සේවයේ දක්ෂ වීමට නිවැසියා ගැන සැලකිලිමත් වෙන්න
ඒක වැදගත් ඇයි? යේසුස් එක් එක් කෙනාට පෞද්ගලික සැලකිල්ලක් දැක්වුවා. උදාහරණයකට යේසුස් බිහිරි කෙනෙක්ව සුව කරපු අවස්ථාව මතකද? සෙනඟ මැද ඔහුව සුව කළොත් ඔහුව අපහසුතාවට පත් වෙයි කියලා යේසුස්ට දැනෙන්න ඇති. ඒ නිසා ඔහුව සුව කළේ මදක් ඈතට ගෙනිහින්. (මාක් 7:31-35) යේසුස් ඔහුගේ ගෝලයන්ගේ සීමාවන් තේරුම්ගත්ත නිසා දරන්න බැරි තරම් තොරතුරු ඔවුන්ගේ ඔළුවට දැම්මේ නැහැ. (යොහ. 16:12) දැන් යේසුස් ස්වර්ගයේ හිටියත් අනිත් අය ගැන පෞද්ගලික සැලකිල්ලක් දක්වනවා. (2 තිමෝ. 4:17) ඒ නිසා අපිත් ඔහුව ආදර්ශයට ගන්න ඕනේ. (1 පේතෘ. 2:21; 1 යොහ. 3:16, 18) නිවැසියාගේ පසුබිම, එයා කැමති අකමැති දේවල්, එයා අද්දකින ප්රශ්න ගැටලු ගැන සැලකිලිමත් වෙනවා නම් අපිට සේවයේ දක්ෂ වෙන්න පුළුවන්. අපි පොත් පත් දීලා නිකම්ම පණිවිඩයක් කියලා යන අය නෙමෙයි ඇත්තෙන්ම පෞද්ගලික සැලකිල්ලක් දක්වන අය කියලා නිවැසියාට දැනෙනවා නම් එයා අපිට හොඳින් ඇහුම්කන් දෙයි.
මාසය තුළ මෙය අත්හදා බලන්න
- නිවැසියෙක් කියන දේට අනුව පණිවිඩේ සකස් කරගන්න විදිහ ගැන පවුලේ නමස්කාරයේදී පෙරහුරු කරන්න. එහෙම නැත්නම් සේවයේ යන අතරතුරේදී අනිත් ප්රචාරකයා එක්ක ඒක පෙරහුරු කරන්නත් පුළුවන්. 
- ක්ෂේත්ර සේවා රැස්වීම මෙහෙයවන සහෝදරයාට පුළුවන් නිවැසියා ගැන සැලකිලිමත් වෙන විදිහ ගැන සාකච්ඡා කරන්න හෝ සැලකිලිමත් වෙන විදිහ පෙන්වන්න.