මාලාවක් යොදාගනිමින් තමන් සඳහාද තම දරුවන් සඳහාද වෛද්‍ය නියෝග ඇතුළත් ලියවිල්ලක් සකස් කරගැනීමට.