දෙවි සපයන පෝෂණයෙන් ප්‍රයෝජන ගනිමු
1. දෙවි ඔහුගේ සෙනඟගේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේ කෙසේද?
1 යෙහෝවා දෙවි ප්‍රේමණීය ලෙස ඔහුගේ සේවකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. දෙවිගේ සෙනඟට නොඅඩුව ලැබෙන දැනුම ගැන සිතන විට ලෝකයේ මිනිසුන් සිටින්නේ කුසගින්නෙයි. (යෙසා. 65:13) දෙවි සපයන පෝෂණ වැඩසටහනේ එක් වැදගත් අංගයක් වන්නේ දිස්ත්‍රික් සමුළුයි. ළඟදී පැවැත්වීමට නියමිත “දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙමු” නමැති තේමාවෙන් යුත් දිස්ත්‍රික් සමුළුවේ සෑම සැසිවාරයකටම පැමිණීම සඳහා කටයුතු පිළියෙළ කිරීමට ඔබ පටන්ගෙන තිබෙනවාද? අපට මහත් තෘප්තියක් ලැබිය හැකි වැඩසටහනක් මෙවරත් පිළියෙළ කර තිබෙනවා.
2. සමුළුව සඳහා සැලසුම් කිරීමේදී කළ හැකි දේවල් මොනවාද?
2 කල්තියා සැලසුම් කරන්න: “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.” (හිතෝ. 21:5, NW) සමුළුවේ දින තුනටම පැමිණීම සඳහා ඔබ සැලසුම් කරන විට එම දිනවල රැකියාවෙන් නිවාඩු ඉල්ලීම ප්‍රමාද කරන්න එපා. ඔබට නවාතැන් අවශ්‍යය නම් ඒ සඳහා ඔබ දැනටමත් කටයුතු පිළියෙළ කර තිබෙනවාද? දිවා ආහාර රැගෙන ඒමටද සැලසුම් කරන්න. එසේ කිරීමෙන් සමුළු භූමියේ සිට සහෝදර ඇසුර භුක්ති විඳිමින් ආහාර ගැනීමට ඔබට හැකි වෙයි. සෑම දවසකම හැකි තරම් වේලාසනින් පැමිණීමටද සැලසුම් කරන්න. එසේ කිරීමෙන් ආසන සොයාගැනීමටත් ආරම්භක ගීතිකාවට හා යාච්ඤාවට හවුල් වීමටත් ඔබට හැකි වෙයි.
3. සමුළුවට යන විට අප ඇඳ පැළඳ සිටිය යුත්තේ කෙසේද?
3 සමුළුවට යන විට අපේ ඇඳුම් පැළඳුම් හා පෙනුම විනීතව තිබිය යුතුයි. (1 තිමෝ. 2:9, 10) දිස්ත්‍රික් සමුළු පවත්වන දවස්වලදී ජනයාට සාක්ෂි දැරීම සඳහා කදිම ප්‍රස්තා උදා වෙයි. සමුළුවට යන එන විට ගෞරවාන්විතව ඇඳ පැළඳ සිටීමෙන් හා සමුළු බැජ් කාඩ් පත් පැළඳ සිටීමෙන් අපි වෙනස් සෙනඟක් බව ජනයා දකියි. අප ගැන හොඳ හැඟීමක් එමගින් ඔවුන් තුළ ඇති වෙයි.
4. සමුළු වැඩසටහනින් බොහෝ ප්‍රයෝජන ගැනීමට අපත් අපේ පවුලේ අයටත් කළ හැක්කේ කුමක්ද?
4 හොඳින් සවන් දෙන්න: සමුළු වැඩසටහනේ කිසිම කොටසක් අතපසු නොකිරීම අපි සැමදෙනාගේම ආශාව බව නිසැකයි. (හිතෝ. 22:17, 18) කථිකයන් බයිබල් පද කියවන විට ඔබේ බයිබලය පෙරළා බලන්න. කෙටි සටහන් ගන්න. එසේ කිරීමෙන් මනස එහා මෙහා යෑම වළක්වාගත හැකියි. අපි ඉගෙනගත් විශේෂ කරුණු දවස අවසානයේදී අන් සමඟ කතා කරන්නත් අපට පුළුවන්. පසුගිය සමුළුවලදී සමහර යෞවනයන් එකට අසුන්ගෙන වැඩසටහන අතරතුරේදී එකිනෙකා සමඟ කතා කරනවාත් ජංගම දුරකථනවලින් පණිවිඩ යවනවාත් සමහර අය දැක තිබෙනවා. කුඩා දරුවන්ව වගේම යෞවන වියේ පසුවන දරුවන්වද ළඟ තබාගනිමින් පවුලක් හැටියට වැඩසටහනට සවන් දීමෙන් බොහෝ ප්‍රයෝජන ලබන්න පුළුවන්. දෙමාපියන් තමන්ගේ යෞවන දරුවන්ට තමන්ගෙන් ඈත් වී වෙනත් යෞවනයන් සමඟ අසුන්ගැනීමට ඉඩ නොහැර තමන් ළඟ තබාගෙන සිටිනවා නම් හොඳයි.
