ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 7/1 5 පි.
  • යුද්ධවලට අනුබල දෙනවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යුද්ධවලට අනුබල දෙනවද?
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලේ ඒ ගැන කියන්නේ මොකක්ද?
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්වත් මැන බලමු
  • රුවන්ඩාවේ ඛේදවාචකය—වගකිව යුත්තෝ කවරහුද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අසල්වැසියන්ට ඇති ප්‍රේමයට සිදු වී ඇත්තේ කුමක්ද?
    1998 පිබිදෙව්!
  • යෙහෝවඃවහන්සේ සපයන සැනසිල්ල සාමූහිකව බෙදාගැනීම
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සියලුම ජනයා කවදා හෝ එකිනෙකාට ප්‍රේම කරාවිද?
    සියලුම ජනයා කවදා හෝ එකිනෙකාට ප්‍රේම කරාවිද?
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 7/1 5 පි.

යුද්ධවලට අනුබල දෙනවද?

හමුදාවේ අවුරුදු දහයක් විතර සේවය කරපු ඇල්බෙටෝ මෙහෙම කිව්වා. “සටනකට යන්න කලින් පූජකයා ඇවිත් අපිට ආශීර්වාද කරලා කිව්වා ‘දෙවියන් ඔයගොල්ලෝ එක්ක ඉන්නවා’ කියලා. ඒත් අපි යන්නේ මිනිසුන්ව මරන්න. බයිබලේ කියන්නේ ‘මිනී නොමරන්න’ කියලා. එහෙමනම් දෙවි කොහොමද අපි එක්ක ඉන්නේ කියලා මං කල්පනා කළා.”

දෙවෙනි ලෝක යුද්දෙ කාලේ නාවික හමුදාවේ හිටිය රේ, පූජකයාගෙන් මෙහෙම ඇහුවා. “ඔබතුමා අපිට ජය ලබා දෙන්න කියලා දෙවිට යාච්ඤා කරනවා. අපේ හතුරොත් ඒ විදිහටම දෙවියන්ට යාච්ඤා කරනවා ඇති නේද?” ස්වාමීන් ක්‍රියා කරන විදිහ අපිට තේරුම්ගන්න බැහැ කියලා පූජකයා කිව්වා.

ආගම් යුද්ධවලට අනුබල දෙන එක හරිද?

බයිබලේ ඒ ගැන කියන්නේ මොකක්ද?

“ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න” කියලා යේසුස් කිව්වා. (මාක් 12:31) ඒකෙන් අදහස් කළේ අපි හැමෝටම ප්‍රේමය පෙන්නන්න ඕනෙ කියලයි. ඒ ප්‍රේමයට සීමා මායිම් නැහැ. ඒක කොච්චර සුවිශේෂි ප්‍රේමයක්ද කියනවා නම් යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් කවුද කියලා පැහැදිලිව අඳුනගන්න පුළුවන් වෙන්නේ ඒකෙන්. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි. (යොහන් 13:34, 35) යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් යුද්ධවලට අනුබල දෙන්නේ නැහැ. තව කෙනෙක් වෙනුවෙන් ජීවිතේ වුණත් දෙන්න එයාලා ලෑස්තියි.

මුල් ක්‍රිස්තියානීන් යේසුස් කියපු විදිහට එකිනෙකාට ප්‍රේමයෙන් සැලකුවා. පොතක මෙහෙම සඳහන් වුණා. “මිනිස් ජීවිත නැති කිරීම ක්‍රිස්තියානීන්ට තහනම් වූ බව ඔරිගන් හා ටර්ටූලියන් ඇතුළු අනිකුත් සභා පියවරු තහවුරු කළා. ඒ නිසා ක්‍රිස්තියානීන් රෝම හමුදාවට බැඳුණේ නැහැ.”—The Encyclopedia of Religion.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්වත් මැන බලමු

සාක්ෂිකරුවන් හැම රටකම වගේ ඉන්නවා. රටවල් අතර ගැටුම් ඇති වෙද්දී සාක්ෂිකරුවනුත් යුද්දෙට හවුල් වුණොත් අනිත් රටවල ඉන්න සාක්ෂිකරුවන්ට එයාලා ප්‍රේමය පෙන්නනවා කියලා කියන්න බැහැ. ඔවුන් යුද්ධවලට හවුල් වෙන්නේ නැත්තේ ඒ නිසයි.

සැබෑ ප්‍රේමය පෙන්නන්න ආගමික නායකයන් උගන්නලා තියෙනවද?

වර්ෂ 1994 රුවන්ඩාවල හුටු හා ටුට්සි කියන ගෝත්‍ර දෙක අතරේ දරුණු අරගලයක් ඇති වුණාම සාක්ෂිකරුවන් කිසිම පැත්තක් ගත්තේ නැහැ. එක ගෝත්‍රයක සාක්ෂිකරුවන් අනිත් ගෝත්‍රයේ සාක්ෂිකරුවන්ව ආරක්ෂා කළේ තම දිවි පරදුවේ තියලයි. හුටු ගෝත්‍රයට අයිති සාක්ෂිකරුවන් දෙන්නෙක් ටුට්සි ගෝත්‍රයට අයිති සාක්ෂිකරුවන් කීපදෙනෙක්ව ආරක්ෂා කරපු නිසා හුටු ගෝත්‍රයේ සෙබළුන් ඒ දෙන්නට මෙහෙම කිව්වා. “ටුට්සියන්ට පැනගන්න උදව් කරපු නිසා තමුසෙලා දෙන්නව මරනවා.” හුටු ගෝත්‍රයට අයිති ඒ දෙන්නව එදා එයාලා මරලා දැම්මා.—යොහන් 15:13.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රියා කරලා තියෙන්නේ යේසුස් කිව්ව විදිහටද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න