ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/10 3 පි.
  • ඔබ එය කල් දමනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ එය කල් දමනවාද?
  • 2010 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ඔබ එය කල් දමනවාද?
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • හදිසි තත්වයකදී ඔබ ලබාගන්නා ප්‍රතිකාර මොනවාද?
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • ඔබට කළ හැකි තේරීම් ගැන ඔබ දන්නවාද?
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • ඔබට කළ හැකි තේරීම් ගැන ඔබ දන්නවාද?
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2010 අපගේ රාජ්‍ය සේවාව
km 1/10 3 පි.

ඔබ එය කල් දමනවාද?

මේ කතා කරන්නේ බව්තීස්ම ලත් සාක්ෂිකරුවන්ට දී තිබෙන DPA හෙවත් ස්ථාවර ඇටෝනි බලපත්‍රය (රුධිරය එපා කාඩ්පත) පිරවීම ගැනයි. ‘හෙට දිනේදී ඔබට කුමක් සිදු වේවිද කියා ඔබ දන්නේ නැති’ නිසා හදිසි අවස්ථාවකදී ඔබට දිය යුතු වෛද්‍ය ප්‍රතිකාර හෝ සැත්කම් ගැන කලින් තීරණය කර එය ලිඛිතව තබාගැනීම ඉතා වැදගත්. (යාකො. 4:14; ක්‍රියා 15:28, 29) මේ සඳහා ඔබට උපකාර කිරීමේ අරමුණින් රුධිර රහිත ප්‍රතිකාර ක්‍රම රෝගීන්ගේ සුවසෙත හා අයිතිවාසිකම් රැක දෙයි (Transfusion-Alternative Health Care—Meeting Patient Needs and Rights) නමැති වීඩියෝ පටය නිපදවා තිබෙනවා. මෙය නරඹන්න කියා ඔබව උනන්දු කරන්න කැමතියි. ඉන්පසු යාච්ඤා කර එමගින් ඔබ දැනගත් දේවල් ගැන නැවත හොඳින් සිතා බලන්න. මෙහි ඇති ප්‍රශ්න ඒ සඳහා ඔබට උපකාරවත් වෙයි.—සැලකිය යුතුයි: මෙහි සැත්කම් කරන දර්ශන තිබෙන නිසා මෙය කුඩා දරුවන් සමඟ නැරඹීම සුදුසුද කියා දෙමාපියන් තීරණය කළ යුතුයි.

(1) වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින සමහර අය රුධිර ප්‍රවේශන ලබා දීම ගැන දෙවරක් සිතන්න පටන්ගෙන තිබෙන්නේ ඇයි? (2) රුධිර ප්‍රවේශනයකින් තොරව කර තිබෙන බරපතළ සැත්කම් තුනකට උදාහරණ දෙන්න. (3) රුධිර ප්‍රවේශනයක් නොකර ප්‍රතිකාර කිරීමට හෝ සැත්කම් කිරීමට ලොව පුරා වෛද්‍යවරුන් කීදෙනෙක් කැමැත්ත පළ කර තිබෙනවාද? ඔවුන් කැමැත්ත පළ කර තිබෙන්නේ ඇයි? (4) රුධිරය භාවිත කිරීම ගැන මෑතකදී රෝහල්වල කළ අධ්‍යයනවලින් හෙළි වී තිබෙන්නේ කුමක්ද? (5) රුධිර ප්‍රවේශනයේ තිබෙන අනතුරු මොනවාද? (6) රුධිර ප්‍රවේශන වෙනුවට විකල්ප ක්‍රම යොදාගැනීමෙන් තිබෙන වාසි ගැන බොහෝ වෛද්‍යවරුන්ගේ නිගමනය කුමක්ද? (7) රක්ත හීනතාවට (ලේ අඩුකමට) හේතු මොනවාද? රක්ත හීනතාව බරපතළ නොවන්නේ කුමන අවස්ථාවකදීද? ඒ සඳහා තිබෙන ප්‍රතිකාර මොනවාද? (8) රෝගියෙකුගේ සිරුරේ රතු රුධිරාණු නිෂ්පාදනය වැඩි කළ හැක්කේ කෙසේද? (9) සැත්කමකදී රුධිරය පිටවීම අඩු කරගැනීම සඳහා යොදාගන්නා ඇතැම් ක්‍රම මොනවාද? (10) විකල්ප ප්‍රතිකාර ක්‍රම කුඩා දරුවන්ට හා අසාධ්‍ය රෝගීන්ට ලබා දීම සාර්ථකද? (11) වෛද්‍යවරුන් රෝගියාගේ කුමන අයිතිවාසිකම ගැන සැලකිලිමත් විය යුතුද? (12) හදිසි තත්වයක් පැනනඟින්න කලින් රුධිරය නොමැතිව කරන ප්‍රතිකාර ක්‍රම ගැන ක්‍රිස්තියානීන් තේරීමක් කර තිබීම වැදගත් වන්නේ ඇයි? අපිට මෙය කළ හැක්කේ කෙසේද?

DVD දර්ශනවල දුටු ඇතැම් ප්‍රතිකාර ක්‍රම පිළිගන්නවාද නැද්ද යන කාරණය බයිබල් ප්‍රතිපත්ති අනුව හැඩගසාගත් හෘදය සාක්ෂියට අනුව එක් එක්කෙනා ගන්නා පෞද්ගලික තීරණයක්. ඔබ සහ ඔබේ දරුවන් සඳහා පිළිගන්නා ප්‍රතිකාරය හෝ සැත්කම් ක්‍රමය ගැන ඔබ පැහැදිලි තීරණයක් ගෙන ස්ථාවර ඇටෝනි බලපත්‍රය පුරවා තිබෙනවාද? මේ කාරණා ගැන තව තොරතුරු දැනගැනීම සඳහා 2006 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ “රුධිරයේ අනුකොටස් භාවිතය හෝ ඔබේම රුධිරය භාවිත කරමින් කරන ප්‍රතිකාර ගැන ඔබ දරන ස්ථාවරය කුමක්ද” යන අතිරේක ලිපියත් බලන්න. ඔබ ගෙන තිබෙන තීරණ ගැන ස්ථාවර ඇටෝනි බලපත්‍රයේ (රුධිරය එපා කාඩ්පතේ) සඳහන් ඔබ වෙනුවෙන් කටයුතු කිරීමට පත් කර ඇති තැනැත්තන්ව හා සාක්ෂිකරුවන් නොවන පවුලේ අයව හොඳින් දැනුවත් කළ යුතුයි.

[3වන පිටුවේ කොටුව]

• ඔබ සහ ඔබේ දරුවන් සඳහා පිළිගන්නා ප්‍රතිකාරය හෝ සැත්කම් ක්‍රමය ගැන ඔබ පැහැදිලි තීරණයක් ගෙන තිබෙනවාද?

• නිවැරදි ලෙස සම්පූර්ණයෙන් පුරවා අත්සන් කළ ‘රුධිරය එපා’ කාඩ්පත නිතරම ඔබ ළඟ තිබෙනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න