ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 8:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 “ඔබට විරුද්ධව දිගටම පව් කිරීම නිසා+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් තම සතුරන් අතින් පරාජයට පත් විය හැකියි.+ නමුත් ඔවුන් නැවතත් ඔබ වෙතට හැරී+ මේ ගෘහයේදී+ ඔබේ නාමයට ප්‍රශංසා කරමින්+ ඔබේ කරුණාව අයැදිමින් ඔබට යාච්ඤා කළොත්+

  • යෙරෙමියා 7:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “ඔබේ ගතිපැවතුම්ද හැසිරීම් රටාවද වෙනස් කරගන්න. එවිට මම ඔබට මේ දේශයේ දිගටම ජීවත් වීමට ඉඩහරින්නෙමි.+

  • එසකියෙල් 18:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “‘දුෂ්ටයෙක් තමා කළ සියලු පාප ගැන පසුතැවී+ මාගේ සියලු අණපනත් රකිමින් යුක්තියෙන් හා ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරන්න පටන්ගන්නේ නම්+ ඔහු අනිවාර්යයෙන්ම ජීවත් වන්නේය. ඔහු මිය යන්නේ නැත.+

  • එසකියෙල් 33:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කියයි. “ජීවමාන දෙවි වන මම සහතිකවම මෙසේ පවසන්නෙමි. දුෂ්ටයෙකු වැරදි මාර්ගයෙන් හැරී+ දිගටම ජීවත් වෙනවාට මිස+ ඔහු මිය යනවාට මම කිසිසේත් කැමති නැත.+ අනේ ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ කරන නපුරු දේවල් අත්හැර දමන්න.+ ඔබ නිකරුණේ මිය යා යුත්තේ මන්ද?”’+

  • යෝනා 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එය ඇසූ විට නිනිවයේ වැසියෝ දෙවි කෙරෙහි විශ්වාසය තබන්න පටන්ගත්තෝය.+ නුවරේ සියලු වැසියන් නිරාහාරව සිටිය යුතුයි කියා නියෝගයක්ද පනවන ලදි. උස් පහත් භේදයකින් තොරව සියලුදෙනාම ගෝණි රෙදි ඇඳගෙන නිරාහාරව සිටියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න