ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 7 පි.
  • හදිසි තත්වෙකට දැන්ම ලෑස්ති වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හදිසි තත්වෙකට දැන්ම ලෑස්ති වෙන්න
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබ එය කල් දමනවාද?
    2010 අපගේ රාජ්‍ය සේවාව
  • ඔබට කළ හැකි තේරීම් ගැන ඔබ දන්නවාද?
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • ඔබට කළ හැකි තේරීම් ගැන ඔබ දන්නවාද?
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • හදිසි තත්වයකදී ඔබ ලබාගන්නා ප්‍රතිකාර මොනවාද?
    2012 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

හදිසි තත්වෙකට දැන්ම ලෑස්ති වෙන්න

ලෑස්ති වෙන්න ඕනෙ ඇයි? නොහිතන වෙලාවක අපි ලෙඩ වෙන්න පුළුවන්. රෝහල්ගත වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවක ලබාගන්න පුළුවන් හොඳම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මොනවාද කියලා දැන්ම හොඳට දැනුවත් වෙලා ඉන්න එක හරිම වැදගත්. එතකොට ජීවිතයට වගේම ලේ ගැන යෙහෝවා දෙවියන් දීලා තියෙන නීතියටත් ගරු කරනවා කියලා පෙන්නන්න අපිට පුළුවන්.—ක්‍රියා 15:28, 29.

ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද?

  • යාච්ඤා කරලා හැම පැත්තක් ගැනම හොඳට හිතලා සෞඛ්‍ය ප්‍රතිකාරවලට අදාළ ස්ථාවර ඇටෝනි බලපත්‍රය (DPA) පුරවන්න.a බව්තීස්ම වුණ ප්‍රචාරකයන්ට පුළුවන් DPA කාඩ් එකක් පොත් පත් සේවකගෙන් ඉල්ලගන්න. පුංචි දරුවන් වෙනුවෙන් ‘හැඳුනුම්පතක්’ (ic) ඉල්ලගන්නත් එයාලට පුළුවන්

  • ඔයා ගර්භණී කෙනෙක් නම් ‘ගැබ්ගෙන ඇති මව්වරුන්ට අවශ්‍ය තොරතුරු’ (S-401) කියන ලිපියේ පිටපතක් වැඩිමහල්ලන්ගෙන් ඉල්ලගන්න. සමහරවිට ගර්භණී කාලේදී වගේම දරුවා ඉපදෙද්දී මූණ දෙන්න වෙන වෛද්‍ය ගැටලුවලදී හොඳ තීරණ ගන්න ඒක ඔයාට උදව් වෙයි

  • ලේ සම්බන්ධ අභියෝගෙකට මූණ දෙන්න සිද්ධ වෙන ප්‍රතිකාරයක් ලබාගන්න හරි රෝහල්ගත වෙන්න හරි ඔයාට සිද්ධ වෙනවා නම් වැඩිමහල්ලන්ට ඒ ගැන කලින්ම කියන්න. ඒ වගේම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දේවගැතිවරයෙක් ඔයාව බලන්න එනවා කියලා රෝහලට දැනුම් දෙන්න

වැඩිමහල්ලන් ඔයාට උදව් කරන්නේ කොහොමද? DPA කාඩ් එක පුරවන්න එයාලා ඔයාට උදව් කරයි. ඒත් වැඩිමහල්ලන් ඔයා වෙනුවෙන් තීරණ ගන්නේ නැහැ. ඔයා ගන්න තීරණය ගැන එයාලාගේ පෞද්ගලික අදහස් කියන්නෙත් නැහැ. (රෝම 14:12; ගලා 6:5) ඔයාට ලේ සම්බන්ධ අභියෝගෙකට මූණ දෙන්න සිද්ධ වෙනවා කියලා වැඩිමහල්ලන්ට කිව්වාම එයාලා ඔයා වෙනුවෙන් ඉක්මනින්ම රෝහල් සබඳතා කමිටුව (HLC) දැනුවත් කරයි.

HLC එක ඔයාට උදව් කරන්නේ කොහොමද? වෛද්‍ය සහ නීතික ක්ෂේත්‍රවල ඉන්න අයට ලේ ගැන අපේ ආගමික ස්ථාවරය පැහැදිලි කරන්න HLC එකේ සේවය කරන සහෝදරයන්ව පුහුණු කරලා තියෙනවා. එයාලට පුළුවන් ඔයාට ප්‍රතිකාර ලබා දෙන කෙනා එක්ක ලේ පාවිච්චි කරන්නේ නැතුව කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම ගැන සාකච්ඡා කරන්න. ඕනෙ වුණොත් සාක්ෂිකරුවන්ට සහය දෙන වෛද්‍යවරයෙක්ව හොයාගන්න ඔයාට උදව් කරන්නත් එයාලට පුළුවන්.

‘ප්‍රතිකාර තෝරගද්දී ඥානවන්ත තීරණ ගන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

  • ලේ සම්බන්ධ අභියෝගෙකට මූණ දෙන්න කලින්ම ලෑස්ති වෙන්න පුළුවන් විදි ගැන මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

a ලේ පාවිච්චි කරන්න ඉඩ තියෙන ප්‍රතිකාර ක්‍රම තෝරගද්දී හොඳ තීරණ ගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 39වෙනි පාඩම ඔයාට උදව් වෙයි.

ඔයා ලෑස්තිද?

ලේ පාවිච්චි කරන්න ඉඩ තියෙන ප්‍රතිකාරයකට මූණ දෙන්න වෙද්දී,

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න