නික්මයාම 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඊජිප්තු දේශය පිටට එනම්, එහි සියලු වැසියන්, සත්වයන් හා වගාබිම් පිටට හිම කැට+ වැටෙන පිණිස ඔබේ අත අහස දෙසට දිගු කරන්න.”+ නික්මයාම 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඉන්පසු යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “පළඟැටියන් පැමිණ ඊජිප්තු දේශයේ වගාබිම්වල තිබෙන සෑම දෙයක්ම කා දමන පිණිස ඔබේ අත දේශය දෙසට දිගු කරන්න.+ එවිට උන් පැමිණ හිම කැට වර්ෂාවෙන් විනාශ නොවූ සෑම දෙයක්ම කා දමනු ඇත.”+ නික්මයාම 14:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කළේය.+ යෙහෝවා දෙවි එවෙලේම නැඟෙනහිරෙන් තද සුළඟක් හමන්න සැලැස්වූවේය. මුළු රාත්‍රිය පුරාම හැමූ එම සුළඟ නිසා මුහුද ක්‍රමක්‍රමයෙන් දෙබෑ විය.+ මුහුදු පතුල මතු විය.+
22 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඊජිප්තු දේශය පිටට එනම්, එහි සියලු වැසියන්, සත්වයන් හා වගාබිම් පිටට හිම කැට+ වැටෙන පිණිස ඔබේ අත අහස දෙසට දිගු කරන්න.”+
12 ඉන්පසු යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “පළඟැටියන් පැමිණ ඊජිප්තු දේශයේ වගාබිම්වල තිබෙන සෑම දෙයක්ම කා දමන පිණිස ඔබේ අත දේශය දෙසට දිගු කරන්න.+ එවිට උන් පැමිණ හිම කැට වර්ෂාවෙන් විනාශ නොවූ සෑම දෙයක්ම කා දමනු ඇත.”+
21 මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කළේය.+ යෙහෝවා දෙවි එවෙලේම නැඟෙනහිරෙන් තද සුළඟක් හමන්න සැලැස්වූවේය. මුළු රාත්‍රිය පුරාම හැමූ එම සුළඟ නිසා මුහුද ක්‍රමක්‍රමයෙන් දෙබෑ විය.+ මුහුදු පතුල මතු විය.+