යෙසායා 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු බොහෝ ජාතීන් අතරේ තමාගේ තීන්දු ප්‍රකාශ කරන්නේය.+ ඔහු බොහෝ ජනයන්ගේ+ ගැටලු විසඳා ඔවුන්ව නිවැරදි කරන්නේය.+ ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය.+ ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.+ යෙසායා 35:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහි සිංහයන්වද දරුණු වනසතුන්වද හමු වන්නේ නැත.+ එහි ගමන් කරන්නේ මුදවාගනු ලැබූ අය පමණි.+ යෙසායා 60:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඔබේ දේශ සීමා තුළ බලහත්කාරකම්, කොල්ල කෑම් හා විපත් යළි කෙදිනකවත් සිදු වන්නේ නැත.+ ඔබේ පවුරු, ගැලවීම+ යන නමින්ද ඔබේ දොරටු, ප්‍රශංසාව යන නමින්ද හඳුන්වනු ලබයි. මීකා 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත.+ කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.+ මේ සෑම දෙයක්ම පොරොන්දු වී ඇත්තේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.+ එෆීස 4:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එසේනම් දැන් ඔබ අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු විය යුතුයි.+
4 ඔහු බොහෝ ජාතීන් අතරේ තමාගේ තීන්දු ප්‍රකාශ කරන්නේය.+ ඔහු බොහෝ ජනයන්ගේ+ ගැටලු විසඳා ඔවුන්ව නිවැරදි කරන්නේය.+ ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය.+ ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.+
18 “ඔබේ දේශ සීමා තුළ බලහත්කාරකම්, කොල්ල කෑම් හා විපත් යළි කෙදිනකවත් සිදු වන්නේ නැත.+ ඔබේ පවුරු, ගැලවීම+ යන නමින්ද ඔබේ දොරටු, ප්‍රශංසාව යන නමින්ද හඳුන්වනු ලබයි.
4 ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත.+ කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.+ මේ සෑම දෙයක්ම පොරොන්දු වී ඇත්තේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.+