සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ සැප්. 1
“අද මිනිස්සු එකිනෙකාට විශ්වාසවන්තව ඉන්නවා හුඟක් අඩුයි නේද? මේ බලන්න, මේ කියන විදිහට මිතුරෙක් අපට හිටියොත් කොහොමද? [හිතෝපදේශ 17:17 කියවන්න. අදහස් දැක්වීමට ඉඩහරින්න.] අපේ පවුලේ අයට සහ මිත්‍රයන්ට විශ්වාසවන්තව සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන මේ සඟරාවේ පෙන්වනවා.”
පිබිදෙව්! සැප්. 8
“සත්තු අතර තිබෙන සහජීවනය දැකලා ඔබ පුදුම වෙලත් ඇති. [මෙම ලිපියේ සඳහන් කර ඇති එක් උදාහරණයක් සඳහන් කරන්න.] මේ වගේ බැඳීමක් මිනිස්සු අතර නැති එක හුඟාක් කනගාටුයි නේද? [අදහස් දැක්වීමට ඉඩහරින්න.] මේ සඟරාවේ පෙන්වලා තියෙනවා ළඟදීම දෙවි මේ පොළොවට සාමය හා සමඟිය ඇති කරන්නේ කොහොමද කියලා.” යෙසායා 11:9 කියවන්න.
මුරටැඹ සැප්. 15
“අද ලෝකයේ යේසුස් ක්‍රිස්තුස් ගැන අහලා නැති කෙනෙක් නැහැ. සමහරු කියනවා ඔහු උතුම් මනුෂ්‍යයෙක් විතරයි කියලා. තවත් අය කියන්නේ යේසුස් සර්වබලධාරි දෙවියන් කියලයි. යේසුස් ක්‍රිස්තුස් ගැන ඔබ හිතන්නේ මොනවාද? [අදහස් දැක්වීමට ඉඩහරින්න.] යේසුස් ගැන සරල පැහැදිලි විස්තරයක් මේ සඟරාවේ තියෙනවා.” යොහන් 17:3 කියවන්න.
පිබිදෙව්! සැප්. 8
“ඔබ දැනගෙන හිටියාද ලෝකයේ වැඩියෙන්ම රැකියා සපයන ව්‍යාපාරය සංචාරක ව්‍යාපාරය කියලා? [අදහස් දැක්වීමට ඉඩහරින්න.] සංචාරක ව්‍යාපාරයේ දියුණුව ප්රයෝජනවලට වගේම ගැටලුවලටත් හේතු වෙලා තියෙනවා. මේ සඟරාවේ පෙන්වලා තියෙනවා, මේ ව්‍යාපාරයෙන් ඇති වන වාසි සහ අවාසි ගැන. ඒ වගේම රට රටවල සංචාරයේ යෙදෙන අයටත් මේ ලිපියේ හොඳ යෝජනා දීලා තියෙනවා.”