20 දාවිත් රජ තම පුත් සලමොන්ට තවදුරටත් මෙසේ කීවේය. “ධෛර්යවත් වී+ අවශ්‍ය පියවර ගන්න. කිසි දෙයකට භය වෙන්න එපා.+ මගේ දෙවි යෙහෝවා ඔබ සමඟයි.+ ඔහු ඔබව කෙදිනකවත් අත්හරින්නේ නැහැ.+ ඒ නිසා යෙහෝවා දෙවිගේ ගෘහයේ සියලුම වැඩකටයුතු නිම කරන්න ඔබට හැකි වන බව මට ස්ථිරයි.