ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළ ඇත.+

      පොළෝගැබෙහි පිහිටි මිනී වළ පවා එයින් දැවී යයි.+

      එයින් පොළොවද එහි පලදාවද පිලිස්සී යනු ඇත.+

      කඳුවල අත්තිවාරම්ද සුනුවිසුනු වී යයි.+

  • 2 ලේකම් 36:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+

  • යෙසායා 33:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 සියොන්හි වෙසෙන පව්කාරයෝ තැතිගෙන සිටිති.+ දෙවිව අත්හැර ගිය ද්‍රෝහියෝ භයෙන් වෙවුලමින්+ මෙසේ කියති. ‘දැවෙන ගින්නක් ළඟින් සිටිය හැක්කේ කාටද?+ බුරබුරා නඟින ගිනිදලු ළඟ බොහෝ වේලා නැවතී සිටිය හැක්කේ කාටද?’+

  • යෙරෙමියා 7:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එබැවින් මාගේ උදහස මේ ස්ථානය පිට වගුරුවන්නෙමි.+ එහි මිනිසුන්, සතුන්, ගස් කොළං+ සහ එහි පලදාව පිට මාගේ උදහස වගුරුවන්නෙමි. එය නිවා දැමීමට කිසිවෙකුට හැකි වන්නේ නැත.+ මේ දේ පවසන මා විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිය.

  • යෙරෙමියා 17:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “‘“නමුත් සබත් දවස ශුද්ධ දවසක් ලෙස සලකමින් එදින බර උසුලාගෙන යෙරුසලමේ දොරටුවලින් ඇතුල් නොවන්න කියා මා දුන් ආඥාවට ඔබ කීකරු නොවුණොත්+ යෙරුසලමේ දොරටු සියල්ල දැවී යන ලෙස මම ගින්නක් අවුළුවන්නෙමි.+ එහි බලකොටු සියල්ල ඒ ගින්නෙන් පිලිස්සී යනු ඇත.+ එය නිවා දැමීමට කිසිවෙකුටවත් නොහැකි වන්නේය.”’”+

  • එසකියෙල් 20:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 සියල්ලට ගිනි අවුළුවා ඇත්තේ යෙහෝවා දෙවි වන මා බව සියලුම මනුෂ්‍යයෝ දකිනවා ඇත. ඒ ගින්න නම් කිසි ලෙසකින්වත් නිවී යන්නේ නැත.”’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න