-
බයිබලය කියවන්න ඕනෙ ඇයි?2017 මුරටැඹ (පොදු) | අංක 1
-
-
මුල් පිටුවෙන් | බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්න ආසද?
බයිබලය කියවන්න ඕනෙ ඇයි?
“බයිබලේ තේරුම්ගන්න අමාරු පොතක් කියලයි මට හිතුණේ.”—ජෝවි
“කියවන්න ආස හිතෙන්නේ නැති පොතක් කියලයි හිතුවේ.”—ක්වීනී
“බයිබලේ සයිස් එක දැක්කාම කියවන්න තිබ්බ ආසාව නැති වුණා.”—එසකියෙල්
ඔයා මොකද හිතන්නේ? බයිබලය ලොකු, පරණ පොතක් නිසා හුඟදෙනෙක් ඒක කියවන්න එච්චර උනන්දු වෙන්නේ නැහැ. ඒත් බයිබලය කියවන එක රසවත් අද්දැකීමක් කරගන්න උදව් වෙන ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ ක්‍රම පාවිච්චි කෙරුවොත් ජීවිතේ සාර්ථක කරගන්න උදව් වෙන වටිනාම උපදෙස් තියෙන බයිබලය කියවලා ප්‍රයෝජන ගන්න ඔයාටත් පුළුවන්.
බයිබලය කියවලා ප්‍රයෝජන ගත්ත කිහිපදෙනෙක් කිව්ව දේවල් බලන්න.
එසකියෙල් 20 ගණන්වල ඉන්න තරුණයෙක්. එයා මෙහෙම කියනවා. “ඉස්සර මං ඔහේ ජීවත් වුණා. ඒත් බයිබලය කියවන්න පටන්ගත්තාට පස්සේ ඒකේ තියෙන මඟ පෙන්වීම් ජීවිතේ වෙනස් කරගන්න මට උදව් වුණා. දැන් මං ඉන්නේ හරිම සතුටෙන්.”
අවුරුදු 20 ගණන්වල ඉන්න ෆ්‍රීඩා මෙහෙම කියනවා. “මට ඉස්සර හරියට කේන්ති යනවා. ඒත් බයිබලය කියවද්දී දැනගත්ත දේවල් කේන්තිය පාලනය කරගන්න මට උදව් වුණා. මට දැන් හුඟක් යාළුවොත් ඉන්නවා.”
බයිබලය කියෙව්ව නිසා ලැබුණ ප්‍රයෝජන ගැන වයස 50 ගණන්වල ඉන්න යුනිස් මෙහෙම කියනවා. “මගේ නරක ගතිගුණ හදාගෙන හොඳ කෙනෙක් වෙන්න ඒක මට ලොකු උදව්වක් වුණා.”
ඒ අය වගේ තවත් මිලියන ගණන් අය බයිබලය කියවලා හුඟක් ප්‍රයෝජන අරන් තියෙනවා. බයිබලය කියවනවා නම් ඔයාටත් ඔයාගේ ජීවිතයේ සතුට වැඩි කරගන්න පුළුවන්. (යෙසායා 48:17, 18) ඒ වගේම හොඳ තීරණ ගන්නත් හොඳ යාළුවන් හොයාගන්නත් මානසික පීඩනයට සාර්ථකව මුහුණ දෙන්නත් වැදගත්ම දේ වෙන, දෙවියන් ගැන සත්‍යය දැනගන්නත් ඒක ඔයාට උදව් වෙයි. බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ උපදෙස්. ඒ උපදෙස් කවදාවත් වරදින්නේ නැහැ.
බයිබලය වටිනා පොතක් කියලා තේරුම් අරන් විතරක් මදි. ඒක කියවන්න ඕනේ. ඊළඟ ලිපියේ තියෙන යෝජනා ඒකට ඔයාට උදව් වෙයි.
-
-
කියවන්න කලින් කරන්න පුළුවන් මොනවාද?2017 මුරටැඹ (පොදු) | අංක 1
-
-
මුල් පිටුවෙන් | බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්න ආසද?
කියවන්න කලින් කරන්න පුළුවන් මොනවාද?
බයිබලයේ කියවලා ඒකේ තියෙන දැනුමෙන් නියම ප්‍රයෝජන ගන්න මේ යෝජනා හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා.
හොඳ තැනක් ලෑස්ති කරගන්න. වැඩිය සද්ද බද්ද නැති, හොඳට එළිය තියෙන, හොඳට වාතාශ්‍රය ලැබෙන තැනක් තෝරගන්න.
