ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 පර්සියාවේ රජු වූ සයිරස්*+ පාලනය කළ පළමුවන අවුරුද්දේදී, යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා දෙවි පැවසූ වචන+ ඉටු කරන පිණිස යෙහෝවා දෙවි සයිරස් රජුගේ සිත පෙලඹුවේය.+ ඒ නිසා සයිරස් රජ තම රාජධානිය පුරා ප්‍රකාශයක් පතළ කිරීමට+ පියවර ගත්තේය. ලිඛිතව+ දැනුම් දෙන ලද එම ප්‍රකාශයේ මෙසේ සඳහන් විය.

  • යෙසායා 41:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “මම බලවන්තයෙකුව කැඳෙව්වෙමි. නැඟෙනහිර දිශාවේ+ සිටින ඔහු මාගේ නාමයට අයැදින්නේය. උතුරු දෙසින් පැමිණෙන ඔහු,+ කුඹල්කරුවෙකු අමු මැටි පිඩක් පාගන්නාක් මෙන් පාලකයන්ව පාගා දමන්නේය.+

  • යෙසායා 45:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 යෙහෝවා දෙවි තම අභිෂේක ලත් තැනැත්තා+ වන සයිරස්ගේ දකුණතින් අල්ලාගෙන+ ජාතීන්ව ඔහුට යටත් කර දුන්නේය.+ දෙවි රජවරුන්ගේ තුනටියට පහර දී ඔවුන්ගේ බලය නැති කර දැමුවේය. නුවර දොරටු* පවා ඔහුට විවෘත කර දුන්නේය. දෙවි ඔහුට මෙසේ පැවසුවේය.

  • යෙසායා 46:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මාගේ අරමුණ ඉටු කිරීම සඳහා+ මම නැඟෙනහිර දෙසින් ගිජු පක්ෂියෙකු+ වැනි මනුෂ්‍යයෙකුට හඬගසන්නෙමි. ඔහු ඈත එපිට තිබෙන දේශයකින් පැමිණෙන්නේය. මා කියූ දේ මම ඒ අයුරින්ම ඉටු කරන්නෙමි.+ මම අරමුණු කළ ලෙසම කරමි.+

  • දානියෙල් 10:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 පර්සියාවේ රජු වන සයිරස් පාලනය කළ තුන්වන අවුරුද්දේදී+ බෙල්ටෂසර්+ ලෙස හැඳින්වූ දානියෙල්ට යම් කාරණයක් හෙළි කරන ලදි. හෙළි කරන ලද දේ සත්‍යයකි. එය මහා යුද්ධයක් ගැනය.+ දර්ශනය හා හෙළි කරන ලද කාරණා දානියෙල් හොඳින් තේරුම්ගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න