ඔබට කළ හැකි තේරීම් ගැන ඔබ දන්නවාද?
තමන්ගේ සැත්කම රුධිරය නොමැතිව කරන්න කියා අපේ සහෝදරයන් ඉල්ලා සිටින විට ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන් බොහෝදෙනෙක් හොඳ ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. රුධිරය නොමැතිව කළ හැකි ප්‍රතිකාර ගැන ඔබට හොඳ අවබෝධයක් තිබෙනවාද? ඔබ ලබාගන්නා වෛද්‍ය ප්‍රතිකාර හා සැත්කම් ගැන නැණවත් තීරණයක් ගැනීමට නම් ඔබ ඒ ගැන හොඳින් දැන සිටිය යුතුයි. රුධිරය එපා—වෛද්‍ය විද්‍යාව රුධිරය සම්බන්ධ අභියෝගයට මුහුණ දෙයි නමැති තේමාවෙන් යුත් වීඩියෝ පටය හෝ DVD තැටිය නැරඹීම ප්‍රයෝජනවත් වෙයි. ඉන්පසු යාච්ඤාපූර්වකව පහත සඳහන් ප්‍රශ්න සැලකිල්ලට ගන්න. සැත්කම් කිහිපයක කෙටි දර්ශන මෙහි ඇතුළත් නිසා දරුවන්ට ඒවා පෙන්වනවාද නැද්ද කියා තීරණය කිරීමට දෙමාපියන්ට හැකියි.
(1) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුධිරය ප්‍රතික්ෂේප කරන ප්‍රධාන හේතුව කුමක්ද? (2) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමති වන්නේ කුමන ආකාරයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටද? (3) රෝගියෙකුට තිබෙන මූලික අයිතිවාසිකම කුමක්ද? (4) රුධිරය වෙනුවට ලබාගත හැකි වෙනත් ප්රතිකාරතෝරාගැනීම අනුවණ තීරණයක් නොවන්නේ ඇයි? (5) අධික ලේ ගැලීමක් සිදු වන විට වෛද්‍යවරුන්ට කළ හැකි දේවල් දෙකක් තිබෙනවා. ඒවා මොනවාද? (6) රුධිරය වෙනුවට භාවිත කළ හැකි වෙනත් ප්‍රතිකාරවලදී සැලකිල්ලට ගත යුතු මූලික කාරණා හතර මොනවාද? (7) වෛද්‍යවරුන්ට (අ) ලේ ගැලීම අවම කළ හැක්කේ කෙසේද? (ආ) රතු රුධිරාණු ආරක්ෂා කළ හැක්කේ කෙසේද? (ඇ) ලේ නිෂ්පාදනය වැඩි කළ හැක්කේ කෙසේද? (ඈ) රුධිරය අපතේ යෑම අවම කළ හැක්කේ කෙසේද? (8) (අ) රුධිරය තනුක කිරීමට අයත් වන්නේ මොනවාද? (ආ) රුධිර සෛල අපතේ නොයැවීමට ගන්නා පියවර මොනවාද? (9) රුධිරය වෙනුවට භාවිත කළ හැකි ප්‍රතිකාර පිළිගන්නා විට ඔබ දැනුවත් විය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද? (10) රුධිරය ලබා නොගෙන ඉතා බරපතළ සැත්කම් සිදු කළ හැකිද? (11) වර්තමාන වෛද්‍ය ක්ෂේත්රයේ අප දකින්නේ කුමන දියුණුවක්ද?
මෙම DVD තැටියේ දක්වා ඇති ඇතැම් ප්‍රතිකාර පිළිගන්නවාද නැද්ද යන්න පෞද්ගලික තීරණයක්. ඔබ තීරණ ගත යුත්තේ බයිබලයේ ඉගැන්වීම්වලට අනුව පුහුණු කළ ඔබේ හෘදය සාක්ෂියට අනුවයි. ඔබ සහ ඔබේ දරුවන් පිළිගන්නා වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් ගෙන DPA පෝරමය සම්පූර්ණ කර තිබෙනවාද? මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා 2004 ජූනි 15 හා 2000 ඔක්තෝබර් 15 මුරටැඹ සඟරාවල “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති කොටස හොඳින් සලකා බලන්න. ඉන්පසු ඔබ ලබාගැනීමට එකඟවන හෝ ලබාගැනීමට එකඟ නොවන තේරීම් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා 2006 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ පළ වූ “රුධිරයේ අනුකොටස් භාවිතය හෝ ඔබේම රුධිරය භාවිත කරමින් කරන ප්‍රතිකාර ගැන ඔබ දරන ස්ථාවරය කුමක්ද?” නැමති තේමාවෙන් යුත් ලිපිය හොඳින් අධ්‍යයනය කරන්න. ඉන්පසු ඔබේ තීරණය DPA පෝරමයේ නිවැරදිව සඳහන් කරන්න. ඔබ ගත් තීරණ ගැන ඔබ වෙනුවෙන් කටයුතු කිරීමට පත් කර ඇති තැනැත්තාවත් ඔබේ පවුලේ සිටින සාක්ෂිකරුවන් නොවන සාමාජිකයන්වත් දැනුවත් කරන්න.
[3වන පිටුවේ කොටුව]
• ඔබ සඳහාත් ඔබේ දරුවන් සඳහාත් ලබාගැනීමට කැමති වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය රැකගැනීමට ඔබ අදිටන් කරගෙන සිටිනවාද?
• හදිසි අවස්ථාවකදී ඉදිරිපත් කිරීම සඳහා සම්පූර්ණ කළ DPA පෝරමය ඔබ රැගෙන යනවාද?