යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“යමක් වෙන් කර තබන්න”
අපි සැලැස්මක් නැතුව සම්මාදම් කරන්න හොඳ නැහැ. පාවුල් යෝජනා කෙරුවේ කලින්ම සම්මාදමක් වෙන් කරලා දිගටම ඒක කරන්න කියලයි. (1කොරි 16:2) එහෙම කරද්දී සැබෑ නමස්කාරයට සහයෝගය දීලා සතුටු වෙන්න අපිට පුළුවන්. ‘මගේ සම්මාදම පොඩියි, එච්චර වටින්නේ නැහැ’ කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒත් අපි ගාව තියෙන වටිනා දේවල් දීලා ඔහුව ගෞරවයට පත් කරන්න තියෙන ආසාව යෙහෝවා දැක්කාම ඔහු ඒ ගැන හුඟක් සතුටු වෙනවා.—හිතෝ 3:9.
‘යමක් වෙන් කරලා තිබ්බාට ඔයාට ස්තුතියි’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
- සම්මාදම් කරන්න කලින්ම සැලසුම් කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද? 
- සමහර අය ‘යමක් වෙන් කරන්න’ සැලසුම් කරලා තියෙන්නේ කොහොමද?