මනස සූදානම් කරගන්න. යෙහෝවා දෙවියන් තමයි අපිට බයිබලය දීලා තියෙන්නේ. ඔහු අපේ ස්වර්ගික පියා. ඒ නිසා හරියට දරුවෙක් එයාගේ ආදරණීය තාත්තාගෙන් ඉගෙනගන්න ආසාවෙන් ඉන්නවා වගේ අපිත් අපේ ස්වර්ගික පියාගෙන් ඉගෙනගන්න ලොකු ආසාවක් ඇතුව බයිබලය කියවන්න ඕනේ. බයිබලය කියවන්න කලින් ඒ ගැන ඔයාට තියෙන එක එක අදහස් ටිකකට පැත්තකින් තියලා ඔයාගේ ස්වර්ගික පියාට ඔයාට උගන්වන්න ඉඩ දෙන්න.—ගීතාවලිය 25:4.
යාච්ඤා කරන්න. බයිබලේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්. ඒ නිසා ඒවා තේරුම්ගන්න අනිවාර්යයෙන්ම ඔහුගේ උදව් ඕනේ. අපි දෙවියන්ගෙන් උදව් ඉල්ලුවොත් “ඔහුගේ බලය” අපිට දෙනවා කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා. (ලූක් 11:13) දෙවියන්ගේ බලයේ උදව්වෙන් කාලයක් යද්දී බයිබලයේ “දෙවි එළිදරව් කරන ගැඹුරු කාරණා පවා තේරුම්ගන්න” අපිට පුළුවන් වෙයි.—1 කොරින්ති 2:10.
තේරුම්ගන්න අරමුණින් කියවන්න. නිකම්ම කියවගෙන යන්න එපා. කියවන දේ තේරුම්ගන්න ඕනෙ කියලා හිතාගෙන කියවන්න. කියවද්දී මේ වගේ දේවල් ගැන හිතන්න. ‘මේ කියවන කොටසේ කතා කරන කෙනාට තියෙන්නේ මොන වගේ ගුණාංගද? මේක මගේ ජීවිතේට අදාළ කරගන්නේ කොහොමද?’
ඉලක්කයක් ඇතුව කියවන්න. අලුත් දෙයක් ඉගෙනගන්න අරමුණින් කියවන්න. මේ වගේ ඉලක්ක තියාගන්න. ‘මට දෙවියන් ගැන තවත් ඉගෙනගන්න ඕනේ.’ ‘මගේ ගතිගුණ හදාගන්න ඕනේ.’ ‘මට හොඳ සැමියෙක් වෙන්න ඕනේ.’ ‘මට හොඳ බිරිඳක් වෙන්න ඕනේ.’ දැන් ඒ ඉලක්කවලට ළඟා වෙන්න ඔයාට උදව් වෙන බයිබල් කොටස් හොයලා ඒවා කියවන්න.a
ඒ යෝජනා පහ බයිබලය කියවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාට උදව් වෙයි. බයිබල් කියවීම රසවත් අද්දැකීමක් කරගන්න ඔයා ආස නම් ඊළඟ ලිපිය කියවලා බලන්න.
a ඒ බයිබල් කොටස් හොයාගන්න ඔයා දන්නේ නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ඔයාට උදව් ලබාගන්න පුළුවන්.
-
-
කියවලා රස විඳින්න නම් . . .2017 මුරටැඹ (පොදු) | අංක 1
-
-
මුල් පිටුවෙන් | බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්න ආසද?
කියවලා රස විඳින්න නම් . . .
බයිබලය කියවන එක කම්මැළි වැඩක් වෙයි කියලා ඔයාට හිතෙනවාද? ඔයාට එහෙම හිතෙනවා නම් බයිබල් කියවීම ආසාවෙන් සහ උනන්දුවෙන් කරන්න පහත තියෙන යෝජනා ඔයාට උදව් වෙයි.
තේරුම්ගන්න පහසු, නිවැරදි පරිවර්තනයක් තෝරාගන්න. හද්ද පරණ වචන තියෙන පොතක් ඔයාට හම්බ වුණොත් ඒක කියවනවා තියා ඒක දිහා බලන්නවත් හිතෙන්නේ නැහැ නේද? බයිබලයත් එහෙම පොතක් කියලා ඔයා හිතනවා ඇති. එහෙමනම් කියවන දේ ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන් බයිබල් පරිවර්තනයක් තෝරාගන්න. ඒක නිවැරදිව පරිවර්තනය කරපු එකක්ද කියලත් හොයලා බලන්න.a
නවීන තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්න. මුද්‍රිත පිටපත්වලට අමතරව ඉන්ටර්නෙට් එක හරහාත් බයිබලය කියවන්න පුළුවන්. ඒකේ පිටපතක් ඔයාගේ කම්පියුටර් එකට, ටැබ් එකට, ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. යම් විෂයකට අදාළ බයිබල් පද ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ක්‍රම ඇතුළත් බයිබල් අද තියෙනවා. පරිවර්තන කිහිපයක් සංසන්දනය කරලා බලන්න පුළුවන් විදිහේ බයිබල් පවා හොයාගන්න පුළුවන්. බයිබලයේ පටිගත කිරීම්වලටත් ඔයාට සවන් දෙන්න පුළුවන්. ඒ ක්‍රමවලින් ඔයා කැමති මොන ක්‍රමයටද?
