අත්හදා බැලීමට යෝජනා
දෙසැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“අද අපි දෙමව්පියන්ට වැදගත් දෙයක් ගැන කියන්නයි ආවේ. දෙමව්පියන්ට ඕන තමන්ගේ දරුවන් දෙවියන්ට ආදරය කරනවා දකින්නයි. හැබැයි එහෙම කරන්න දරුවන්ට උගන්වන්න ඕන දෙමව්පියන්ද නැත්නම් ඒක දරුවන් තනියම ඉගෙනගන්න ඕනද?” ප්‍රතිචාරයට ඉඩහරින්න. දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ අන්තිම පිටුවේ ලිපිය පෙන්වන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරා දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.
මුරටැඹ දෙසැම්බර් 1
“හුඟක් අයට දෙවියන් ගැන විවිධ අදහස් තියෙනවා. ඔයා හිතන විදිහට දෙවියන් නිකම්ම බලවේගයක්ද නැත්නම් අපි ගැන සැලකිලිමත් මිතුරෙක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දෙවියන් කැමති අපි ඔහු එක්ක මොන වගේ බැඳීමක් තියාගන්නවාටද කියලා මේ බයිබල් පදේ විස්තර කරනවා. [යාකොබ් 4:8අ කියවන්න.] දෙවියන්ගේ කිට්ටු මිතුරෙක් වෙන්න කරන්න ඕන දේවල් තුනක් ගැන මේ සඟරාවේ පෙන්වනවා.”
පිබිදෙව්! දෙසැම්බර්
“අද අපි නිතරම අහන්න ලැබෙන දෙයක් ගැන කතා කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියනවා අද ලෝකයේ ඉන්න හතරදෙනෙකුගෙන් එක්කෙනෙක් ජීවිතයේ යම් අවස්ථාවකදී මානසික ගැටලුවකින් පීඩා විඳිනවා කියලා. ඒ වගේ ගැටලු අද වැඩි වෙලා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඉදිරියේදී අසනීප, වේදනාව වගේ දේවල් නැති වෙනවා කියන බලාපොරොත්තුව බයිබලයේ අපිට දීලා තියෙනවා. [එළිදරව් 21:3, 4 කියවන්න.] මානසික ගැටලු ගැන හැමෝම දැනගන්න ඕන කරුණු කීපයක්ම මේ සඟරාවේ තියෙනවා.”