ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 16:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔවුන් අතින් කිසිම ආකාරයක අසාධාරණයක් සිදු නොවිය යුතුයි.+ සියල්ලන්ටම එක හා සමානව සැලකිය යුතු+ ඔවුන් අල්ලස් ගැනීමෙන්ද වැළකී සිටිය යුතුයි. මන්ද හොඳ විනිශ්චයක් දෙන ඥානවන්තයෙකුව පවා අල්ලසක් දී නම්මවාගත හැකියි.+ එයින් ධර්මිෂ්ඨ කෙනෙකු වුණත් තමා දුන් තීන්දුව වෙනස් කරන්න පෙලඹිය හැකියි.

  • යෙසායා 1:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔබේ පාලකයෝ මුරණ්ඩුය. ඔවුන් මිතුරුකම් පවත්වන්නේ සොරුන් සමඟය.+ ඔවුහු අල්ලසට ආශා කරති.+ තෑග්ගක්+ ලබාගැනීමට බොහෝ සෙයින් වෙහෙසෙති. පියා නැති දරුවාට සාධාරණ විනිශ්චයක් නොදෙන ඔවුහු වැන්දඹුවගේ පැමිණිල්ලවත් ගණනකට ගන්නේ නැත.+

  • මීකා 7:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුහු නපුරු දේ කිරීමට දක්ෂයෝය.+ පාලකයෝ අල්ලස් ගනිති. විනිශ්චයකරුවන් තීන්දු දෙන්නේ තමන්ට ලැබෙන මුදලට අනුවය.+ බලවන්තයෝ තම සිතේ ආශාව පැවසූ පමණින් එය ඉටු කරගනිති.+ ඒ සියල්ලෝ එක්ව කුමන්ත්‍රණය කරති.

  • තීතස් 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මන්ද දෙවිගේ සේවකයෙකු*+ ලෙස සභාව රැකබලා ගන්නා කෙනෙකු චෝදනාවලින් නිදහස් කෙනෙකු විය යුතුයි.+ ඔහු හිතුමතේට කටයුතු නොකරන,+ ඉක්මනින් කෝප නොවන,+ බීමත් වී දබරවලට පැටලෙන්නේ නැති,+ ගහගන්නෙකු නොවන,+ අයුතු ලෙස ලාභ ලබාගැනීමට කෑදරකමින් කටයුතු නොකරන කෙනෙකු+ විය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න