ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/13 4 පි.
  • සවන් දීලා ඉගෙනගමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සවන් දීලා ඉගෙනගමු
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • භෝජන සංග්‍රහයට ආරාධනා!
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • ‘අසා ඉගෙනගැන්ම වැඩි කරගන්න’
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවි සපයන පෝෂණයෙන් ප්‍රයෝජන ගනිමු
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • “සෙනඟව රැස් කරන්න”
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2013 අපගේ රාජ්‍ය සේවාව
km 6/13 4 පි.

සවන් දීලා ඉගෙනගමු

1. සමුළුවෙන් අසා ඉගෙනගන්න අමතර වෑයමක් දරන්න ඕනෙ ඇයි?

1 අපේ තුන්දින සමුළුව ළඟ ළඟම එනවා. දැනටමත් මුළු ලෝකෙම සිටින අයට ගැළපෙන සමුළු වැඩසටහනක් සූදානම් කරලා ඉවරයි. ඒත් ඔබ දවස් තුනටම එන්න සැලසුම් කරලද තියෙන්නෙ? සාමාන්‍යයෙන් විශාල සමුළුවලදී අවධානය එහෙ මෙහෙ දුවන්න හේතු වන දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා වැඩසටහනට හොඳ අවධානයක් දෙන්න අපේ පැත්තෙන් අමතර වෑයමක් දරන්න ඕනෙ. උදාහරණෙකට අපි සමුළුවට එන්නෙ ගොඩක් දුර බැහැර ඉඳලා නම් ගමන් වෙහෙස නිසාත් සභා රැස්වීම්වලට වඩා සමුළු වැඩසටහන දිග නිසාත් අවධානය දිගටම තියාගන්න ලේසි නෑ. එහෙම නම් සමුළුවේදී හොඳින් අසා ඉගෙනගන්න අපිට උදව් වෙන්නෙ මොන වගේ දේවල්ද?—ද්වි. 31:12.

2. සමුළු වැඩසටහන ගැන කලින්ම හිතලා බලන්න පුළුවන් කොහොමද?

2 සමුළුවට කලින්: සමුළු වැඩසටහන අපේ වෙබ් අඩවියේ පළ කරනවා. (www.pr418.com/si) කතාවල මාතෘකා සහ ඒ කතාවලට අදාළ මූලික බයිබල් පදයක් හෝ දෙකක් එහි සඳහන් වෙනවා. ඔබට අන්තර්ජාල පහසුකම් තියෙනවා නං සමුළු වැඩසටහන බලාගැනීමෙන් ඉගෙනගන්න යන තොරතුරු ගැන කලින්ම හිතලා බලන්න ඒක උදව්වක්. (එස්රා 7:10) පවුලේ නමස්කාරයේදී ඒ ගැන සලකා බැලීමෙන් පවුලේ හැමෝටම සමුළුව ගැන ආසාවක් ඇති කරගන්න පුළුවන්.

3. හොඳින් ඇහුම්කන් දීමට උදව් වෙන්නෙ මොනවද?

3 සමුළුව අතරතුර: හැකි නම් වැඩසටහන ආරම්භ වෙන්න කලින් වැසිකිළි යෑම වැනි කටයුතු හමාර කරගන්න. වැඩසටහන අතරතුර ජංගම දුරකථන ඕෆ් කරන්න. එතකොට SMS වලින් සහ දුරකථන ඇමතුම්වලින් බාධා ඇති නොවන අතර SMS යවන්න පෙලඹීමක් ඇති වෙන්නෙත් නෑ. යම් හේතුවක් නිසා දුරකථනය ඔන් කර තබාගැනීමට සිදු වෙනවා නම් අනිත් අයට බාධාවක් නොවන අයුරින් එය සකස් කරගන්න. ටැබ්ලට් වැනි ඉලෙක්ට්‍රෝනික උපාංග භාවිත කරනවා නම් අනිත් අයට බාධා නොවන විදිහට පාවිච්චි කරන්න. වැඩසටහන අතරතුර කෑම බීම ගැනීමෙන් වළකින්න. (දේශ. 3:1) කථිකයා දෙසම බලන්න. බයිබල් පදයක් කියවද්දී ඔබත් බයිබලය පෙරළා එය කියවන්න. ඒ වගේම කෙටි සටහන් ගන්නත් අමතක කරන්න එපා.

4. අසා ඉගෙනගන්න දරුවන්ට උපකාර කරන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

4 අපේ දරුවන්ද අසා ඉගෙනගන්නවාට අපි කැමතියි. හිතෝපදේශ 29:15හි කියන්නේ “දරුවෙකුට හිතුමතේට ක්‍රියා කරන්න ඉඩහැරියොත් ඔහු තම මවව ලැජ්ජාවට පත් කරයි” කියලයි. ඒ නිසා පවුලක් විදිහට එකට ඉඳගන්න එක වඩා හොඳයි. එතකොට ළමයි අවධානය දෙනවද නැත්නම් SMS යවනවද, එහෙ මෙහෙ ඇවිදිනවද කියලා බලන්න පුළුවන්. සමහර දරුවන් ඇහෙන හැම දෙයක්ම තේරුම්ගන්න පුළුවන් වයසක නොහිටියත් නිදා නොගෙන නිහඬව ඉඳගෙන ඉන්න ඔවුන්ව පුරුදු කරන්න දෙමාපියන්ට පුළුවන්.

5. ඉගෙනගත් කරුණු නැවත සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් ඇයි?

5 වැඩසටහන අවසානයේදී: හැම දවසක්ම අවසන් වුණාට පස්සෙ රෑ වෙනකං ඇහැරගෙන ඉන්න එපා. සුව නින්දක් ලබාගන්න. ඒ ඒ දවසේ ඉගෙනගත්ත දේවල් ඒ ඒ දවසේම සාකච්ඡා කළොත් මතකයේ රැඳෙන ප්‍රමාණය වැඩියි. ඒ නිසා හැම හැන්දෑවකම පවුලේ අයත් එක්ක වැඩසටහනේ තොරතුරු සාකච්ඡා කරන්න කාලයක් වෙන් කරගන්න. යාළුවොත් එක්ක ආපන ශාලාවට යනවා නම් ලබාගත් කෙටි සටහන්වල සිත්ගත් කරුණක් දෙකක් සාකච්ඡා කරන්නත් ඔබට පුළුවන්. සමුළුවෙන් පසුව, ඉගෙනගත්ත කරුණු පවුලක් විදිහට අදාළ කරගන්න පුළුවන් පැති ගැන පවුලේ නමස්කාරයේදී කතා කරන්න. අලුත් ප්‍රකාශනවලින් කොටසක් කියවීමටත් හැම සතියකම කාලයක් වෙන් කරන්න මතක තියාගන්න.

6. සමුළුවට සහභාගි වීම විතරක් ඇද්ද? පැහැදිලි කරන්න.

6 රජ බොජුන් තිබුණත් වැඩක් නෑ අපි ඒවා කන්නෙ නැත්නම්. ඒ වගේම කාපු දේවල් ඇඟට දිරෙව්වේ නැත්නම් ඒත් වැඩක් නෑ. තුන්දින සමුළුවටත් ඒ දේ අදාළයි. ඒ නිසා දවස් තුනටම අපි සහභාගි වෙමු. හොඳින් ඇහුම්කන් දෙමු. ඉගෙනගත්ත දේවල් අදාළ කරගමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න