ව්‍යාපාරික ස්ථානවලදී නිර්භීතව සාක්ෂි දරන්න
1. ව්‍යාපාරික ස්ථානවල සාක්ෂි දැරීමට ඔබ අදිමදි කරනවා නම් අධෛර්යය නොවිය යුත්තේ ඇයි?
1 ව්‍යාපාරික ස්ථානවල සාක්ෂි දැරීමට ඔබ ටිකක් අදිමදි කරනවාද? එසේනම් අධෛර්යය වෙන්න එපා! නිර්භීත දේවසේවකයෙක් වූ පාවුල්ටත් එහෙම හැඟුණා. නිර්භීතව දේශනා කිරීමට “ඉමහත් වෙහෙසක්” දරන්න ඔහුට සිදු වුණා. (1 තෙස. 2:2) ඔබේ සිතට පැනනැඟිය හැකි ප්‍රශ්න සහ ඒවාට විසඳුම් ගැන අපි දැන් සාකච්ඡා කරමු.
2. සේවකයන්ට තරහ යයි කියා අප නොසිතිය යුත්තේ ඇයි?
2 සේවකයන්ට බාධා වන නිසා ඔවුන්ට තරහ යයිද? බොහෝ ව්‍යාපාරික ස්ථානවල, සේවකයන් සූදානමින් සිටින්නේ එතැනට පැමිණෙන මිනිසුන්ට යම් සේවයක් පිරිනැමීමටයි. ඔබත් ඔවුන්ගෙන් යම් සේවයක් ලබන්න පැමිණියා කියා සිතමින් ඔවුන් ඔබට කාරුණිකව සලකන්න ඉඩ තිබෙනවා. ඔබ පිළිවෙළකට හා ගෞරවනීයව ඇඳ පැළඳ සිටිනවා නම් සහ කාරුණිකව හා මිත්‍රශීලී ස්වභාවයකින් කතා කරනවා නම් බොහෝවිට ඔවුන් ඔබට ගෞරව කරයි.
3. ව්‍යාපාරික ස්ථානයට පැමිණෙන අයට බාධාවක් නොවෙන්න අපට කුමක් කළ හැකිද?
3 බොහෝදෙනෙක් ඉදිරියේ කතා කරන්න සිද්ධ වෙයිද? හැකි නම් ව්‍යාපාරික ස්ථානයකට යෑමට සෙනඟ අඩුවෙන් සිටින වේලාවක් තෝරාගන්න. කඩහිමියා හෝ සේවකයන් කාර්යබහුල නැති අවස්ථාවක් බලා ඔවුන්ට කතා කරන්න. පණිවිඩය කෙටියෙන් පවසන්න.
4. ව්‍යාපාරික ස්ථානයකදී හමු වන කෙනෙකුට පැවසිය හැක්කේ කුමක්ද?
4 මම මොනවාද කියන්නේ? සේවකයන් කිහිපදෙනෙක් සිටිනවා නම් වැඩ භාරව සිටින පුද්ගලයාට කතා කරන්න. ඔබට මෙසේ පැවසිය හැකියි. “අපි සාමාන්‍යයෙන් ගෙවල්වලට ගිහිං කට්ටියව හම්බ වෙනවා. ඒත් ඔයාලා රැකියා කරන නිසා ගෙවල්වලදී හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔයගොල්ලන්ගේ රැකියා ස්ථානයට ආවා. ඔබට හුඟක් වැඩ ඇති. ඒ නිසා මම කෙටියෙන් කියන්නම්.” අප කරගෙන යන සේවයට මුදල් ලැබෙන්නේ කෙසේද කියා ඇසුවොත් මිසක සම්මාදම් ගැන සඳහන් නොකිරීම වඩාත් හොඳයි. ඊට හේතුව ඒ ගැන සඳහන් කිරීමෙන් අප යමක් විකුණන්න පැමිණි අය බව ඔවුන් සිතයි. වැඩපොළේ සේවකයන් සමඟ කතා කිරීමට සුදුසු තත්වයක් තිබෙනවා කියා පෙනෙනවා නම් ඔවුන් සමඟ කෙටියෙන් කතා කිරීමට වැඩ භාරව සිටින පුද්ගලයාගෙන් අවසර ගන්න. වැඩ භාරව සිටින පුද්ගලයාට පැවසූ පණිවිඩයම සේවකයන්ටත් පවසන්න. ඒ අතරින් කෙනෙක්ට වැඩ බහුල නම් පණිවිඩය තවත් කෙටියෙන් පවසා පත්‍රිකාවක් තබා එන්න. සේවකයන් සමඟ කතා කිරීමට නොහැකි නම් විවේක වේලාවේදී ඔවුන්ට කියවීම සඳහා යමක් තබා ඒමට අවසර ගත හැකියි.
5. ව්‍යාපාරික ස්ථානවල දේශනා කිරීමට ඔබ බිය නොවිය යුත්තේ ඇයි?
5 යේසුස් හා පාවුල් කිසිම බියක් සැකක් නැතුව ව්‍යාපාරික ස්ථානවල සාක්ෂි දැරුවා. ඔබටත් එය කළ හැකියි. (මතෙ. 4:18-21; 9:9; ක්‍රියා 17:17) බියක් සැකක් නැතුව කතා කිරීමට යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලන්න. (ක්‍රියා 4:29) නිවෙස්වල මෙන් නොව, ව්‍යාපාරික ස්ථානවල වැඩ කරන අය නිතරම සිටිනවා. ඒ නිසා ව්‍යාපාරික ස්ථානවල දේශනා කිරීම අත්හදා බලන්න.