“අපි එක්ව ඔහුගේ නාමය උසස් කරමු”
1. එක්ව දෙවිගේ නාමය උසස් කිරීමට අපට තිබෙන ප්‍රස්තාව කුමක්ද? ඊට සූදානම් වීමක් වශයෙන්, අපට දැන් කළ හැක්කේ කුමක්ද?
1 “මා සමඟ යෙහෝවාව වර්ණනා කරව්, අපි එක්ව ඔහුගේ නාමය උසස් කරමු” යයි ගීතිකාකරු ගායනා කළේය. (ගීතා. 34:3) “දෙවි සමඟ ගමන් කරන්න” යන අපගේ ඉදිරි දිස්ත්‍රික් සමුළුව, බොහෝ සභාවලින් පැමිණෙන අපගේ සහෝදර සහෝදරියන් සමඟ එක්ව යෙහෝවාගේ නාමය උසස් කිරීමට අපට ප්‍රස්තාවක් ලබා දෙයි. ඔබ මේ සඳහා නවාතැන්, ප්රවාහණය සහ රැකියාවෙන් නිවාඩු ගැනීමට කටයුතු පිළියෙල කොට තිබෙනවාද? මේ කාරණා ගැන අප විසින් කලින්ම සූදානම් කිරීම ඥානවන්තය.—හිතෝ. 21:5.
2. සමුළු භූමියට වේලාසනින්ම පැමිණීම ප්‍රයෝජනදායක වන්නේ මන්ද?
2 සමුළු භූමිය කරා කලින්ම පැමිණෙන්න: සමුළුවකට පැමිණීමේදී සැලකිල්ල දැක්විය යුතු බොහෝ කාරණා තිබේ. වේලාසනින්ම නිවසින් පිටත් වීමෙන් අපට අනපේක්ෂිත ප්‍රමාද වීම් වළක්වාගත හැකි අතර, ආරම්භක ගීතිකාවට හා යාච්ඤාවට මුළු සිතින්ම හවුල් වීම සඳහා කල් ඇතුව අසුන්ගැනීමටද ඒ මගින් හැකි වෙයි. (ගීතා. 69:30) සැසිවාරය ආරම්භ කිරීමට විනාඩි කිහිපයකට පෙරාතුව, සභාපති වේදිකාව මත අසුන්ගෙන සිටින අතර, ආරම්භක රාජ්‍ය සංගීතය වාදනය වනු ඇත. අප සියලුදෙනාම ඒ වේලාවේදී අසුන්ගෙන සිටිය යුතු අතර, එවිට වැඩසටහන ගෞරවනීය අන්දමකින් ආරම්භ කළ හැකි වෙයි.—1 කොරි. 14:33, 40.
3. වෙනත් අය ආසන සොයන විට අපට ඔවුන් කෙරෙහි සැලකිල්ල පෙන්විය හැක්කේ කෙසේද?
3 ‘ඔබ කරන සෑම කටයුත්තක්ම ප්‍රේමයෙන් කරනු ලැබේවා’ යයි දේවවචනය අපට අවවාද කරයි. (1 කොරි. 16:14, NW) පෙරවරු 8.00ට සමුළු භූමියේ ගේට්ටු හෝ දොරවල් විවෘත වන විට, අප අනුන් කෙරෙහි දක්වන සැලකිල්ල නිසා, අප දුවමින්, කලබල වෙමින් අනුන්ට කලින් අප කැමති ආසන ගැනීමට උත්සාහ කරන්නේ නැත. ඔබ සමඟ එකම වාහනයේ ගමන්ගන්නා අයට හෝ ඔබ සමඟ එකම නිවසේ ජීවත් වන අයට පමණක් ආසන වෙන් කළ හැකියි.—1 කොරි. 13:5; පිලි. 2:4.
4. දිවා ආහාර සඳහා කර තිබෙන සැලසුම් මොනවාද? මෙය ප්‍රයෝජනදායක වන්නේ මන්ද?