බයිබල් අධ්‍යයනය සඳහා ඇති අමතර සැපයුම් පාවිච්චි කරන්න. බයිබලය කියවද්දී එහි සඳහන් ප්‍රදේශ හඳුනාගන්න ඒ සම්බන්ධයෙන් තියෙන සිතියම් හුඟක් උදව් වෙනවා. ඒ වගේම ඒවායින් බයිබලයේ තියෙන සිද්ධීන් ගැන වඩා පැහැදිලි අවබෝධයක් ලබාගන්නත් ඔයාට පුළුවන් වෙනවා. මේ සඟරාවේ තියෙන ලිපි හා සමාන තවත් ලිපිවලිනුත් jw.org/si වෙබ් අඩවියේ “බයිබල් ඉගැන්වීම්” යටතේ ඇති තොරතුරුවලිනුත් බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගන්න ඔයාට පුළුවන්.
විවිධ ක්‍රම අත්හදා බලන්න. බයිබලයේ මුල ඉඳලා අගට කියවන්න හදන එක බැලූ බැල්මට අමාරු දෙයක් කියලා හුඟක් අයට හිතෙයි. එහෙමනම් බයිබලයේ ඔයා කැමතිම කොටසකින් කියවන්න පටන්ගන්න. යම් විෂයක් තෝරගෙන ඒ විෂයට අදාළ බයිබල් කොටස් කියවන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් බයිබලයේ තියෙන සිද්ධීන් ඒවා වෙලා තියෙන අනුපිළිවෙළටම කියවන්නත් ඔයා කැමති ඇති. බයිබල් චරිතයක් තෝරගෙන එයා ගැන තොරතුරු ඇතුළත් බයිබල් කොටස් කියවන්නත් ඔයාට පුළුවන්. ඒකට “බයිබලයේ තියෙන තොරතුරු ඉගෙනගන්න උදව් වෙන බයිබල් චරිත” කියන කොටුව ඔයාට උදව් වෙයි. ඒ යෝජනා පාවිච්චි කරලා, බයිබලය කියවන එක රසවත් අද්දැකීමක් කරගන්න ඔයාට පුළුවන්.
a ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ සරල, නිවැරදි පරිවර්තනයක් කියලා හුඟක් අය පිළිගන්නවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කරලා තියෙන මේ බයිබලය භාෂා 130කට වඩා වැඩි ප්‍රමාණයකින් ලබාගන්න පුළුවන්. එහි පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න jw.org/si වෙබ් අඩවියට පිවිසෙන්න. නැත්නම් ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් එය ලබාගන්න. සාක්ෂිකරුවන් මාර්ගයෙන් පිටපතක් නිවසටම ගෙන්වාගන්නත් පුළුවන්.
-
-
බයිබලය කියවීම ජීවිතයට ප්‍රයෝජනවත්ද?2017 මුරටැඹ (පොදු) | අංක 1
-
-
මුල් පිටුවෙන් | බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්න ආසද?
බයිබලය කියවීම ජීවිතයට ප්‍රයෝජනවත්ද?
බයිබලය නිකම්ම නිකම් පොතක් නෙමෙයි. ඒකේ තියෙන්නේ අපිව නිර්මාණය කරපු දෙවියන්ගේ අදහස්. (2 තිමෝති 3:16) බයිබලයට පුළුවන් අපේ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. මොකද “දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය” කියලා බයිබලයේම සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 4:12) බයිබලයේ ජීවිතය සාර්ථක කරගන්න උදව් වෙන මඟ පෙන්වීම් හුඟක් තියෙනවා. දෙවියන් ගැනත් දෙවියන් අනාගතය සම්බන්ධයෙන් දීලා තියෙන පොරොන්දු ගැනත් ඒකේ තියෙනවා.—1 තිමෝති 4:8; යාකොබ් 4:8.
වටිනා මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන්. ජීවිතයේ හැම කාරණයකදීම අදාළ කරගන්න පුළුවන් මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. උදාහරණ බලන්න.