5. අප සමුළුවෙන් ලබන ප්‍රීතිය තවත් වැඩි වන්නේ කුමකින්ද?
5 සහෝදර ඇසුර භුක්ති විඳින්න: මිතුරන් සමඟ රසවත් ආහාරයක් භුක්ති විඳින විට මහත් ප්‍රීතියක් ලැබෙනවා. (හිතෝ. 15:17) ඒ හා සමානව අපේ සහෝදර සහෝදරියන් සමඟ අපි ඇසුරු කරන විට සමුළුවෙන් අපි ලබන ප්‍රීතිය තවත් වැඩි වෙයි. මේ නිසා වැඩසටහනට කලින් හා පසුව අන් අය ළඟට ගොස් කතා බහ කරමු. (ගීතා. 133:1) සංගීතය පටන්ගැනීමට කලින් ආසනවලට යන්න කියා සැසිවාර සභාපති අපට ආරාධනා කරන විට අප කතා බහ නතර කර ආසනවලට යා යුතුයි.
6. සමුළුවට යන එන විට සාක්ෂි දැරීම ගැන ඔබට තිබෙන අද්දැකීමක් ඉදිරිපත් කරන්න.
6 සාක්ෂි දැරීමට සැමවිටම සූදානම් වී සිටින්න: ජනයාට සාක්ෂි දැරීමට කදිම ප්‍රස්තා සමුළුවලදී උදා වෙනවා. සමුළුව අවසානයේදී නිවෙස් බලා යන විට බැජ් කාඩ් පත පැළඳ සිටීමෙන් සාක්ෂි දැරීමට අවස්ථා උදා වී තිබෙනවා. පසුගිය වසරවලදී එසේ සාක්ෂි දැරීම නිසා සමහර අය සමුළුවට පැමිණ තිබුණා.
7. දිස්ත්‍රික් සමුළුවේ දින තුනටම අපි පැමිණිය යුත්තේ ඇයි?
7 සමුළු වැඩසටහන සූදානම් කිරීමටත් එක්රැස්වීම් ශාලාව සමුළුව සඳහා සූදානම් කිරීමටත් විවිධ අංශ සංවිධානය කිරීමටත් කතා සූදානම් කිරීමටත් පැය දහස් ගණනක් වැය කරනු ලබනවා. මේ සෑම දෙයකින්ම පෙනී යන්නේ යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ කෙරෙහි මොනතරම් සැලකිල්ලක් දක්වනවාද කියායි. මෙය අගය කරමින් සම්පූර්ණ වැඩසටහනටම පැමිණෙමු. අපි එසේ කරන විට ලෝකයේ මිනිසුන්ට වෙනස්ව ‘සිතේ සතුටින් ගී ගයන්න’ අපිට හැකි වෙයි.—යෙසා. 65:14, NW.
[4වන පිටුවේ කොටුව]
දිස්ත්‍රික් සමුළු සිහිගැන්වීම්
◼ වැඩසටහන් වේලාවන්: දින තුනේම වැඩසටහන ආරම්භ වන්නේ පෙරවරු 9:20ටයි. සමුළු භූමියේ ගේට්ටු විවෘත කරන්නේ පෙරවරු 8:00ටයි. ආරම්භක සංගීතය වාදනය වීමට පටන්ගන්නා විට අප සියලුදෙනාම අසුන් ගත යුතුයි. එවිට වැඩසටහන ගෞවරනීය ආකාරයකින් ආරම්භ කිරීමට හැකි වෙයි. සිකුරාදා හා සෙනසුරාදා පස්වරු 4:55ටත් ඉරිදා පස්වරු 4:00ටත් වැඩසටහන අවසන් වෙයි.
◼ රථ ගාල: සමුළු බැජ් කාඩ්පත් වාහන නැවැත්වීමේ අවසර පත්‍රයක් ලෙස සැලකෙයි. ආබාධිත අය සඳහා වෙන් කර තිබෙන කොටසේ රථ නැවැත්වීමට අවසර තිබෙන්නේ ඒ අයට පමණයි.
◼ ආසන වෙන් කිරීම: ආසන වෙන් කළ හැක්කේ ඔබත් සමඟ එකම වාහනයේ ගමන් කරන හෝ එකම නිවසේ පදිංචිව සිටින අය වෙනුවෙන් පමණයි.
◼ දිවා ආහාරය: දහවල් ආහාරය රැගෙන එන්න. එවිට සමුළු භූමියෙන් පිටතට යෑමෙන් වැළකී සිටිය හැකියි. ආසන යට තැබිය හැකි කුඩා භාජන රැගෙන ආ හැකියි. විශාල බඳුන්, වීදුරු බදුන් සහ මත් පැන් සමුළු භූමියට රැගෙන ඒම සපුරා තහනම්.