4 දිවා විවේක කාලයේදී ආහාර ගෙන ඒමට සමුළු ශාලාවෙන් පිට වෙනවා වෙනුවට, දිවා ආහාර රැගෙන ඒමට උත්සාහ කරන්න. ගොඩනංවනසුලු ආශ්‍රයක් භුක්ති විඳීමටද, මධ්‍යාහ්න සැසිවාරය ආරම්භ වෙත්ම අසුන්වල සිටීමටද මේ මගින් ඔබට හැකි වෙනවා ඇත. අවශ්‍ය නම්, ආහාර අසුරන ලද කුඩා ප්ලාස්ටික් පෙට්ටියක් වැනි යමක් ඔබගේ ආසනය යටින් තබාගත හැකියි. වීදුරු භාජන සහ වීදුරු බෝතල් සමුළු භූමියට ගෙන යෑමට අවසර නැත.
5. ශ්රාව්යාබාධ ඇති අය සඳහා ඇති කර තිබෙන සැලසුම් මොනවාද?
5 ඇසීමේ ආබාධවලින් පෙළෙන අයගේ ප්‍රයෝජනය සඳහා කොළඹ ප්‍රදේශයේදී පැවැත්වෙන වැඩසටහන සමුළු භූමියේ එක් කොටසක සංඥා භාෂාවටද පරිවර්තනය කරනු ලබනවා ඇත. උපකාරය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා කරුණාකර සමුළු පරිපාලන අංශයෙන් තොරතුරු ලබාගන්න.
6. අපට සමුළුවේදී ලැබීමට නියමිත උපදෙස් ලබාගැනීමට අප සිත සූදානම් කරගත යුත්තේ කෙසේද?
6 ආත්මික මංගල්‍යයක් දෙස අපි බලා සිටිමු: යෙහෝෂාපාට් රජ ‘දෙවි සෙවීමට [ඔහුගේ] සිත සූදානම් කරගත්’ අයෙකි. (2 ලේක. 19:3, NW) සමුළුව ආරම්භයට පෙරාතුවම අපට අපේ සිත් සූදානම් කරගත හැක්කේ කෙසේද? මැයි 22 එවේක්! සහ ජූනි 8 පිබිදෙව්! කලාපවල අන්තිම පිටුවේ මෙම ආත්මික මංගල්‍යය ගැන යම් මූලික විස්තරයක් ඉදිරිපත් කර ඇත. මේ ලිපි හොඳින් කියවා, යෙහෝවා අප වෙනුවෙන් ගබඩා කර තිබෙන දේවල් ගැන අගය වැඩි කරගන්න. තවද, අපට ලැබෙන උපදෙස්වල නියම අර්ථය තේරුම්ගෙන ඒවා අදාළ කරගැනීමට යෙහෝවාගේ උපකාර ඉල්ලීමද සිත සූදානම් කරගැනීමට ඇතුළත් වෙයි.—ගීතා. 25:4, 5.
7. අපගේ ආශාව කුමක්ද? ඒ මන්ද?
7 දෙවිගේ වචනයෙන් තව තවත් දේවල් ඉගෙනගැනීමට අපි ආශාවෙන් බලා සිටිමු. මන්ද ඒ මගින් අපට ගැලවීම කරා වැඩි දියුණු විය හැකි බව අපි දන්නා නිසාය. (2 පේතෘ. 2:2) මෙබැවින්, අපි අපගේ “දෙවි සමඟ ගමන් කරන්න” දිස්ත්‍රික් සමුළුවට පැමිණ, ‘එක්ව යෙහෝවාගේ නාමය උසස් කරමු.’—ගීතා. 34:3.
[Caption on page 3]
දෙවිගේ නාමය උසස් කරන ක්‍රම
◼ කලින්ම සැලසුම් කරන්න
◼ අනුන් කෙරෙහි ප්‍රේමය පෙන්වන්න
◼ ඔබගේ සිත සූදානම් කරගන්න