ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/12 29 පි.
  • මේ පලතුර ගැන ඔබ දන්නවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ පලතුර ගැන ඔබ දන්නවාද?
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ශාඛා කාර්යාල කැප කිරීම්
    2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • ලීයෙන් තැනිය යුත්තේ මන්ද?
    1996 පිබිදෙව්!
  • “ඇපල් ගෙඩියක් දිනකට දමයි වෛද්‍යවරයා පසෙකට”
    1996 පිබිදෙව්!
  • යුරෝපීය අධිකරණයෙන් ලැබුණු තීන්දුවක්!
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 3/12 29 පි.

මේ පලතුර ගැන ඔබ දන්නවාද?

● ඇප්‍රිකට් නම් පලතුර අපේ රටට ආවේණික පලතුරක් නොවුණත් ආසියාවේ සමහර රටවල හා යුරෝපයේ රටවල බහුල ලෙස වගා කෙරෙනවා. ඇප්‍රිකට්වල නිජබිම ආර්මේනියාව කියා සිතූ යුරෝපියානු ජාතිකයන් එය ආර්මේනියානු ඇපල් නමින් හැඳින්නුවා.

ඇප්‍රිකට් වර්ග 50ක් පමණ ආර්මේනියාවේ වගා කරනවා. ගිනිකඳුවලින් පිට වන අළු පසට එකතු වීම නිසා එහි පස ඉතාමත් සාරවත්. මෙහි වැවෙන ඇප්‍රිකට්, ලෝකයේ තිබෙන රසවත්ම ඇප්‍රිකට් අතරින් එකක් ලෙස සැලකෙනවා. ඇප්‍රිකට් පලතුරු වාරය වන්නේ ජූනි මාසයේ මැද සිට අගෝස්තු මාසයේ අග දක්වා කාලයයි.

සාමාන්‍ය ඇප්‍රිකට් ගෙඩියේ ප්‍රමාණය දොඩම් ගෙඩියක් තරම් වන අතර එහි වර්ණය ලා කහ පැහැයේ සිට තද තැඹිලි පැහැය දක්වා වර්ණයන්ගෙන් දැකගත හැකියි. එහි පොත්තේ සිහින් බූවක් තිබෙනවා. එහි මදය එතරම් තද ගතියකින් යුක්ත නොවෙයි.

ඇප්‍රිකට් වගා කරන ගොවීන් විසින් ඇප්‍රිකට් සහ ප්ලම් නමැති පලතුර දෙමුහුන් කිරීමෙන් අලුත් වර්ගයක් හඳුන්වා දී තිබෙනවා. කලු පැහැයෙන් යුත් එය හඳුන්වන්නේ බ්ලැක් ඇප්‍රිකට් (black apricot) ලෙසයි.

ඇප්‍රිකට් ගසේ පල හටගන්නේ මල් ස්වපරාගනය වීමෙනුයි. කොළ හටගැනීමට පෙර මල් හටගෙන මුළු පළාතම සුවඳවත් කරයි. ශීත ඍතුව හා ගිම්හාන ඍතුව තිබෙන රටවල ඇප්‍රිකට් සරුසාරව වැඩෙනවා. ඊට හේතුව මල් හටගැනීමට සහ පල හටගැනීමට තද ශීත දේශගුණයක් අවශ්‍ය වීමයි. ආර්මේනියාවේ තිබෙන්නේ එවැනි දේශගුණයක් නිසා ඇප්‍රිකට්වලට එය ඉතා යෝග්‍යයි.

මෙම පලතුරේ කැරොටීන් සහ විටමින් C බහුලයි. බොහෝදෙනෙක් පුරුදු වී සිටින්නේ වියළි ඇප්‍රිකට් ආහාරයට ගැනීමටයි. ඊට හේතුව ඉදුණු ඇප්‍රිකට් ඉක්මනින්ම තැළී පොඩි වීමයි. මේ නිසාම සමහර රටවල වියළි ඇප්‍රිකට්වලට වැඩි ඉල්ලුමක් තිබෙනවා. වියළි ඇප්‍රිකට්ද පෝෂණ ගුණයෙන් අඩුවක් නැහැ. වියළි ඇප්‍රිකට්වලද කෙඳි සහ යකඩ අඩංගුයි. ඒ වගේම ඇප්‍රිකට්වලින් පලතුරු බීම, ජෑම් සහ බ්‍රැන්ඩිද සාදනවා.

ඇප්‍රිකට් ගසේ ලීයද ප්‍රයෝජනවත්. එහි ලීයෙන් විසිතුරු කැටයම් නිර්මාණය කරනවා. ආර්මේනියාවේ ප්‍රසිද්ධ බටනළාවක් සාදන්නේද මෙම ලීයෙනුයි. සමහර අය එය හඳුන්වන්නේ ඇප්‍රිකට් නළාව කියායි. ආර්මේනියාවේ අගනුවර වන යෙර්වාන්වලට සංචාරය කරන අයට ඇප්‍රිකට් ලීයෙන් කළ අත්කම් භාණ්ඩ මිල දී ගත හැකියි.

ඔබට යම් දිනක ඇප්‍රිකට් ගෙඩියක රස බැලීමට අවස්ථාව ලැබුණොත් එහි මිහිරි රසය ඔබටත් අලුත් අද්දැකීමක් වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න