ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/14 2-3 පි.
  • “සෙනඟව රැස් කරන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සෙනඟව රැස් කරන්න”
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • සවන් දීලා ඉගෙනගමු
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවි සපයන පෝෂණයෙන් ප්‍රයෝජන ගනිමු
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • දිස්ත්‍රික් සමුළු හැමෝටම හොඳ සාක්ෂියක්
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • දිස්ත්‍රික් සමුළුව නමස්කාරය සඳහා ප්‍රීතිමත් අවස්ථාවක්
    2010 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2014 අපගේ රාජ්‍ය සේවාව
km 6/14 2-3 පි.

“සෙනඟව රැස් කරන්න”

1. එදා ඊශ්‍රායෙල්වරු රැස් වුණ අවස්ථාවයි අපේ තුන්දින හා ජාත්‍යන්තර සමුළුයි අතර තියෙන සමානකම් මොනවාද?

1 ඊජිප්තුවෙන් නිදහස් වුණ ඊශ්‍රායෙල් සෙනඟව සීනයි කන්ද අසලට රැස් කරන්න කියලා යෙහෝවා දෙවි මෝසෙස්ට කිව්වා. එහෙම කිව්වේ දෙවිගේ වචනයට සවන් දීලා ඔහුට ගරුබිය දක්වන්නත් දරුවන්ට ඔහු ගැන උගන්වන්නත් ඒක අවස්ථාවක් වෙන නිසයි. (ද්වි. 4:10-13) ඒ රැස්වීම ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කරන අමතක නොවන රැස්වීමක් වෙන්න ඇති. අපිත් ඊළඟ මාස කීපයේදී යෙහෝවා දෙවිගෙන් ඉගෙනගන්න තුන් දින හා ජාත්‍යන්තර සමුළුවලට යනවා. සමුළුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි මොනවාද කරන්න ඕනේ?

2. සමුළුවට සූදානම් වෙන්න අපි කරන්න ඕන මොනවාද?

2 “සූදානම්ව සිටිය යුතුයි”: සීනයි කන්ද අසල පවත්වන්න නියමිතව තිබුණ ඒ වැදගත් රැස්වීමට “සූදානම්ව සිටිය යුතුයි” කියලා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා. (නික්. 19:10, 11) අපිටත් ඒක අදාළයි. සමුළුවේ පැවරුම් තියෙන අය විතරක් නෙමෙයි අපි හැමෝම සමුළුවලට සහභාගි වෙන්න කලින්ම සූදානම් වෙන්න ඕනේ. රැකියා කරන අයට කලින්ම නිවාඩු ඉල්ලන්න සිද්ධ වෙයි. නෙහෙමියාත් ඒ වගේ තත්වයකට මුහුණ දුන්නා. අර්තක්ෂස්තා රජුගේ කුසලාන දරන්නා හැටියට කරපු රාජකාරියෙන් නිවාඩු ගන්න නෙහෙමියාට ඕන වුණා. ඒ යෙරුසලමට ගිහින් නුවරේ තාප්ප යළි ගොඩනඟන්න උදව් කරන්නයි. ඒකට රජු අකමැති වෙන්න ඉඩ තියෙනවා කියලා දැනගෙන හිටියත් නෙහෙමියා යාච්ඤාවක් කරලා නිර්භීතව හා කාරුණිකව තම ඉල්ලීම කළා. රජු ඔහුට නිවාඩු දුන්නා විතරක් නෙමෙයි ගොඩනැඟීමේ කටයුතුවලට අවශ්‍ය දේවලුත් දුන්නා. (නෙහෙ. 2:1-9) නිවාඩු ඉල්ලනවාට අමතරව සමුළුවට යන එන විදිහ ගැනත් නවාතැන් පහසුකම් ගැනත් ඔබ සැලසුම් යොදලා තියෙනවාද? මේ සම්බන්ධයෙන් ඔබට උදව් කරන්න වැඩිමහල්ලන් සූදානමින් ඉන්නවා. හැම සැසිවාරයකටම කලින් එන්නත් සවන් දෙන දේවලට “වැඩි අවධානයක්” දෙන්නත් සූදානම් වෙන්න.—හෙබ්‍රෙ. 2:1.

3. වැඩසටහනෙන් ප්‍රයෝජන ගන්න කරන්න පුළුවන් මොනවාද?

3 සමුළුවට සූදානම් වෙන්න අපිට පුළුවන් තවත් විදිහක් තමයි හොඳින් ඇහුම්කන් දෙන්නත් ඉගෙනගන්නත් සිතින් අදිටන් කරගන්න එක. (එස්රා 7:10) සමුළු වැඩසටහනේ හැම කතාවකම තේමාවන් හා ඒවායේ මූලික බයිබල් පද jw.org වෙබ් අඩවියෙන් කලින්ම ලබාගන්න පුළුවන්. මේ තොරතුරු අපිට අදාළ සමුළුවට සති කීපයකට කලින් පවුලේ නමස්කාරයේදී සාකච්ඡා කරන්න පුළුවන්. සමහර අය වැඩසටහනේ පිටපතක් අරගෙන සමුළුවේදී කෙටි සටහන් ගන්නත් ඒක පාවිච්චි කරනවා.

4. දරුවන්ට උගන්වන්න දෙමව්පියන්ට සමුළුව උදව් වෙන්නේ කොහොමද?

4 ඔබේ දරුවන්ට උගන්වන්න: සීනයි කන්ද අසල රැස් වුණ ඊශ්‍රායෙල් දෙමව්පියන් තමන් ඉගෙනගත්ත දේ ‘දරුවන්ටත් ඉගැන්විය යුතු’ වුණා. ඒක සෙනඟව රැස් කිරීමේ එක අරමුණක්. (ද්වි. 4:10) අද දිනත් තම දරුවන්ට උගන්වන්න දෙමව්පියන්ට සමුළු උදව් වෙනවා. දරුවන්ව තමන් ළඟින්ම තියාගෙන වැඩසටහනට අවධානය දෙන්න ඔවුන්ට උදව් කරන්න දෙමව්පියන්ට පුළුවන්. සමුළුවේ හැම දවසකම අවසානයේදීත් පවුලේ නමස්කාරයේදීත් ඒ ඉගෙනගත්ත දේවල් පවුලේ අය එක්ක සාකච්ඡා කරන්න පුළුවන්.

5. ඊළඟ සමුළුවට සහභාගි වෙන එකෙන් අපිට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

5 තමන් දෙවිගේ සෙනඟ වීමේ අනගි වරප්‍රසාදය අගය කරන්න ඊශ්‍රායෙල්වරුන්ට සීනයි කන්ද අසල රැස් වුණ එක හොඳ අවස්ථාවක් වුණා. (ද්වි. 4:7, 8) අපිටත් අපේ සමුළුවලින් ඒ වගේ වටිනා ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ දවස් තුන පුරා සාතන්ගේ දුෂ්ට ලෝකයෙන් මිදිලා දෙවිගෙන් පෝෂණය ලබමින් හොඳ ඇසුරක් භුක්ති විඳින්න අපිට පුළුවන් වෙනවා. (යෙසා. 35:7-9) යෙහෝවා දෙවිගේ දවස ළං වෙන නිසා එකට රැස් වෙන්නත් එකිනෙකාව දිරිගන්වන්නත් තියෙන මේ අවස්ථාව අතපසු නොකරමු.—හෙබ්‍රෙ. 10:24, 25.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න