ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 7:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ මිය ගොස්+ ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ+ පසු ඔබේ පෙළපතින් පැමිණෙන ඔබේ පුත්‍රයෙකුට මම ඔබේ රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන්නෙමි.+

  • 1 රාජාවලිය 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ‘ඔබේ පුත්‍රයන්+ විශ්වාසවන්තව+ මා දෙන මඟ පෙන්වීම් පිළිපදිමින්+ ඔවුන්ගේ මුළු ජීවිතයම මට කැප කර, මුළු හදවතින්ම+ මට සේවය කළොත් ඊශ්‍රායෙල්හි රජකම හැමදාමත් ඔබේ පෙළපතට හිමි වෙයි’+ කියා යෙහෝවා දෙවි මට පොරොන්දු වුණා. ඔහු එම පොරොන්දුව එලෙසම ඉටු කරයි.+

  • 1 රාජාවලිය 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මම ඔබේ රාජකීය පෙළපත ස්ථිර කරන්නෙමි. ඊශ්‍රායෙල් කෙරෙහි ඔබේ රාජ්‍යය සදාකාලයටම පවතිනු ඇත. ‘ඊශ්‍රායෙල්හි රජකම කවදාවත් ඔබේ පෙළපතින් පිට කෙනෙකු අතට පත් නොවන්නේය’ කියා ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ දේ මම එලෙසම ඉටු කරන්නෙමි.+

  • 2 ලේකම් 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා, ඊශ්‍රායෙල්හි දෙවියනි, ඔබේ සේවකයා වන මගේ පියා වූ දාවිත්ට ඔබ මෙසේ පොරොන්දු වුණා. ‘ඔබ මට විශ්වාසවන්තව සේවය කළාක් මෙන්+ ඔබේ පුත්‍රයන්ද+ මාගේ නීතිවලට කීකරු වෙමින් මට විශ්වාසවන්තව සේවය කළොත්+ ඊශ්‍රායෙල්හි රජකම කවදාවත් ඔබේ පෙළපතින් පිට කෙනෙකු අතට පත් නොවේ.’+ ඔබ දුන් ඒ පොරොන්දුව එලෙසම ඉටු කරන්න.

  • 2 ලේකම් 7:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මම ඔබේ රාජකීය පෙළපත ස්ථිර කරන්නෙමි.+ ‘කිසි දිනක ඊශ්‍රායෙල්හි රජකම ඔබේ පෙළපතින් පිට කෙනෙකු අතට නොයනු ඇත’+ කියා ඔබේ පියා වූ දාවිත්ට මම පොරොන්දු වූ දේ එලෙසම ඉටු කරන්නෙමි.+

  • 2 ලේකම් 21:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එහෙත් දෙවි දාවිත් සමඟ ඇති කරගත් ගිවිසුම නිසා+ දාවිත්ගේ පෙළපත නැති කර දැමීමට දෙවි කැමති වූයේ නැත.+ එම ගිවිසුමට අනුව දාවිත්ගෙන් පැවතෙන්නෙක් සදහටම එහි පාලනය කරන බවට* දාවිත්ටත්+ ඔහුගේ පුත්‍රයන්ටත් යෙහෝවා දෙවි පොරොන්දු වී තිබිණ.+

  • ගීතාවලිය 89:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මම ඔහුගේ පෙළපත කිසිදා නැති නොවන ලෙස ස්ථිරව පිහිටුවන්නෙමි.+

      අහස පවතින තාක් කල් ඔහුගේ සිංහාසනය පවතින්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න