ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 4/1 15 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • හමුදා නිලධාරියාගේ විශ්වාසය
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • කරුණාවන්ත රෝම ශතාධිපතියා
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවි මාව දකින්නේ මොන විදිහටද?
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • “ඔබ ඇදහිල්ලේ සිටිනවාදැයි පරීක්ෂා කරමින් සිටින්න”
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 4/1 15 පි.

ඔබ දැන සිටියාද?

රෝම හමුදා නිලධාරියෙකුට තිබුණ වගකීම මොකක්ද?

රෝම හමුදා නිලධාරියෙකුගේ ප්‍රතිමාවක්

මාකස් ෆැවෝනියස් ෆැසිලස් කියන හමුදා නිලධාරියාගේ ස්මාරකය

බයිබලයේ ග්‍රීක ලියවිල්ලේ රෝම හමුදා නිලධාරීන් ගැන කතා කරනවා. යේසුස් මිය ගිය අවස්ථාවේ හිටපු හමුදා නිලධාරියාටත් ක්‍රිස්තියානි ආගමට හැරුණු අන්‍යජාතික කොර්නේලියස්ටත් තිබුණේ එකම තනතුරක්. ඒ වගේම යේසුස්ගේ නියෝජිතයෙක් වුණ පාවුල්ට කසයෙන් තළපු අවස්ථාවේ හිටපු හමුදා නිලධාරියාත් පාවුල්ව රෝමයට ගෙන ගිය ජූලියස් නම් හමුදා නිලධාරියාත් දැරුවේ ඒ තනතුරමයි.—මාක් 15:39; ක්‍රියා 10:1.

සාමාන්‍යයෙන් ඒ හමුදා නිලධාරියෙක් යටතේ සෙබළුන් 50ත් 100ත් අතර පිරිසක් හිටියා. ඒ පිරිස යුද්ධයට දක්ෂ, විනයගරුක අය හැටියට පුහුණු කරන එකත් ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් සහ ආයුධ ගැන හොයලා බලන එකත් අණ දෙන නිලධාරියා හැටියට කටයුතු කරන එකත් ඒකට ඇතුළත්.

සාමාන්‍ය සෙබළෙක්ට අත් කරගන්න පුළුවන් ලොකුම තනතුර ඒකයි. දක්ෂ හමුදා නිලධාරියෙක් කැපවීමෙන් වැඩ කරන නායකයෙක් වුණා. රෝම හමුදාවේ විනය හා ප්‍රබලත්වය රඳා පැවතුණේ ඔවුන් මතයි. එක පොතක කියන්නේ ඒ නිලධාරීන් “හමුදාවේ හිටිය පළපුරුදු, අවබෝධයෙන් වැඩ කළ අය” කියලයි.

පුරාණයේ කණ්ණාඩි අද ඒවාට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

පුරාණ ඊජිප්තුවේ පාවිච්චි කරපු කණ්ණාඩියක්

පුරාණ ඊජිප්තුවේ පාවිච්චි කරපු කණ්ණාඩියක්

අද තියෙන වීදුරු කණ්ණාඩි වගේ එදා කණ්ණාඩි ඔප මට්ටම් වෙලා තිබුණේ නැහැ. මොකද ඒවා හදලා තිබුණේ ලෝකඩ වගේ ලෝහවලින්. සමහර ඒවා තඹ, රිදී, රත්තරන් හෝ රිදී සහ රත්තරන් මිශ්‍ර ලෝහවලින් හදලා තිබුණා. බයිබලයේ මුලින්ම කණ්ණාඩි ගැන කියන්නේ ශුද්ධ කූඩාරම හදපු අවස්ථාවේදී. ශුද්ධ කූඩාරම ඊශ්‍රායෙල්වරු මුලින්ම නමස්කාර කළ ස්ථානයයි. ඒකේ තිබුණ තඹ වතුර භාජනයත්, ආධාරකයත් හදන්න කාන්තාවන් දුන්න කණ්ණාඩි පාවිච්චි කළා. (නික්මයාම 38:8) ඒ කණ්ණාඩි උණු කරන්න සිද්ධ වෙන්න ඇති.

ඊශ්‍රායෙලයෙන් හා ඒ අවට ප්‍රදේශවලින් හොයාගත්ත පුරාවස්තු අතරේ කණ්ණාඩිත් ඒ එක්කම ආභරණ සහ ස්ත්‍රීන් අඳින පළඳින විසිතුරු දේවලුත් තිබුණා. ඒ කණ්ණාඩියක් රවුම්. මිට හදලා තිබුණේ ලී, ලෝහ හෝ ඇත්දළවලින්. ඒවා කැටයම් කරලා තිබුණා. හැබැයි කණ්ණාඩියේ ඔප මට්ටම් නොකළ පැත්ත කැටයම් කරලා තිබුණේ නැහැ.

අද තියෙන වීදුරු කණ්ණාඩිවලින් වගේ එදා කණ්ණාඩිවලින් පැහැදිලිව පෙනුණේ නැහැ. පාවුල් කිව්ව දෙයින් ඒක තහවුරු වෙනවා. ඔහු කිව්වේ “දැනට අප දකින දේ අපැහැදිලිය. එය ලෝහ කැඩපතකින් යමක් දෙස බලනවා හා සමානය” කියලයි.—1 කොරින්ති 13:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න