හොඳ බැඳීම්.—එෆීස 4:31, 32; 5:22, 25, 28, 33.
නිරෝගී සතුටින් පිරි ජීවිතයක්.—ගීතාවලිය 37:8; හිතෝපදේශ 17:22.
හොඳ පුරුදු.—1 කොරින්ති 6:9, 10.
හොඳ ආර්ථික තත්වයක්.—හිතෝපදේශ 10:4; 28:19; එෆීස 4:28.a
විසන්ට් සහ ඇනාලූ අලුත විවාහ වුණ යුවළක්. මුලදි එයාලා අතර පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා. ඒත් එයාලා බයිබලය කියවලා ඒකේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්තා. ඒ ගැන සැමියා කිව්වේ මෙහෙමයි. “පවුල් ජීවිතයේදී අපි මුහුණ දුන්න ප්‍රශ්න හොඳින් විසඳගන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් මට උදව් වුණා. දැන් අපි අතර තියෙන ආදරෙත් වැඩි වෙලා.” එයාගේ බිරිඳ මෙහෙම කිව්වා. “බයිබල් චරිත ගැන කියවන්න අපි ගොඩක් ආසයි. හොඳ තීරණ අරන් ජීවිතය සතුටින් ගත කරන්න ඒ අයගේ ආදර්ශ අපිට උදව් වෙලා තියෙනවා.”
දෙවියන්ට ළං වෙන්න පුළුවන්. බයිබලය කියවලා ලැබුණ තවත් ප්‍රයෝජනයක් ගැන විසන්ට් මෙහෙම කිව්වා. “මට දැනෙනවා මම දැන් දෙවියන්ට තවත් ළං වෙලා කියලා.” බයිබලය කියවනවා නම් දෙවියන් ගැන දැනගෙන ඔහුව කිට්ටු යාළුවෙක් කරගන්න ඔයාට පුළුවන්. යෙහෝවා දෙවියන් අනාගතයේදී අපිට ලබා දෙන්න යන සදාකාලික, ප්‍රීතිමත්, “සැබෑ ජීවිතය” ගැනත් දැනගන්න පුළුවන්. (1 තිමෝති 6:19) වෙන කිසිම පොතකින් ඒ දැනුම ලබාගන්න බැහැ.
බයිබලය කියවනවා නම් ජීවිතයට වටිනා මඟ පෙන්වීම් ලබාගන්නත් සැබෑ දෙවියන්ට ළං වෙන්නත් පුළුවන්. ඒත් කියවද්දී තේරෙන්නේ නැති තැනක් හම්බ වුණොත් මොකද කරන්නේ? ඒ වෙලාවට අවුරුදු 2,000කට කලින් ජීවත් වුණු ඉතියෝපියානු නිලධාරියාව ආදර්ශයට ගන්න. බයිබලයෙන් කියවපු දේවල් තේරෙනවාද කියලා අහපු වෙලාවේ එයා කිව්වේ “කාගෙවත් මඟ පෙන්වීමක් නැතුව මේ දේවල් මම කොහොමද තේරුම්ගන්නේ” කියලයි.b ඊටපස්සේ එයා බයිබලය ගැන හොඳ දැනුමක් තිබුණ යේසුස්ගේ ගෝලයෙක් වුණ ෆිලිප්ගෙන් උදව් ලබාගත්තා. (ක්‍රියා 8:30, 31, 34) ඒ වගේ බයිබලයේ තියෙන දේවල් ගැන දැනගන්න ඔයා කැමති නම් www.pr418.com/si වෙබ් අඩවියේ තියෙන පෝරමය පුරවන්න. මේ සඟරාවේ තියෙන ලිපිනයට ලියන්නත් ඔයාගේ පළාතේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හම්බ වෙන්නත් එයාලාගේ නමස්කාර මධ්‍යස්ථානයකට යන්නත් ඔයාට පුළුවන්. සැබෑ සතුට පිරුණු ජීවිතයකට මඟ කියා දෙන බයිබලය අදම කියවන්න පටන්ගන්න එක හොඳ අදහසක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?
බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න අමාරුයි කියලා හිතෙනවා නම් ‘බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?’ කියන කෙටි වීඩියෝ එක jw.org/si වෙබ් අඩවියේ ප්‍රකාශන > වීඩියෝ > බයිබලය යටතේ බලන්න.
a තවත් මඟ පෙන්වීම් දැනගන්න jw.org/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර යටතේ බලන්න.
b මේ සඟරාවේ තියෙන “බයිබලය නිවැරදිව තේරුම්ගන්න එක වැදගත්ද?” කියන ලිපියත් කියවන්න.
-