1 රාජාවලිය 22:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඒ අතරතුර සිරියාවේ රජ, තමන්ගේ අශ්ව රථ සේනා පාලනය කළ අධිපතීන් තිස්දෙදෙනාට+ මෙසේ අණ කර තිබිණ. “ඔවුන්ගේ සේනාවල සිටින ලොකු පොඩි කාගෙන්වත් මට වැඩක් නැහැ. ඔබ ඊශ්‍රායෙල්හි රජුව සොයාගෙන ඔහුට පහර දිය යුතුයි.”+ 1 රාජාවලිය 22:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එදින යුද්ධය තව තවත් උග්‍ර වූ නිසා රජුව යුධ බිමෙන් ඉවතට ගෙන යෑමට නොහැකි විය. තම සේවකයන්ගේ උපකාරය ඇතුව ඔහු සිරියානු හමුදාව දෙසට මුහුණ ලා අශ්ව රථයේ සිටගෙන සිටියේය. ඔහුගේ තුවාලෙන් වැගිරුණු ලේ අශ්ව රථය පුරා ගලා ගියේය.+ සවස් වන විට ඔහු මිය ගියේය.+ 2 ලේකම් 18:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 යුද්ධය පවතින අතරතුර ඊශ්‍රායෙල්හි රජු පැළඳ සිටි ආයුධ කට්ටලයේ තිබූ හිදැසක් තුළින් ඊතලයක් ඇවිත් ඔහුට වැදුණේය.+ ඔහු ඊශ්‍රායෙල්හි රජු බව ඒ ඊතලය විද්ද තැනැත්තා දැන සිටියේ නැත. එවිට රජ ඔහුගේ අශ්ව රථය පදවමින් සිටි තැනැත්තාට මෙසේ කීවේය.+ “මට හොඳටම තුවාලයි.+ මාව යුධ බිමෙන් පිටතට ගෙන යන්න.”
31 ඒ අතරතුර සිරියාවේ රජ, තමන්ගේ අශ්ව රථ සේනා පාලනය කළ අධිපතීන් තිස්දෙදෙනාට+ මෙසේ අණ කර තිබිණ. “ඔවුන්ගේ සේනාවල සිටින ලොකු පොඩි කාගෙන්වත් මට වැඩක් නැහැ. ඔබ ඊශ්‍රායෙල්හි රජුව සොයාගෙන ඔහුට පහර දිය යුතුයි.”+
35 එදින යුද්ධය තව තවත් උග්‍ර වූ නිසා රජුව යුධ බිමෙන් ඉවතට ගෙන යෑමට නොහැකි විය. තම සේවකයන්ගේ උපකාරය ඇතුව ඔහු සිරියානු හමුදාව දෙසට මුහුණ ලා අශ්ව රථයේ සිටගෙන සිටියේය. ඔහුගේ තුවාලෙන් වැගිරුණු ලේ අශ්ව රථය පුරා ගලා ගියේය.+ සවස් වන විට ඔහු මිය ගියේය.+
33 යුද්ධය පවතින අතරතුර ඊශ්‍රායෙල්හි රජු පැළඳ සිටි ආයුධ කට්ටලයේ තිබූ හිදැසක් තුළින් ඊතලයක් ඇවිත් ඔහුට වැදුණේය.+ ඔහු ඊශ්‍රායෙල්හි රජු බව ඒ ඊතලය විද්ද තැනැත්තා දැන සිටියේ නැත. එවිට රජ ඔහුගේ අශ්ව රථය පදවමින් සිටි තැනැත්තාට මෙසේ කීවේය.+ “මට හොඳටම තුවාලයි.+ මාව යුධ බිමෙන් පිටතට ගෙන යන්න.”