ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 11:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ධර්මිෂ්ඨයන්ගේ යහපත්කම නිසා නුවරේ වැසියෝ ප්‍රීතියට පත් වෙති.+ දුෂ්ටයා විනාශ වන විටත් ඔවුහු ප්‍රීති ඝෝෂා නඟති.+

  • යෙසායා 44:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “ස්වර්ගයේ වැසියෙනි, ප්‍රීති ඝෝෂා නඟන්න!+ මන්ද යෙහෝවා දෙවි පියවර ගෙන ඇත.+ පහත් බිම්වල වැසියෙනි,+ ජය ඝෝෂා නඟන්න!+ කඳුද+ වනාන්තරද සියලු ගස්ද ප්‍රීති වේවා! මන්ද යෙහෝවා දෙවි යාකොබ්ව මුදවාගෙන ඇත. ඊශ්‍රායෙල් සෙනඟ ලවා ඔහුගේ අලංකාරය සියල්ලන්ට දකින්න සලස්වයි.”+

  • යෙසායා 48:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ජනයෙනි, බැබිලෝනියේ තවත් රැඳී නොසිටින්න!+ කල්දිවරුන්ගේ දේශයෙන් පලා දුවන්න!+ ප්‍රීති ඝෝෂා නඟමින් පොළොවේ සතර දිශාවටම+ මේ දේ දන්වන්න.+ “යෙහෝවා දෙවි තම සේවකයා වන යාකොබ්ව ගලවාගත්තේය.+

  • යෙසායා 49:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ස්වර්ගයේ වැසියෙනි, ප්‍රීති ඝෝෂා නඟන්න!+ පොළොවේ වැසියෙනි, සතුටින් ගී ගයන්න!+ කඳුද ප්‍රීතියෙන් ඉපිල යනු ලැබේවා!+ මන්ද යෙහෝවා දෙවි තම සෙනඟව සැනසුවේය.+ පීඩා වින්ද තම සෙනඟට ඔහු අනුකම්පා කළේය.+

  • එළිදරව් 18:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “ස්වර්ගයෙහි සිටින සියල්ලෙනි,+ සියලු ශුද්ධ තැනැත්තෙනි,+ නියෝජිතයෙනි,*+ අනාගතවක්තෘවරුනි, ඇයට සිදු වූ දේ ගැන ප්‍රීති වන්න. මන්ද දෙවි ඇයව විනිශ්චය කර ඇය ඔබට කළ සියල්ල සඳහා ඇයට දඬුවම් දී ඇත.”+

  • එළිදරව් 19:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මන්ද ඔහු විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨව විනිශ්චය කරයි.+ තම වේශ්‍යාකමින්* මුළු මහත් පොළොවම දූෂණය කළ මහා වේශ්‍යාවට නියම කළ විනිශ්චය ඔහු ක්‍රියාත්මක කර ඇත. එලෙසම ඔහුගේ දාසයන්ගේ ලේවලට වග කිව යුතු ඇයට විරුද්ධව ඔහු යුක්තිය ඉටු කර ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න