ඔබට කළ හැකි තේරීම් ගැන ඔබ දන්නවාද?
සැත්කමක් රුධිරය නොමැතිව කරන්න කියා අපේ සහෝදරයන් ඉල්ලා සිටින විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බොහෝදෙනෙක් හොඳ ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. රුධිරය නොමැතිව කළ හැකි ප්‍රතිකාර ගැන ඔබට හොඳ අවබෝධයක් තිබෙනවාද? සැත්කම් හා ඔබ ලබාගන්නා වෛද්‍ය ප්‍රතිකාර ගැන නැණවත් තීරණයක් ගැනීමට නම් ඔබ ඒ ගැන හොඳින් දැන සිටිය යුතුයි. රුධිරය එපා—වෛද්‍ය විද්‍යාව රුධිරය සම්බන්ධ අභියෝගයට මුහුණ දෙයි නමැති තේමාවෙන් යුත් වීඩියෝ පටය හෝ DVD තැටිය නැරඹීම ඒ සඳහා ප්‍රයෝජනවත් වෙයි. ඉන්පසු යාච්ඤාවෙන් දෙවිගේ උපකාරය ඉල්ලා පහත සඳහන් ප්‍රශ්න සැලකිල්ලට ගන්න. සැත්කම් කිහිපයක කෙටි දර්ශන එම DVD තැටියේ ඇතුළත් නිසා දරුවන්ට ඒවා පෙන්වනවාද නැද්ද කියා තීරණය කිරීමට දෙමාපියන්ට හැකියි.
(1) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුධිරය ප්‍රතික්ෂේප කරන ප්‍රධාන හේතුව කුමක්ද? (2) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමති කුමනාකාරයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටද? (3) රෝගියෙකුට තිබෙන මූලික අයිතිවාසිකම කුමක්ද? (4) රුධිරය වෙනුවට ලබාගත හැකි වෙනත් ප්‍රතිකාර ක්‍රම තෝරාගැනීම අනුවණ තීරණයක් නොවන්නේ ඇයි? (5) අධික ලේ ගැලීමක් සිදු වන විට වෛද්‍යවරුන්ට කළ හැකි දේවල් දෙකක් තිබෙනවා. ඒවා මොනවාද? (6) රුධිරය වෙනුවට භාවිත කළ හැකි වෙනත් ප්‍රතිකාරවලදී සැලකිල්ලට ගත යුතු මූලික කාරණා හතර මොනවාද? (7) වෛද්‍යවරුන්ට (අ)ලේ ගැලීම අවම කරන්න පුළුවන් කොහොමද? (ආ) රතු රුධිරාණු ආරක්ෂා කරන්න පුළුවන් කොහොමද? (ඇ) ලේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් කොහොමද? (ඈ) රුධිරය අපතේ යෑම අවම කරන්න පුළුවන් කොහොමද? (8) මෙම ක්‍රියාවලීන් දෙක විස්තර කරන්න. (අ)හීමෝඩයිලූෂන් (ආ) සෙල් සැල්වෙජ් (9) රුධිරය වෙනුවට භාවිත කළ හැකි ප්‍රතිකාර පිළිගන්නා විට ඔබ දැනුවත් විය යුත්තේ කුමක් ගැනද? (10) රුධිරය ලබා නොගෙන ඉතා බරපතළ සැත්කම් සිදු කළ හැකිද? (11) වර්තමාන වෛද්‍ය ක්ෂේත්රයේ අප දකින්නේ මොන වගේ දියුණුවක්ද?
එම DVD තැටියේ දක්වා ඇති ඇතැම් ප්‍රතිකාර පිළිගන්නවාද නැද්ද යන්න පෞද්ගලික තීරණයක්. ඔබ එම තීරණය ගත යුත්තේ බයිබලයේ ඉගැන්වීම්වලට අනුව පුහුණු කළ ඔබේ හෘදය සාක්ෂියට අනුවයි. ඔබ සහ ඔබේ දරුවන් පිළිගන්නා වෛද්‍ය ප්‍රතිකාර ගැන ස්ථිර තීරණයක් ගෙන ඔබ DPA පෝරමය සම්පූර්ණ කර තිබෙනවාද? ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා 2004 ජූනි 15 හා 2000 ඔක්තෝබර් 15 මුරටැඹ සඟරාවල “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති කොටස හොඳින් සලකා බලන්න. ඉන්පසු ඔබ ලබාගැනීමට එකඟ වන හෝ නොවන තේරීම් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා 2006 නොවැම්බර් රාජ්‍ය සේවාවේ අතිරේකයේ පළ වූ “රුධිරයේ අනුකොටස් භාවිතය හෝ ඔබේම රුධිරය භාවිත කරමින් කරන ප්‍රතිකාර ගැන ඔබ දරන ස්ථාවරය කුමක්ද?” නමැති තේමාවෙන් යුත් ලිපිය හොඳින් අධ්‍යයනය කරන්න. පසුව ඔබේ තීරණය DPA පෝරමයේ නිවැරදිව සඳහන් කරන්න. ඔබ ගත් තීරණ ගැන ඔබ වෙනුවෙන් කටයුතු කිරීමට පත් කර ඇති තැනැත්තාවත් ඔබේ පවුලේ සිටින සාක්ෂිකරුවන් නොවන සාමාජිකයන්වත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න.