ඔබ එය කල් දමනවාද?
මේ කතා කරන්නේ බව්තීස්ම ලත් සාක්ෂිකරුවන්ට දී තිබෙන DPA හෙවත් ස්ථාවර ඇටෝනි බලපත්‍රය පිරවීම ගැනයි. ‘හෙට ඔබේ ජීවිතය කෙසේ වේදැයි ඔබ දන්නේ නැති’ නිසා හදිසි අවස්ථාවකදී ඔබට දිය යුතු වෛද්‍ය ප්‍රතිකාර හෝ සැත්කම් ගැන කලින් තීරණය කර එය ලිඛිතව තබාගැනීම ඉතාමත් වැදගත්. (යාකො. 4:14; ක්‍රියා 15:28, 29) මේ සඳහා ඔබට උපකාර කිරීමේ අරමුණින් රුධිර ප්‍රවේශනයට විකල්ප සොයාගැනීමෙන් රෝගීන්ගේ අයිතීන් හා අයිතිවාසිකම් සපුරාලයි (Transfusion-Alternative Health Care—Meeting Patient Needs and Rights) නමැති වීඩියෝ පටය නිපදවා තිබෙනවා. මෙය නරඹන්න කියා ඔබව උනන්දු කරන්න කැමතියි. ඉන්පසු යාච්ඤා කර ඔබ ඉගෙනගත් දේවල් ගැන නැවත හොඳින් සිතා බලන්න. පහත සඳහන් ප්‍රශ්න මේ සඳහා ඔබට උපකාරවත් වෙයි.—සැලකිය යුතුයි: මේ වීඩියෝ පටයේ සැත්කම් කරන දර්ශනද තිබෙන නිසා මෙය කුඩා දරුවන් සමඟ නැරඹීම සුදුසුද කියා දෙමාපියන් තීරණය කළ යුතුයි.
(1) වෛද්‍ය වෘත්තියේ නියැලී සිටින අය රුධිර ප්‍රවේශන ගැන හොඳින් සිතා බලන්නේ ඇයි? (2) රුධිර ප්‍රවේශනයකින් තොරව කර තිබෙන බරපතළ සැත්කම් තුනකට උදාහරණ දෙන්න. (3) රුධිර ප්‍රවේශනයක් නොකර ප්‍රතිකාර කිරීමට හෝ සැත්කම් කිරීමට ලොව පුරා වෛද්‍යවරුන් කීදෙනෙක් කැමැත්ත පළ කර තිබෙනවාද? ඔවුන් එසේ කිරීමට කැමැත්ත පළ කර තිබෙන්නේ ඇයි? (4) රුධිරය භාවිත කිරීම ගැන මෑතකදී රෝහල්වල කළ අධ්‍යයනවලින් හෙළ වී තිබෙන්නේ කුමක්ද? (5) රුධිර ප්‍රවේශනයේ තිබෙන අනතුරු මොනවාද? (6) රුධිරය වෙනුවට යොදාගන්නා ප්‍රතිකාර ක්‍රම ගැන බොහෝ වෛද්‍යවරුන් පැමිණ තිබෙන නිගමනය කුමක්ද? (7) රක්ත හීනතාවට (ලේ අඩුකමට) හේතු මොනවාද? රක්ත හීනතාව බරපතළ නොවන්නේ කුමන අවස්ථාවකදීද? මෙයට තිබෙන ප්‍රතිකාර මොනවාද? (8) රෝගියෙකුගේ සිරුරේ රතු රුධිරාණු නිෂ්පාදනය වැඩි කළ හැක්කේ කෙසේද? (9) සැත්කමකදී රුධිරය පිටවීම අඩු කරගැනීම සඳහා යොදාගනු ලබන ක්‍රම සමහරක් මොනවාද? (10) විකල්ප ප්‍රතිකාර ක්‍රම කුඩා දරුවන්ට හා ආසාධ්‍ය රෝගීන්ට ලබා දීම සාර්ථකද? (11) වෛද්‍යවරුන් රෝගියාගේ කුමන අයිතිවාසිකම ගැන සැලකිලිමත් විය යුතුද? (12) හදිසි තත්වයක් පැනනඟින්න කලින් රුධිරය නොමැතිව කරන ප්‍රතිකාර ක්‍රම ගැන ක්‍රිස්තියානීන් තේරීමක් කර තිබීම වැදගත් වන්නේ ඇයි? අපිට මෙය කළ හැක්කේ කෙසේද?
වීඩියෝ පටයේ තිබූ ඇතැම් ප්‍රතිකාර ක්‍රම පිළිගැනීම බයිබල් ප්‍රතිපත්ති අනුව හැඩගසාගත් තමන්ගේ හෘදය සාක්ෂියට අනුව එක් එක්කෙනා ගන්න පෞද්ගලික තීරණයක්. ඔබ සඳහාත් ඔබේ දරුවන් සඳහාත් ඔබ පිළිගන්නා ප්‍රතිකාරය හෝ සැත්කම් ක්‍රමය ගැන ඔබ පැහැදිලි තීරණයක් ගෙන තිබෙනවාද? මේ කාරණා ගැන තව තොරතුරු දැනගැනීම සඳහා 2004 ජූනි 15 හා 2000 ඔක්තෝබර් 15 මුරටැඹ සඟරාවල “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති කොටස බලන්න. එමෙන්ම 2006 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ “රුධිරයේ අනුකොටස් භාවිතය හෝ ඔබේම රුධිරය භාවිත කරමින් කරන ප්‍රතිකාර ගැන ඔබ දරන ස්ථාවරය කුමක්ද?” නමැති අතිරේක ලිපියද බලන්න. ඔබ ගෙන තිබෙන තීරණ ගැන ‘රුධිරය එපා!’ කාඩ් පතේ සඳහන් ඔබ වෙනුවෙන් කටයුතු කිරීමට පත් කර ඇති තැනැත්තන්ව හා සාක්ෂිකරුවන් නොවන පවුලේ අයව හොඳින් දැනුවත් කළ යුතුයි.