ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 30:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එවිට යෙහෝවා දෙවි ඔබට දයාව පෙන්වයි.+ යෙහෝවා දෙවි ඔබ විසිරී සිටින සෑම ජාතියක් අතරින්ම ඔබව එකතු කර,+ වහල්කමින් නිදහස් කරයි.+

  • යෙසායා 43:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “භය නොවන්න. මම ඔබ සමඟ සිටිමි.+ නැඟෙනහිර දෙසින්ද බස්නාහිර දෙසින්ද මම ඔබේ දරුවන්ව එකතු කර එක තැනකට ගෙනෙන්නෙමි.+

  • යෙරෙමියා 23:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “ඉතුරු වී සිටින මාගේ බැටළුවන්ව එනම්, විවිධ දේශවලට මා විසුරුවාහැරිය අයව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ව ඒ දේශවලින් පිටතට ගෙනැවිත් නැවත ඔවුන්ගේම තණබිමට රැගෙන එන්නෙමි.+ ඔවුහු ගණනින් වැඩි වී සමෘද්ධිමත් ජාතියක් බවට පත් වන්නෝය.+

  • එසකියෙල් 34:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 විවිධ ජාතීන් හා දේශයන් අතරේ විසිර සිටින උන්ව මම නැවතත් තමන්ගේම දේශයට+ ගෙනෙන්නෙමි.+ ඉන්පසු මම උන්ව ඊශ්‍රායෙල් දේශයේ කඳුවලද දිය පහරවල් අසලද වාසයට සුදුසු සියලුම ස්ථානවලද පෝෂණය කරන්නෙමි.+

  • එසකියෙල් 37:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “විවිධ ජාතීන් අතර විසිර ගොස් සිටින ඊශ්‍රායෙල් සෙනඟව මම රැස් කර තමන්ගේම දේශයට ගෙනෙන්නෙමි.+

  • හොෂෙයා 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යූදා හා ඊශ්‍රායෙල් එක සෙනඟක් මෙන් එක් රැස් කරනු ඇත.+ ඔවුහු එක නායකයෙකු පත් කරගෙන තමන්ගේ දේශයට නැවත හැරී යන්නෝය.+ ඒ කාලයේදී යෙෂ්‍රෙයෙල් නගරයට ඉතා යහපත් කාලයක් උදා වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න