යෙසායා 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “මම ඔවුන්ට විරුද්ධව සටන් කරන්නෙමි”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය. “බැබිලෝනිවරුන්ගෙන් කිසිවෙක් බේරී ජීවත් වන්නේ නැත.+ ඔවුන්ගේ දරු මුනුපුරන්වත් බැබිලෝනිය යන නාමයවත් මම ඉතුරු නොකරන්නෙමි”+ කියාද යෙහෝවා දෙවි පවසන්නේය. යෙරෙමියා 50:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බැබිලෝනියට පහර දීමට උතුරු දෙසින් ජාතියක් පැමිණ ඇත.+ ඒ ජාතිය සියල්ලන්ව පුදුමයට පත් කරවමින් බැබිලෝනිය සම්පූර්ණයෙන්ම පාළු කර දමන්නේය.+ බැබිලෝනියේ වැසියෝද ඔවුන්ගේ සත්තුද දේශය අත්හැර පලා ගොස් ඇත.+ ඔවුන්ගෙන් කිසිවෙක් එහි නැත.”+ යෙරෙමියා 50:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවිගේ උදහස ඇය පිටට පැමිණි නිසා ඇයට නැවත කිසිදාක ජනාවාස වූ නගරයක් බවට පත් වීමට නොහැකි වනු ඇත.+ මුළු නගරයම නටබුන් බවට පත් වන්නේය.+ බැබිලෝනිය පසු කර යන සියලුදෙනා ඇයට සිදු වූ මේ මහත් විපත දෙස දෑස් අයා බලා සිටිනු ඇත. පීඩා නිසා ඇද වැටුණු ඇයට ඔවුහු සරදම් කරන්නෝය.+ යෙරෙමියා 51:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සියලුදෙනා පුදුමයට පත් කරමින් බැබිලෝනිය කිසි මිනිසෙකු වාසය නොකරන පාළු ස්ථානයක් බවට පත් කිරීමට යෙහෝවා දෙවි තීරණය කර ඇත.+ එබැවින් පොළොව දෙදරුම් කන්නේය. මහත් සේ වේදනාවට පත් වන්නේය.+ එළිදරව් 18:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එවිට බලවත් දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක්+ හා සමාන ගලක් ගෙන එය මුහුදට හෙළමින්+ මෙසේ කීවේය. “මෙම ගල මුහුදේ ගිලී සැණින් නොපෙනී යන්නා සේ බැබිලෝනිය නමැති මහ නුවර සැණින් බිම හෙළනු ලබන්නේය. කිසිවෙකුට ඇයව නැවත සොයාගත නොහැකි වේ.+
22 “මම ඔවුන්ට විරුද්ධව සටන් කරන්නෙමි”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය. “බැබිලෝනිවරුන්ගෙන් කිසිවෙක් බේරී ජීවත් වන්නේ නැත.+ ඔවුන්ගේ දරු මුනුපුරන්වත් බැබිලෝනිය යන නාමයවත් මම ඉතුරු නොකරන්නෙමි”+ කියාද යෙහෝවා දෙවි පවසන්නේය.
3 බැබිලෝනියට පහර දීමට උතුරු දෙසින් ජාතියක් පැමිණ ඇත.+ ඒ ජාතිය සියල්ලන්ව පුදුමයට පත් කරවමින් බැබිලෝනිය සම්පූර්ණයෙන්ම පාළු කර දමන්නේය.+ බැබිලෝනියේ වැසියෝද ඔවුන්ගේ සත්තුද දේශය අත්හැර පලා ගොස් ඇත.+ ඔවුන්ගෙන් කිසිවෙක් එහි නැත.”+
13 යෙහෝවා දෙවිගේ උදහස ඇය පිටට පැමිණි නිසා ඇයට නැවත කිසිදාක ජනාවාස වූ නගරයක් බවට පත් වීමට නොහැකි වනු ඇත.+ මුළු නගරයම නටබුන් බවට පත් වන්නේය.+ බැබිලෝනිය පසු කර යන සියලුදෙනා ඇයට සිදු වූ මේ මහත් විපත දෙස දෑස් අයා බලා සිටිනු ඇත. පීඩා නිසා ඇද වැටුණු ඇයට ඔවුහු සරදම් කරන්නෝය.+
29 සියලුදෙනා පුදුමයට පත් කරමින් බැබිලෝනිය කිසි මිනිසෙකු වාසය නොකරන පාළු ස්ථානයක් බවට පත් කිරීමට යෙහෝවා දෙවි තීරණය කර ඇත.+ එබැවින් පොළොව දෙදරුම් කන්නේය. මහත් සේ වේදනාවට පත් වන්නේය.+
21 එවිට බලවත් දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක්+ හා සමාන ගලක් ගෙන එය මුහුදට හෙළමින්+ මෙසේ කීවේය. “මෙම ගල මුහුදේ ගිලී සැණින් නොපෙනී යන්නා සේ බැබිලෝනිය නමැති මහ නුවර සැණින් බිම හෙළනු ලබන්නේය. කිසිවෙකුට ඇයව නැවත සොයාගත නොහැකි වේ.+