◼ සම්මාදම්: සමුළු සඳහා අපේ අගය කිරීම පෙන්විය හැකි එක් ආකාරයක් වන්නේ අපගේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා සමුළුවේදී සම්මාදම් කිරීමයි. චෙක්පතකින් සම්මාදම් කරනවා නම් “Watch Tower Bible and Tract Society of Lanka” යන නමින් චෙක් පත ලිපිය යුතුයි.
◼ අනතුරු සහ හදිසි අවස්ථාවන්: සමුළු භූමිය තුළ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට තරම් හදිසිතාවක් ඇති වුවහොත් ළඟම සිටින පරිවාරකයෙකුට දැනුම් දෙන්න. ඔහු ප්‍රථමාධාර අංශයට වහාම දැනුම් දෙයි. එවිට ප්‍රථමාධාර අංශයේ සිටින සුදුසුකම් ලත් සහෝදරයන් තත්වයේ බරපතළකම අනුව අවශ්‍ය උපකාර ලබා දෙයි. අවශ්‍ය නම් ඔවුන් ගිලන් රථයක් ගෙන්වයි.
◼ ළමා කරත්ත හා අකුළන පුටු: මේවා සමුළු භූමියට ගෙන ඒමෙන් වළකින්න. කෙසේවෙතත් දෙමාපියන්ගේ ආසන අසල තබාගැනීමට ඉඩ තිබෙනවා නම් පමණක් දරුවන්ව ආරක්ෂිතව තබන විශේෂ ආසන රැගෙන ආ හැකියි.
◼ සුවඳ විලවුන්: ස්වසන හෝ ඒ ආශ්රිත රෝගාබාධ තිබෙන අයට හානිකර විය හැකි නිසා සැර සුවඳක් හමන විලවුන් භාවිතයෙන් වැළකීම සුදුසුයි.—1 කොරි. 10:24.
◼ නැවත ගොස් බැලීමේ පත්‍රිකා: සමුළු පැවැත්වෙන දවස්වලදී කරනු ලබන අවිධිමත් සාක්ෂි දැරීමක තොරතුරු සටහන් කරගැනීමට නැවත ගොස් බලන්න (S-43) නම් පත්‍රිකාව යොදාගත යුතුයි. ඒ සඳහා ප්‍රචාරකයන් සමුළුවට පැමිණෙන විට එම පත්‍රිකාවක් හෝ දෙකක් රැගෙන යා හැකියි. එම පත්‍රිකා පුරවා සමුළුවේ පොත් අංශයට හෝ ඔබේ සභාවේ ලේකම්ට භාර දීමට පුළුවන්.—වර්ෂ 2005 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ 6වන පිටුව බලන්න.
◼ ආපන ශාලා: ආපන ශාලාවලදී යෙහෝවා දෙවිගේ නාමයට ගෞරවයක් ලැබෙන අයුරින් හැසිරෙන්න. ලබා දුන් සේවය වෙනුවෙන් සතුටෙන් යම් මුදලක් තබා ඒමේ සිරිතක් පවතිනවා.
◼ හෝටල් හා නවාතැන්: (1) අවශ්‍ය ප්‍රමාණයට වඩා කාමර වෙන් නොකරන්න. කාමරයක නවාතැන් ගැනීමට අවසර දී තිබෙන සංඛ්‍යාව පමණක් නවාතැන් ගන්න. (2) කාමර වෙන් කිරීම අවලංගු කරනවා නම් හෝටල් කළමනාකාරීන්ට හැකි ඉක්මනින් ඒ බව දන්වන්න. (3) ඔබේ බඩු බාහිරාදිය ගෙන යෑමට භාවිත කරන කරත්ත අවශ්‍ය වේලාවට පාවිච්චි කර ඔබේ කාර්යය අවසන් වූ වහාම වෙනත් අයට පාවිච්චි කිරීම සඳහා එය අදාළ ස්ථානයේ තබන්න. (4) ආහාර පිසීමට අවසර නැත්නම් කාමරයේදී එසේ නොකරන්න. (5) කාමරය පිරිසිදු කරන සේවකයාට සෑම දිනකම සන්තෝෂ දීමනාවක් තබා පැමිණෙන්න. (6) ඔබෙන් මිලක් අය නොකර හෝටලයෙන් සපයන දේවල් අනිසි ලෙස භාවිත නොකරන්න. සමහරවිට එයට උදෑසන ආහාර, කෝපි හෝ තේ වැනි දේ අයත් විය හැකියි. (7) හෝටලයේ කාර්ය මණ්ඩලය සමඟ කටයුතු කරන සෑම විටම ක්‍රිස්තියානි ගුණාංග විදහා පාන්න.