ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 1:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 පසුව සියලුදෙනාම සලමොන් පසුපස ගමන් කළෝය. සෙනඟ බට නළා+ වාදනය කරමින් බොහෝ සේ ප්‍රීති වූහ.+ ඒ ශබ්දය මුළු දේශය පුරාම පැතිර ගියේය.+

  • 2 රාජාවලිය 11:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එවිට සිරිත් පරිදි රජතුමා කුලුන ළඟ සිටගෙන+ සිටින ආකාරයත් ප්‍රධානීන් සහ හොරණෑ පිඹින්නන්+ රජුව වට කරගෙන සිටින ආකාරයත් ඇය දුටුවාය. දේශයේ සිටි සියලු මිනිස්සු හොරණෑ ශබ්දය මැද ප්‍රීති වෙමින් සිටියෝය.+ එය දුටු අතලියා+ තම පිට වස්ත්‍ර ඉරාගනිමින්, “මෙය මහා කුමන්ත්‍රණයක්! මහා කුමන්ත්‍රණයක්”+ කියා කෑගැසුවාය.

  • 1 ලේකම් 12:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 අවට ගෝත්‍රවල අයද ඈත ප්‍රදේශවල ජීවත් වූ ඉසකාර්,+ සෙබ්‍යූලන්+ සහ නෆ්තලී+ යන ගෝත්‍රවල අයද ඔටුවන්, බූරුවන්,+ කොටළුවන් සහ ගවයන් පිට ආහාර පාන තබාගෙන ඔවුන් වෙතට ගෙනාවෝය. එම ආහාර පානවලට පිටිවලින් සෑදූ ආහාර,+ වියළි අත්තික්කා කුට්ටි,*+ වියළි මිදි කුට්ටි,+ වයින්+ සහ තෙල්ද+ ඇතුළත් විය. ඔවුහු ආහාරයට ගැනීම සඳහා හරකුන්+ සහ බැටළුවන්+ විශාල ප්‍රමාණයක්ද ගෙනාවෝය. මන්ද ඒ වන විට ඊශ්‍රායෙල් දේශයේ සියලුදෙනාම මහත් ප්‍රීතියකින් සිටියෝය.+

  • එළිදරව් 19:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඉන්පසු මට තවත් ප්‍රබල හඬක් ඇසිණ. එය මහත් සමූහයකගේ හඬ මෙන්ද ගලා බසින විශාල ජල ධාරාවක සහ ප්‍රබල ගිගුරුම්වල හඬ මෙන්ද විය. ඒ හඬින් නික්මුණේ මෙම වචනයි. “ජනයෙනි, හලෙලූයා!+ මන්ද අපගේ දෙවි වන සියලු බලැති+ යෙහෝවා දෙවි රජකම් කිරීමට පටන්ගෙන ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න