අත්හදා බැලීමට යෝජනා
අගෝස්තු මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“යේසුස් කිව්වම හුඟක් අයගේ මනසට එන්නේ කුරුසයක ඇණ ගහලා ඉන්න කෙනෙක්ව. නැත්තං ගව මඩුවක ඉන්න පුංචි දරුවෙක්ව. ඔයා දන්නවද යේසුස් දැන් කොහේද ඉන්නේ මොනාද කරන්නේ කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ සඟරාවේ තියෙන දේ බලන්න.” අගෝස්තු 1, මුරටැඹ සඟරාව දී 16වන පිටුවේ ඇති පළමු උපමාතෘකාව යටතේ ඇති මුල් ඡේදය සහ එහි ඇති එක් බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට දිනයක් කතා කරගන්න. මාසෙට අදාළ පිබිදෙව්! සඟරාවත් දෙන්න.
මුරටැඹ අගෝස්තු 1
“හුඟක් අය හාස්කම් විශ්වාස කරනවා. ඒවා විශ්වාස කරන්නේ නැති අයත් ඉන්නවා. ඔයා මොකද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අනාගතයේදී පුදුමාකාර දේවල් ඇත්තටම වෙන්න යනවා. ඒකෙන් මිනිසුන්ට ලොකු සහනයක් ලැබෙයි. මේ සඟරාවේ ඒ ගැන තියෙනවා. [9-10 පිටුවල ඇති බයිබල් පදවලින් එකක් කියවන්න.] හාස්කම් වගේ පුදුමාකාර දේවල් සමහර අය විශ්වාස නොකරන්න හේතු තුනක් ගැනත් මේ සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! අගෝස්තු
“අද කාලේ ඉන්න මිනිස්සු හරි දරුණුයි. ඒ නිසා තනියම එහෙ මෙහෙ යන්නත් දැන් හුඟක් අය භයයි. ඒකට විසඳුමක් තියෙනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දෙවියන් ලස්සන පොරොන්දුවක් අපිට දීලා තියෙනවා. [ගීතාවලිය 72:7 කියවන්න.] ඒක ඉටු වෙන්න යන විදිහ ගැනත් අනික් අයට කරදරයක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් විදිහ ගැනත් මේ ලිපියේ තියෙනවා. [8වෙනි පිටුවේ ලිපිය පෙන්වන්න.]”