17 එසේ කී පසු රජ ඔහු ඉදිරියේ සිටි ආරක්ෂක නිලධාරීන්ට+ මෙසේ කීවේය. “මෙතැන ඉන්න යෙහෝවා දෙවිගේ පූජකයන්ව මරලා දාන්න. ඔවුන් සහයෝගය දෙන්නේ දාවිත්ට. ඔවුන් දාවිත් පලා යන බව දැන දැනත් මට ඒ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ.”+ නමුත් සාවුල් රජුගේ සේවකයෝ යෙහෝවා දෙවිගේ පූජකයන්ට විරුද්ධව අත ඔසවන්න අකමැති වූහ.+