ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/05 1 පි.
  • හොඳින් නිරීක්ෂණය කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳින් නිරීක්ෂණය කරන්න
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ගෙවැසියා පවසන දේට අනුව කතා කරන්න
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • සේවයේ දක්ෂ වීමට නිවැසියා ගැන සැලකිලිමත් වෙන්න
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • නිවැසියාව සිතන්න පොලඹවන්න
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • ‘නින්දෙන් අවදි වීමට’ ජනයාට උපකාර කරන්න
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2005 අපගේ රාජ්‍ය සේවාව
km 11/05 1 පි.

හොඳින් නිරීක්ෂණය කරන්න

1 යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් ජනයාගේ විශේෂ අවශ්‍යතා හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය උපකාර දීමට මහත් කැමැත්තක් දැක්වුවා. (2 ලේක. 16:9; මාක් 6:34) අපත් අපට හමු වන අය උනන්දුව දක්වන දේවල් හඳුනාගෙන, ඔවුන්ට සරිලන ලෙස ශුභාරංචි පණිවුඩය සකස් කරගමු.

2 හැම දෙයක්ම හොඳින් බලන්න: යේසුස් නිතරම සෝදිසියෙන් සිටි කෙනෙක්. (මාක් 12:41-43; ලූක් 19:1-6) එලෙසම අපත් නිවසකට යන විට, ඒ නිවසේ තිබෙන ආගමික ලාංඡන, වාහනවල ස්ටිකර් හෝ මිදුලේ සෙල්ලම් බඩු දෙස හොඳින් බැලුවොත්, සාර්ථක ලෙස ශුභාරංචිය ඉදිරිපත් කිරීමට අවස්ථාවන් පාදාගැනීමට අපට හැකි වේවි.

3 පුද්ගලයෙකුගේ මුහුණේ ඉරියව්වෙන්, හැසිරීමෙන් ඔහුට හැඟෙන විදිහ ගැන යමක් අපට තේරුම්ගන්න පුළුවන්. (හිතෝ. 15:13) සමහරවිට ඔහුගේ පවුලේ කෙනෙක් මිය ගොස් ඇති. නැත්නම් කටුක අද්දැකීමක් නිසා ඔහුට සැනසීමක් අවශ්‍ය වෙලා ඇති. ගැළපෙන බයිබල් පද කිහිපයක් ඔහුට කියවීම ඉතා හොඳයි. (හිතෝ. 16:24) ගෙවැසියා ලහි ලහියේ ගෙයින් පිටතට යනවාද? නැත්නම් අඬන අත දරුවෙක් වඩාගෙන සිටිනවාද? එහෙමනම්, පසු වේලාවක යෑම හොඳයි. මෙසේ, ‘එකිනෙකා කෙරෙහි අනුකම්පාවත්’ සැලකිල්ලත් දක්වන්නේ නම් යළි දිනක හමු වන විට මොහු හොඳින් සවන් දේවි.—1 පේතෘ. 3:8.

4 තැනට ගැළපෙන ලෙස කතා කිරීම: ඇතන්ස් නුවර “නාඳුනන දෙවි කෙනෙකුට” කැප කරන ලද පූජාසනයක් පාවුල් දුටුවා. මෙය දුටු ඔහු ශුභාරංචිය ඉදිරිපත් කළ විදිහ වෙනස් කළා. ඔහු කීවේ මෙයයි. “මා ඔබට ප්‍රකාශ කරන්නේ, ඔබ නොදන්නාකමින් භක්තිය පිරිනමන ඒ දේ ගැනය.” පාවුල් මේ විදිහට අනුන්ගේ සිත් නොරිදවා කතා කළ නිසා, එතැන සිටි සමහරෙක් පණිවුඩය අසා පසුව ඇදහිලිවන්තයන් වුණා.—ක්‍රියා 17:23, 34.

5 මේ විදිහට, අප පුද්ගලයන් ගැන හොඳින් නිරීක්ෂණය කරනවා නම්, එක් එක් පුද්ගලයා කැමති අකමැති දේවල් වටහාගෙන ඒ අනුව කතා කිරීමට අපට හැකි වේවි. සිත්වල තිබෙන දේවල් දැනගැනීමට ප්‍රශ්න අසන්න. උනන්දුව වැඩි කිරීම සඳහා ගැළපෙන බයිබල් පදයක් පෙන්වන්න. (හිතෝ. 20:5) හොඳින් දේවල් ගැන නිරීක්ෂණය කරමින් අනුන් ගැන අවංකවම උනන්දු වෙනවා නම්, ශුභාරංචිය දක්ෂ ලෙස ඉදිරිපත් කිරීමට අපට හැකි වෙනවා නොඅනුමානයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න